IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ගිරිබාවේ දරුවන්ගේ සිහිනය සැබෑ වේ - ලංකාදීප පුවතින් මව ගෙදරට

(කාංචන කුමාර ආරියදාස,යොහාන් භාසුර සහ ටි.කේ.ජි.කපිල)

මව විදේශ ගතවීම සහ පියා සිරගත වීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පහළ ගිරිබාව කැලෑබද ප්‍රදේශයක කටුමැටි ගැසූ නිවසක අසරණව සිටින දරුවන් තිදෙනාගේ මව අද අලුයම දිවයිනට පැමිණියාය.

ලංකාදීප පුවත්පතේ සහ ලංකාදීප වෙබ් අඩවියේ මෙම පුවත පළවීමෙන් පසු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වී මව මෙරටට ගෙන්වා ගැනීමට ගටයුතු කළේය.   පැවසීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ මැදිහත් වීමෙන් කුවේට් තානපතිවරයා සහ එහි උසස් නිලධාරීන් සෘජුව මැදිහත්ව කඩිනමින්  කුවේට්හී සිටි අදාළ කාන්තාව  වහාම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළේය.

මෙහිදී එරට රැකියා ඒජන්සි කරුද මෙම කාන්තාව මෙරටට පිටත් කිරීමට උපරිනම කටයුතු කර ඇත. ඒ සඳහා ඔවුන් රුපියල් ලක්ෂ 9,00.000 ආසන් මුදලක් වැය කර ඇතැයි කියැවේ. ඔවුන් මෙම දරුවන් අවශ්‍ය ටොපි චොකලට්වර්ගය ලබා දී ඇතැයි එම ඒජන්සි ආරංචි මාර්ග කියයි.

එම කාන්තාව මීට පෙර ඕමානයේ රැකියාවකට ගොස් ද සැමියාගේ ඉල්ලීම මත විදේශ සේවා නියුක්ති කාර්යාංශය සේවා කාලය අවසන් වීමට පෙර මෙරටට ගෙන්වා ඇති බවත් එම කාර්යාංශය සඳහන් කළේය.

ඇය අද සවස 4.00 පමණ සිය දරුවන් සිටින නිවෙසට පැමිණියාය.

ඡායාරූප කාංචන කුමාර ආරියදාස

 

ඡායාරුප ටි.කේ.ජි. කපිල 

 



අදහස් (27)

ගිරිබාවේ දරුවන්ගේ සිහිනය සැබෑ වේ - ලංකාදීප පුවතින් මව ගෙදරට

කිරිපුතා Sunday, 10 September 2023 09:37 AM

අම්මලා බොරුවට නෙ රට රට වල කුළිී වැඩට යන්නෙ. ඒක රටටත් හොඳ නෑ. එයාල ටත් හොඳ නෑ. ලංකාවෙ රැකියාවල් තියෙනවනෙ. දරුවනුත් බලාගෙන පරිස්සමෙන් රැකියාවක් කරගෙන ඉන්න බැරි කමක් නෑ.

:       13       4

සල්ලි Sunday, 10 September 2023 09:38 AM

මව විදේශ ගත වූ පවුලක පියා සිරගත කිරීම ???

:       2       1

Prase Sunday, 10 September 2023 09:56 AM

මෙයාලගේ පාස්පෝර්ට් බ්ලොක් කරන්න ඕනෑ. නැත්තම් ආයෙත් ළමයි කාටහරි දීලා හොරෙන් රට යන්න පුළුවන්. මේවගේ අය ගිහින් වැඩකරන්න බැරි වුණාම ගෙන්න ගන්න කියලා රජයට චෝදනා කරනවා. ජනතාවගේ බදුමුදල් විනාශ කරන එක කරන්න. අඩිඩාස් සපත්තු දෙකක් දාගෙන එන්න ...

:       9       6

Gayani thilakarathna Sunday, 10 September 2023 12:07 PM

ඇනෙ හොඩයි. පින් සිද්ද වෙනව මෙ කටයුත්තට මුල පිරුව සියලුම දෙනාට. කන්න නැතත් දැන් ලමයින්ට අම්ම ඉන්නවනෙ ලග.

:       0       4

sujeewar Sunday, 10 September 2023 01:38 PM

වඩාත් නිවැරැදිම විසඳුම මෙයද...? දරුවන්ට පෝෂණය කරමින් අධ්‍යාපනය ලබාදීම සඳහා ඇය අනාගතයේ දිනක කුමක් කළයුතුද? රටට විදේශ විනිමය උපයන අයකු බැවින් වඩාත් සුදුසුම විසඳුම යැයි නොසිතමි. අනාගතයේ දිනක ඇයටත්, දරුවන්ටත් කුමක් සිදුවිය හැකිද?

:       3       9

Ruwan rodrigo Sunday, 10 September 2023 01:44 PM

අමාත්‍යවරයා, තානාපති අංශ, විදේශ රැකියා නියුක්ති කාර්‍යාංශය, මෙම ඛේදවාචකය අනාවරණය කල මාධ්‍යවේදීන් ඇතුලු සහහෝගය දැක්වූ සියලුම දෙනාට හද පිරි ප්‍රණාමය! මින් පසු මෙම පවුලට රැකවරණය සහ දරුවන් තිදෙනාගේ පාසැල් ගමන සහ අනාගතය සුරක්ෂිත කිරීම මනුශ්‍යත්වයේ නාමයෙන් සියලු දෙනාගේ යුතුකමකි.

:       1       7

ගැමුණු Sunday, 10 September 2023 02:28 PM

රුපියල් ලක්ෂ 9,00.000..? යකෝ මෙච්චර මුදලක් යනවාද..?

:       2       5

චාන්දනී Monday, 11 September 2023 05:28 PM

ලොකුම වියදමක් යන්නේ ගුවන් ටිකට් සඳහා වුණත් ගිවිසුමක් ඇතිව ගියාම ඒක අවලංගු කරන්න මුදල් වැයවෙනවද දන්නේ නැහැ.. ටොෆි සඳහා ලොකු මුදලක් යන්න නැහැ. කොහොම වුණත් ලංකාවේ ක්‍රමයට පරිපාලන වියදම් කොහොම වියදම් කළාද කියලා දන්නෙත් නැහැ...

:       1       0

මැක්ස් Sunday, 10 September 2023 05:51 PM

ලංකාදීපයටත්, මෙම මාතාව සහ ඇගේ දරුවන් නැවත එක් කිරීමට කරඋර දුන් සැමට බොහෝමත්ම පින්...!

:       0       5

Shantha - Qatar Sunday, 10 September 2023 05:52 PM

මේකට මේ තරම් ලොකු ප්‍රසිද්ධියක් දෙන්න එපා. මේ දරුවෝ අසරණයි. පියා සිරගතවීම කියන්නේ වීර ක්‍රියාවක් නෙවෙයි. විදේශ සේවා නියුක්ති කාර්යංශය බොරදියේ මාළු බාගන්නවා. කිසිම වැඩකට නැති කාර්යාංශයක් ඒක. රට ඉන්න අපි ඒ ගැන හොඳට දන්නවා.

:       0       18

චාන්දනී Sunday, 10 September 2023 06:02 PM

දරුවන්ගේ අවශ්‍යතාව ඉෂ්ඨවීම ගැන ඉතාම සතුටුයි. ඒ සමගම මේ දරුවන්ගේ මවට දැන් දරුවෝ නඩත්තු කිරීමට හා ඔවුන්ට හිසට සෙවනක් ඕනෑවෙනවා. ලංකාදීප මැදිහත්වෙලා හෝ එයට සැලසුම් කළොත් ජනතාව උදව් කරාවි ඔවුන්ගේ අනාගතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා..!

:       0       7

sunitha Sunday, 10 September 2023 06:05 PM

කිසිම ගොං පාටක් නැහැ. ඇයි ගෙවල්වල වැඩ කරන්නේ. ශක්තිමත් පවුලක්. මුඩු ඉඩම් අක්කර 2 හෝ 5ක් දෙන්න. ඩොලර් හම්බ කරාවි. අස්සේ ඉන්න පොඩි දරුවා දැක්කම හිත උණුවෙනවා.

:       1       11

අප්පුහාමි Monday, 11 September 2023 07:15 PM

සුනීතා හෝ සුනීත කියනදේ ලංකාවේ ඔල මොට්ටල දේශපාලුවන්ට තේරුම් ගන්න බැහැ. ඔවුන් පාලනය සඳහා තෝරාගන්නා මුග්ධයින්ට කොහොමත් තේරුම් ගන්න බැහැ. ඇත්තටම රටේ සංවර්ධනය වෙනුවෙන් ඒ කාලයේ හිටපු ජනාධිපති 1992 දී උප දිසාපති කාර්‍යාල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල තත්වයට පත්කළා... ඒත් සමහරක් ඒවායේ ඉන්න ඉහළම නිලධාරින් තමන්ගේ කාර්‍යාලය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය කළේ කවදාද කියලා දන්නේ නැහැ කියලා හිතෙනවා.. මගේ අදහස බොරුනම් තොරතුරු දැනගැනීම යටතේ ඉල්ලීම කර බලන්න ඉතින්.... කියන්න ආපු දේ වෙනස්වුණා ඇත්තටම 1992 ඒ කාර්‍යාල පිහිටුවා බලාපොරොත්තු වුණේ ඒ කොට්ඨාශයේ ගැටළු විසඳීමට හා සංවර්ධනය වේගවත් කිරීම සඳහා තමයි දැනට අවුරුදු 31ක් ගතවුණත් ප්‍රශ්න එතැනම තමයි කියලා පේනවා. නැත්නම් මෙහෙම දේවල් වෙන්නේ කොහොමද?

:       0       0

ajith Sunday, 10 September 2023 07:23 PM

විදෙස්ගත මව හෝ පියා සිටිනා මෙවැනි ගැටළු පවතින බොහු පවුල් ලංකාවේ ඇත....

:       0       5

C.K.Lankaputhra Sunday, 10 September 2023 08:00 PM

උදව් කරාට කමක් නැහැ. හැබැයි වැඩි සෙනෙහෙ නම් ඕනෑම නෑ. දන්නවනේ. නංගියේ පරෙස්සන් වෙයන්...

:       0       9

නීසංසලාමාරී Sunday, 10 September 2023 08:37 PM

ගොඩක් සතුටුයි, ඒ අසරණ අම්මාට කරපු උදව්වට ඵ් වගේ ඵයලාට කවුරුහරි සල්ලි තියෙන කෙනෙක් ඉදිරිපත් වෙලා ගේ ටිකක් හදලා දෙනවා.. තවත් සතුටුයි. උදව් කරපු ඔක්කෝටම ස්තුතියි...

:       0       6

SL Sunday, 10 September 2023 10:18 PM

පාලකයා හදන්නේ රටේම මිනිස්සු පිටරට පටවලා ඩොලර් ගෙන්න ගන්න... නොදකින්, BOI කියලා එකක් තියෙනවා. ඇමැතිලා රොත්තක් ඉන්නවා. ඔවුන් කරන්නේ රටට ආයෝජනය කරන්න එන ව්‍යාපාරිකයින් එලවන විදියට පගා ඉල්ලන එකයි. වැඩේ අල කරන්න මාස ගණන් කල් මරණ එකයි. මම ඉන්න රටේ ආයෝජකයෙක් ආවොත් කොහොම හරි පහසුකම් ටික දීලා, රට තුළ ව්‍යාපාරය, නිෂ්පාදනය කරන්න ඉඩහදලා දෙනවා. කෝපරේට් ටැක්ස් අඩුකරලා ව්‍යාපාරිකයෝ ගෙන්වා ගන්නවා. ලංකාවේ ඔක්කෝම අනික් පැත්ත. එහෙම කරලා ලංකාවේ කෝටි ගණන් වියදම් කරලා අධ්‍යාපනය දීලා හදන මිනිස්සු රට පටවනවා. රට යන එක හොඳයි කියලා TV එකේ add ඒවත් දානවා... මේ 225 සහ BOI, පරිසර අධිකාරිය, ග්‍රාමසේවකලා ඇතුළු හැත්ත, බුරුත්ත කරන බලුවැඩ නිසා පවුල් විනාශ වෙනවා. දරුවන්ට අම්මා තාත්තා නැතිවෙනවා. ඉන්දියාවෙන්, වියට්නාමෙන්, අයර්ලන්තයෙන්, බංගලිදෙසේ, ඩුබායි වලින් ආයෝජකයෝ ගෙන්වන්නේ කොහොමද ඉගෙන ගනිල්ලා...

:       0       14

W.O.B.Fernando Sunday, 10 September 2023 11:31 PM

මේ වෙනුවෙන් දායකත්වය ලබාදුන් හමුදාවට ගොඩක් පින් කියලා තමයි කියන්නේ. ඒ දරු පැටවුන් වෙනුවෙන් දෙවි පිහිටයි.

:       2       1

කිරිපුතා Sunday, 10 September 2023 11:45 PM

පුවත් සැපයීමට එහා⁣ගිය කාර්යභාරයක් කළ ලංකාදීපයට තුති ලැබිය යතුයි. එම පවුලටද සතුටින් ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් උදාවේවායි..! පතමු.

:       0       7

සල්ලි Monday, 11 September 2023 07:20 AM

රටට ඩොලර් එවූ කාන්තාවකගේ නිවස. ස්වාමියා හිරගෙදර. ළමයි මහමහ. රටට ඩොලර් සතයක් එවුවේ නැති උන් කොලබ ලොකු ගෙවල් වල සැප වාහන වල. වරද ජනතාවගේද?

:       4       25

සංඛ Monday, 11 September 2023 08:45 AM

මනුෂ්‍යයින්ගේ පෞද්ගලිකත්වය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැත්තේ ඇයි?

:       1       34

අරවින්ද මොනරවිල Monday, 11 September 2023 10:52 AM

දැන් සියල්ල විසදිලාද.?

:       0       14

janahitha UAEMonday, 11 September 2023 01:56 PM

විසඳුම් ඔබ අතේය. එය ඔබට කළ හැකිය. ජනතාව දුගී දුප්පත් නම් කළවුන් පිටු දැකිය යුතුය.

:       0       3

චන්දිම Monday, 11 September 2023 11:45 AM

සිහිනය බාගේට හරි සැබෑ වෙන්න නම් මේ පවුලට ගෙයක් දොරක් දරුවන්ට කන්න බොන්න ඉගෙනගන්න ජීවත් වෙන්න ආදායමක් ලැබෙන්න ඕනි නේද? අවුරුදු ගණන් දියවන්නාවේ ඉහ, නිකට පැහෙන තට්ට පැදෙනකම්ම ලැගලා ඉන්න නාකි මහලු වෙච්චි හැත්තක් ඉන්නවා. තමන්ට විතරක් ඩියුටි ෆ්‍රී වාහන මහා මන්දිර හදා ගත්තු හොඳට තමන්ගේ දරු මුණුපුරන්ට සැප සම්පත් ලබා දීලා තවමත් යෙහෙන් වැජබෙන මේ අයට ඇත්තටම ලැජ්ජා නැද්ද රටේ දරු පරපුරට අත්වෙලා තියෙන මේ දුක්ඛිත විනාසේ ගැන..? ඔවුන් දැනටත් රටේ ඉතිරිවෙලා තියෙන සල්ලි ටිකත් විනාශ කරමින් රටරාජ්‍යවල විනෝද සවාරි ගහගෙන දැනටත් මහා ලොකුවට පාරම් බාන්නේ 2048 දී රට දියුණු කරනවා කියලා. ඔවුන් කිසිම ලැජ්ජාවක් නැතුව එනවා... නැගලා ඔවුන්‍ගේ බිඑම්ඩබ්ලිව් වලින් ආරක්ෂාවට පිරිවරාගෙන. අපේ රටේ මිනිස්සුන්ගේ දේශපාලන සාක්ෂරතාවය ඉතාම දුර්වල නිසයි. මේ දුක්ඛිත ඉරණමට ගොදුරු වෙන්නේ...

:       1       12

janahitha UAE Monday, 11 September 2023 01:45 PM

මේ අයට නිවසක් ලබාදෙමු...? මෙය ලාංකීය ජනතාවගේ කටුක ජීවිතවල එක් පැතිකඩක් පමණයි.

:       0       6

Sunimal Monday, 11 September 2023 03:46 PM

දැන් කන්න අඳින්න දෙන්නේ කවුද?

:       0       4

Muthu Kumara Monday, 11 September 2023 04:36 PM

පරිත්‍යාග කරන ඕනෑම අයෙක්, ව්‍යාපාරිකයෙක් හෝ නියෝජිතායතනයක් ඇයට සාමාන්‍ය නිවසක් තනා ගැනීමට අනුග්‍රහය දක්වන ලෙසත් ඇයගේ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය මූලික අවශ්‍යතා ලබාදීමට අවධානය යොමුකරන ලෙසත් ඉල්ලා සිටින බව ඉතා වැදගත් වේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 236 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 115 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 148 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 3054 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 889 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1128 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26042 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 292 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site