(අංජුල මහික වීරරත්න)
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ සදහා මේවන විට විශේෂ ව්‍යාපෘති සැලසුම් කර තිබෙන බවත් ඊට අදාළ නියමු ව්‍යාපෘති මාතලේ සහ ගාල්ල යන දිස්ත්‍රික්ක පදනම් කරගෙන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
මෙරට රජයේ ප්‍රධාන රෝහල් වල බාහිර රෝගී අංශ වල සහ සායන වල පවතින රෝගී තදබදය අඩු කිරීමට නම්, ග්‍රාමීය රෝහල් වලට අවශ්‍ය මානව හා භෞතික පහසුකම් ලබා දී එම රෝහල් ශක්තිමත් ලෙස සංවර්ධනය කළ යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වලයා සඳහන් කළේය.
මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාවට ද අවශ්‍ය පහසුකම් ලබා දී එම සේවාව තවතවත් විධිමත් ලෙස පවත්වාගෙන යා යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව අවධාරණය කරන ලද්දේ උතුරු මැද පළාතේ පොලොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි රෝහල් කිහිපයක සහ එම දිස්ත්‍රික්ක දෙකට අදාළ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වල පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම් වලින් අනතුරුව අදහස් දක්වමින් ය.
මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැලිකන්ද මූළික රෝහල, පොලොන්නරුව මහ රෝහල සහ චීන ශ්‍රීලංකා මිත්‍රත්ව වෘක්කවේද රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල යන රෝහල් වල පවතින මානව හා භෞතික සම්පත් වල අඩුපාඩු සොයා බලා විසදුම් ලබා දිය හැකි ගැටලු වලට විසදුම් ලබා දීමටද පියවර ගත්තේය.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි