IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘ග්‍රාම නිලධාරීන් ගැන නොබැලුවත් ප්‍රශ්නෙ ඔඩුදුවාවි‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳුවේ නැතොත් ඔවුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බව පවසා ඇතැයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත නොවීම, අනන්‍ය වැටුප් නොලැබීම මෙන්ම රාජකාරී සදහා අයුතු බලපෑම් එල්ලවීම ආදී ගැටලු ග්‍රාම නිලධාරීන්ට මතුව තිබෙන්නේ යැයිද පසුගිය දිනවල ඔවුන් රාජකාරී නිවාඩු සහ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ යැයිද දිසානායක මහතා කීය.

ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය පරිපාලන නියෝජිතයා වන ග්‍රාම නිලධාරී සේවය පැය අටකට සීමා වන්නේ නැතැයි ද ඔවුන්ගේ වෘත්තීය ගැටලු දිගු කාලයක් තිස්සේ විසඳී නැතැයි ද දිසානායක මහතා පැවසීය.

 



අදහස් (12)

‘ග්‍රාම නිලධාරීන් ගැන නොබැලුවත් ප්‍රශ්නෙ ඔඩුදුවාවි‘

de silva Wednesday, 22 May 2024 11:33 AM

අනුර නිකන් විකාර කතා කියවන්න එපා ග්‍රාම නිලධාරියෝ කොහේද දවසට පැය 8 වැඩ කරන්නේ? සුළු වැඩක් කරගන්න ගියත් මේ ගොල්ලන් පස්සේ දවස් ගණන් රස්තියාදු වෙන්න සිද්ධ වෙනවා.. පගාව දෙන්න සිද්ධ වෙනවා. මේ ගොල්ලන් කාර්යාලවල නැහැ. ෆීල්ඩ් එකේ යනවා කියලා පුද්ගලික වැඩවල යෙදිලා ඉන්නවා. රස්තියාදු වෙන ජනතාව ගැන කවුරුත් කතා නැහැ. මෙම නිලධාරීන්ගෙන් කාර්යක්ෂම සේවයක් ජනතාවට ලැබෙන්නේ නැහැ. පඩි වැඩි කරන්න අවශ්‍ය නැහැ. වැඩ වර්ජන කරන නිලධාරියෝ ඉවත් කරන්න.. ඕනෑ තරම් රජයේ සේවකයෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නිකන් ඉන්නවා. කරන්න වැඩක් නැතුව වැඩිපුර ඉන්න රජයේ සේවකයෝ අඩු කරගන්නේ හෝ ප්‍රතිවියුහගත කරගන්නේ නැතිව රටේ ආර්ථිකය ගොඩ ගන්න බැහැ. එහෙම වාතාවරණයකදී මේ ගොල්ලන්ට වැඩිපුර වැටුප් දීමනා ගෙවන්න... මුදල් ලබාගන්න ජනතාවට බදු පිට බදුගහන එක අනුමත කරන්න බැහැ. දැනටමත් ජනතාව විශාල ප්‍රමාණයක් ලංකාවේ ජීවත්වෙන්න බැරිව පිටරට වලට පවුල් පිටින් ගිහින්, රටේ සුළු පරිමාණ ව්‍යාපාර වලින් 50%ක පමණ වැහිලා...

:       5       36

අරවින්ද මොනරවිල Wednesday, 22 May 2024 01:53 PM

සිල්වා ඔයා දකින ග්‍රාම සේවක නිලධාරීන් ඇත්තේ රටේ අතලොස්සක් විතර වෙන්න ඇති. අපි දකින ග්‍රාම සේවක නිලධාරීන් කියන්නේ නම් ඉතා වැදගත් කාර්යභාරයක් කරන රැකියාවක්. ගංවතුර කාලයට (මේ දවස්වල) අවතැන් වූවන්ට නවාතැන් පහසුකම් සැලසීම, ආහාර පාන සැපයීම හා තවත් විවිධ සේවාවන් සැපයීම සඳහා දිවා රෑ මහන්සි වෙන, වෙනත් ආපදාවකදී වුවද මුල්තැන ගෙන වැඩ කරන... ඒ අතර තම එදිනෙදා රාජකාරි කටයුතු වලද යෙදෙන මැතිවරණ සහ ජාතික සංගණනය වැනි විශේෂිත රාජකාරි පවා කරන නිලධාරීන් පිරිසකි. ඇත්තටම ඔවුන් තම බල ප්‍රදේශයේ තුළ කරන කැපකිරීම අගය නොකිරීම පවා අමානුෂිකයි. අනික ඔවුන්ගේ ඉල්ලීම්ද සාධාරණයි. ඒවා ගැන හොයා නොබලා රාජ්‍ය සේවකයින්ට බැන වැදිමේ අශෝබන පුරුද්දක් අපේ රටේ බොහෝ අයට ඇත...

:       5       1

FrenciskoThursday, 23 May 2024 06:17 AM

අරවින්ද ග්‍රාම සේවකලා කියන්නෙ වැදගත් ආකාරයට දවසේ පැය 24 ම සේවයට කැපවී කටයුතු කල පිරිසක් කියලා කටපුරා කියන්න පුළුවන් ඒ අතරිනුත් දාහකට කෙනෙක් විතර එම තත්වය නොසලකා කටයුතු කලා ඒත් මෙසේ තිබුන වැදගත් කම 1987 වගේ කාලයේ වනවිට සිට විශේෂ සේවා නිළධාරින් හා මඩප්පුවො නැත්නම් වගා නිළධාරි ග්‍රාම සේවකලා කර තනතුරු නාමය ග්‍රාම නිළධාරි කලාට පස්සෙ තිබුන ගරුත්වය නැත්තටම නැතිවුණ 1994 පත්වූ රජය ග්‍රාම නිළධාරින්ගේ පවුලේ අයටත් දේශපාලන දේශපාලන අයිතිවාසිකම් දීලා පත්වීම් දීමේදී දේශපාලන හිතවතුන්ව පත්කිරීම කලනිසා 1994 න් පස්සෙ යන්තමින් හෝ තිබුන හොද නම කුජීතම වුනා අරවින්ද දැන් ඉන්නෙ ග්‍රාම සේවකලා නොවෙයි ග්‍රාම නිළධාරි නැත්නම් ගම්පතිලා තමයි බලන්නකො ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ඔවුන්ගේ කොටස ගම්පති පියස කියලා නම්කර නැද්ද කියලා

:       0       2

R.T. sarath Wednesday, 22 May 2024 11:42 AM

අනුර රටේ ජීවත්වන ජනතාවට සාපේක්ෂව රජයේ සේවකයින් ප්‍රමාණය ඉතා වැඩිබව සහ කාර්යක්ෂම රජයේ සේවයක් ජනතාවට නොලැබෙන බව කවුරුත් පිළිගත් කාරණයක් එහෙම තත්වයක් තුළදී මොවුන්ට වැටුප් දීමනා වැඩි කරන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයාගන්නේ ජනතාවට ගහන බදු වැඩි කරලද, එහෙම නැතිනම් රජය අලුතෙන් ණය අරගෙනද එහෙමත් නැතිනම් රජයේ දේපල විකුණලාද යන්න ගැන ඔබ රටට හෙළි කළ යුතුයි..

:       4       34

රනේWednesday, 22 May 2024 12:15 PM

සරත් අපි එහෙනම් මේවා පූජ්‍ය පක්ෂයටවත් බාර දෙමුද?

:       7       7

Chandadasa Wednesday, 22 May 2024 01:24 PM

මෙම ප්‍රකාශය අනුව වෙන්න ජනාධිපති කයියනායක මේ වර්ජනය මෙහෙයවනවා කියලා පේනවා නේද? රාජ්‍ය සේවයේ හිටපු කෙනෙක් හැටියට අපිට දකින්නට ලැබුණා සෑම මැතිවරණයක් ආසන්නයේ වැටුප් වැඩිකිරීමට කටයුතු කළා... මේ වනවිට ජනාධිපති කියලා තියෙනවා ජනවාරියේ සිට වැටුප් වැඩිකිරීම කරනවා කියලා... එතුමා කියන දේ කරපු කෙනෙක් කියලා කියන්න පුළුවන් වෙන්නේ 2015 ආණ්ඩුව ගනිද්දී 10000/= දෙනවා කිව්වා.. ඒක පහළම සේවකයාට ලැබෙද්දී ඉහළම නිලධාරි 25000/= ඉක්මවා වැටුප් ගත්තා. එහෙම වුණා කියලා රජයේ නිලධාරින් කිසිවෙක් 2019 රනිල්ට ඡන්දය දුන්නේ නැහැ.. (උදාහරණයක් හැටියට අසරණව සිටින රෝගීන් පීඩාවට පත්කිරීම) වර්ජන හරහා කරන්නේ මාලිමා නායකයෝ කියලා ඡන්ද දායකයින් තේරුම් අරගෙන ඡන්දය පාවිච්චි කරනවා නම් රටට සෙතක් වේවි...!

:       9       21

PGP Thilak Wednesday, 22 May 2024 02:22 PM

රට දියුණු කිරීම ගැන තියෙන අන්තිම බලාපොරොත්තුවත් වතුරේ...! මේ රටේ විනාශයට හේතුවන සේවයේ ඔරොත්තු නොදෙන බර තවත් වැඩි කරලා තුට්ටු දෙකේ ඡන්ද මංකොල්ල කෑමේ උපාය වහාම නවත්වපල්ලා! ග්‍රාම නිලධාරීන් ගැන කතාකරලා වැඩක් නෑ...! ඔවුන් ඉන්නේ ඇමරිකන්ස්ලා වගේ...!

:       1       20

R.T. Sarath Wednesday, 22 May 2024 02:53 PM

අනුර ජනතා බදු සල්ලිවලින් විශාල රජයේ සේවකයින් ප්‍රමාණයක් නඩත්තු කළත්, රජයේ ආයතන වලින් වැඩක් කරගන්න ගියාම රජයේ සේවකයින්ගේ නොසැලකිල්ල සහ අල්ලස් ගැනීම සඳහා සිතාමතාම කරන දේවල් නිසා ජනතාවට විශාල දුක් ගැහැටක් විඳින්න සිදුවෙනවා. එම ආයතන වල වෘත්තීය සමිතිවල උද්ගෝෂණ වැනි දේවල් වලට බොහෝවිට ඔබලාගේ අනුග්‍රහය සහ ආශීර්වාදය ලබනවා... ඒවා ජනතාව දන්නවා.. පසුගිය ඡන්ද වල JVP එක 3%-5% අතරේ සිටින්නට, මේකත් එක හේතුවක්, ඡන්ද අවශ්‍ය නම් ඔබලාට ජනතා කැමැත්ත අවශ්‍ය වෙනවා... කරුණාකර ජනතාවට කාර්යක්ෂම රජයේ සේවයක් දෙන සැලැස්මක් ඉදිරිපත් කරන්න..

:       1       8

de silva Wednesday, 22 May 2024 03:05 PM

අනුර කෙටියෙන් කියනවා නම් රජයේ සේවකයින් සුළුතරයකගේ ඡන්ද බලාගෙන ඔබල කටයුතු කළොත්, රජයේ සේවකයින්ගේ අකටයුතුකම් නිසා අසතුටින් සිටින රටේ බහුතරයකගේ ඡන්ද ඔබලාට ලැබෙන්නේ නැහැ..., කරුණාකර වහාම රාජ්‍ය සේවයේ සිදුවන අල්ලස්, දූෂණ, කොමිස් ගැසීම් වලකන කාර්යක්ෂම රජයේ සේවයක් ජනතාවට දෙන සැලැස්මක් වහාම ඉදිරිපත් කරන ලෙස ඔබට අභියෝග කරනවා. ඔබට පුළුවන් රේගු, ආදායම්බදු, සුරාබදු, හැඳුනුම්පත්, පාස්පෝර්ට්, රථවාහන යන දෙපාර්තමේන්තු වලින් පටන්ගන්න (සැලැස්මක් පමණි)...

:       0       23

SachinthaThursday, 23 May 2024 06:38 AM

වෙන්න ජනාධිපති කෙනෙක් හැටියට රාජ්‍ය සේවයේ කොටසක් පමණක් තෝරාගෙන ඔවුන්ගේ පමණක් වැටුප් හා අනෙකුත් ප්‍රශ්න විසදීමට කියලා තර්ජනය කිරීම (එක් ඇගිල්ලක් රජයට දික්කලාම හතරක් තමන්ගෙ දෙසට කියලා නොතේරීම වගේ මෝඩ කමක් ) වර්ජනය නොකරන නුඹලාගෙ අවධානයට ලක්නොවූ සේවකයින් හා වර්ජනයෙන් පීඩාවට පත්වෙලා සිටින අනෙකුත් ජනයාගේ මනාපය අහිමි වීමට හේතුවක් වෙනවා ජනාධිපති තනතුර ලැබෙනවා කියලා තදින්ම විශ්වාස කරන මෙතෙක් මෙතෙක් සමස්ථ ජනතාවගේ සියයට තුනක ඡන්ද ප්‍රමාණයක් තිබූ කෙනෙක් මෙහෙම එක් සේවයක් ගැන පමණක් බලනවා නම් අනෙකුත් සියලු නිළධාරි හා සේවකයින් මොහුට මනාපය ලබාදීම සුදුසුද කියලා කල්පනාවට ගන්නවා නම් ඒක ඔබේ අභිවෘද්ධියට හේතුවක් වෙනවා

:       0       1

Vithana Wednesday, 22 May 2024 03:33 PM

මෙයා එල්ලෙන්න වැල් හොයනවා වගෙයි.

:       2       3

ගමරාළ Wednesday, 22 May 2024 06:51 PM

මෙයාගේ කතාව හරියට ග්‍රාම නිලධාරි සංගමයේ සභාපතිගේ කතාවක් වගේමයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1048 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 9 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 733 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1132 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 828 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 498 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site