IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගෝරියට මැදි වූ මන්ත්‍රී ගුණතිලක‍ට පැය 3ක සැත්කමක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් අතර බහින් බස්වීමකින් පසුව ඇතිවූ ගැටුමකදී තුවාල   ලැබූ රාජපක්ෂ මහතාගේ පාදයකට අද (4)   පැය තුනහමාරක පමණ ශල්‍යකර්මයක්  කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ශල්‍යකර්මයට භාජනය කිරීමෙන් අනතුරුව ඔහු දැඩි සත්කාර ඒකකයට යොමු කළ බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාදයේ අස්ථියක් බිඳීයාම හේතුවෙන් ඔහුට මෙම ශල්‍යකර්මය කර ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේදී ඇතිවූ ගැටුමකින් ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලැබුවේ පෙරේදා (3) පස්වරුවේය.
ගැටුමෙන් තුවාල ලැබූ ගුණතිලක රාජපක්ෂ මහතා ෙපෙර්දා 03 රාතිෙය්  කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබීය.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්  කළ බව රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙක් පැවැසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසුවේ තමා ගුණතිලක රාජපක්ෂ මහතාගේ කමීස කොළරයෙන් ඇල්ලුවා මිස ඔහුට ඒක අතක්වත් නොතැබූ බවයි.



අදහස් (15)

ගෝරියට මැදි වූ මන්ත්‍රී ගුණතිලක‍ට පැය 3ක සැත්කමක්

kotiya Wednesday, 05 June 2024 04:39 AM

අර තව කවුද කලා වගේ අත නැතුව කකුලද දන්නෑ තිබ්බේ....

:       0       13

Daya Wednesday, 05 June 2024 04:55 AM

කාටවත් අයිතියක් නෑ තව කෙනෙක්ව අල්ලන්න. මේ මෝඩයා හිතනවා කමක් නෑ කියලා .නෑ . ඔහුට දඬුවම් දිය යුතුයි

:       0       15

Shan Wednesday, 05 June 2024 05:28 AM

අතක් නොතියා කකුල කැඩුවේ කොහොමද ?

:       0       15

nanda Wednesday, 05 June 2024 06:32 AM

පාර්ලිමේන්තුවට ආවට මුන්ගේ ජන්මේ පුරුදු අත අරින්න බැහැ කිසිම සංයමයක් නැති

:       0       13

රංබොඩ Wednesday, 05 June 2024 09:22 AM

ටයි කොට් දාගත්ත පාතාලයන් පාර්ලිමේන්තුවේ ඉන්න වගට තවත් සාක්ෂියක්

:       0       20

Buddika Wednesday, 05 June 2024 09:26 AM

මේක පුදුම රටක්.මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් තව කෙනෙක්ට පහර දීල රෝහල්ගත උනොත් ගුටි කාපු කෙනා රෝහලෙන් එළියට එනතෙක් පහරදුන් කෙනාව පොලිස් අතඅඩන්ගුවේ.දැන් මේ මන්ත්‍රීවරයා පහර කාල සැත්කමක් කරල ඉන්නෙ අයිසියු එකේ.ඒත් පහරදුන්නු මහින්දානන්ද මේ මොහොතෙත් නිදැල්ලෙ.පුදුම නීතියක්නෙ මේක.පොලිස් ප්‍රකාසක කියනව ප්‍රකාසයක් ගන්න බැරිලු දැඩි සත්කාර ඒකකයේ ඉන්න නිසා.ඒ නිසාද අත්අඩංගුවට නොගන්නෙ?එතකොට පහරකාපු කෙනා මියගියා නම් කොහොමද ප්‍රකාස ගන්නෙ? විහිලු නේද මේව?

:       0       31

Lalla Wednesday, 05 June 2024 10:49 AM

ජඩයින්ට ඡන්ද දීලා පාර්ලිමේන්තුවට යවපු එවුන් අත්අඩංගුවට ගන්න ඕන..

:       0       11

sachithWednesday, 05 June 2024 11:31 AM

අනේද කියන්නේ, අපිට පොඩ්ඩක් එහා මෙහා වුණානම් තමයි පොලිසියේ වැඩටික බලාගන්න තිබ්බේ. එහෙනම් සිද්ධාලේප බැරල් පිටින් අරන් දෙයි අපිව හොයාගෙන...

:       0       8

Pradeep KumaraWednesday, 05 June 2024 12:10 PM

අපේ රටේ නීතිය හරියට මකුළු දැලක් වගෙයි මිත්‍රයා. ඒකෙ පැටලෙන්නේ පොඩි පොඩි මැසි මදුරුවෝ විතරයි. ලොකු කුරුමිණියෙක් දැලේ වැදුන ගමන්ම දැල කැඩිලා යනවා.

:       0       8

බද්රානිWednesday, 05 June 2024 01:34 PM

ඇත්තම කියනවා නම් මේක බල්ලන්ටම ගිය රටක් බුද්ධික මහත්තයෝ...එක අතකට ඔවුන් ගහ ගන්නවා වෙනුවට, එකිනෙකා මරා ගන්නවා නම් ඒක මේ රටට කොතරම් සෙතක්ද..? අර පොලිස් සුනඛයින්ට නීතිය ක්‍රියාත්මක කරන්න දුන්නා නම් ඔයිට වඩා හොඳට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරනවා... දේශපාලකයින් ඉදිරියේ යුනිෆෝම් එකේ මල මුත්‍ර පහවෙන පොලිසියක් තමයි ලංකාවේ තියෙන්නේ...ලැජ්ජයි!!

:       0       7

wedage Wednesday, 05 June 2024 11:06 AM

කොහොමත් වාහන සීසර් කරන කෙනෙකුගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

:       0       5

Rata Perata Wednesday, 05 June 2024 11:47 AM

ගෙදර ගෑණිටත් ගහපු මේ වගේ අපතයින් තමයි ඔය පොහොට්ටුව කියන අටමගලේ ඉන්නේ. කතාව නම් බොහොම ජනප්‍රිය මාතෘකා ගැන. රාජපක්ෂලාගේ ඉඳලා ඕකෙ ඉන්න ඔක්කොම එකයි.

:       1       8

Nimal Wednesday, 05 June 2024 12:01 PM

මොනවා කිව්වත් ඇමැතිලාට නම් මේ කාලෙ මාර අපලයි.

:       0       7

Kamal Koyrala Wednesday, 05 June 2024 06:05 PM

මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසුවේ තමා ගුණතිලක රාජපක්ෂ මහතාගේ කමීස කොලරයෙන් ඇල්ලුවා මිස ඔහුට එක අතක්වත් නොතැබූ බවයි. කොලරය ඇල්ලුවේ මොකෙන්ද දන්නේ නැහැනේ...!

:       0       5

Sharm Tuesday, 11 June 2024 08:22 PM

මේ ඉතිං ගරුතර පාර්ලිමේන්තු මන්ත්‍රීලා හොඳේ... පුදුම ගෞරවයක් තමයි දැනෙන්නේ.. තව පටන් ගත්තා විතරයි.. ඉදිරියේදී තවත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න ප්ලීස්.. එහෙනම්.. අපට ජය වේවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 2 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 251 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 252 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 100 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1374 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1633 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site