IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ගුරුවරියක ක්ලබ් ගෙනිහින් මත්කර අතවර කරලා

(නිමන්ති රණසිංහ)

කොළඹට තදාසන්න ප්‍රදේශයේ පාසලක තරුණ ගුරුවරියක සමග රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සිටියදී ඇය මත්කර ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව එම පාසලේම ගුරුවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කුරුදුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට අද (25) කරුණු වාර්තා කළේය.

විසි පස් හැවිරිදි පැමිණීලිකාර තරුණ ගුරුවරිය, තිස් පස් හැවිරිදි ගුරුවරයා සමඟ ඉකුත් 19 වැනිදා ගල්කිස්සේ පිහිටි සමාජ ශාලාවකට ගොස් මත්පැන් පානය කර නටමින් සතුටුවෙමින් සිට ඇති බවත්, පසුව වෙනත් සමාජ ශාලාවකටද ගොස් ඇති බවත් කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අනතුරුව කුරුදුවත්ත ප්‍රදේශයේ හෝටලයකට ගොස් රුපියල් 6000ක මුදලට කාමරයක් වෙන්කරවාගෙන ඇති අදාළ ගුරුවරයා, ගුරුවරිය සමග එදින රැය ගත කර පසුවදා සවස නැවත නිවෙස් වෙත ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් ගුරිවරිය පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කළේ ඉන් පසුව බවද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගුරුවරයා තම ස්ථානයට කැදවා ප්‍රකාශ ලබාගත් අතර තමන් කිසිදු දෙයක් එම ගුරුවරියට නොකළ බවත් කාමරයක් වෙන්කරවා ගෙන ඇය හා රාත්‍රීය ගතකලේ ඇය ආරක්ෂා කිරීමට බවත් ගුරුවරයා කළ ප්‍රකාශයෙන් සදහන් වන බව කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුනු ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන බව ද කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.



අදහස් (31)

ගුරුවරියක ක්ලබ් ගෙනිහින් මත්කර අතවර කරලා

fairoos Tuesday, 25 October 2022 08:08 PM

ඩයනා මන්ත්‍රීවරියට ඕන මේ වගේ හැමෝම පුවන් විදියට රටට සේවයක් කරන්ඩ.

:       23       64

දිමුත්Thursday, 27 October 2022 11:33 AM

දැන් ඩයනා කියපු ගමන් හැමෝම යනවද? නිකං යන්න මහත්තයෝ...

:       1       2

chandima Tuesday, 25 October 2022 08:22 PM

බලන්න මොන තරම් හොඳ ගුරුවරයෙක්ද? සල්ලි දීලා කාමරේකුත් අරන් ආරක්ෂාවත් සපයලානේ. ඒ වගේම තමයි නොනේ කුම්බලා මාලු කෑවනම් දුක විඳින්නත් වෙනවා.

:       2       97

බද්රානි Tuesday, 25 October 2022 08:24 PM

ස්ව කැමැත්තෙන්ම ගිහිල්ලා අවසානයේ පොලිසි ගිහිල්ලා මොනවද මේ ගුරුවරිය බලාපොරොත්තු වෙන්නේ? නොහොබිනා ගමන්, නොගිහින් හිටිය නම් ඉවරයිනේ. ලංකාවේ ගුරුවරුන්ගේ චර්යාවත් මෙහෙම නම් අනාගත ලංකාව ගැන කවර කතාද?

:       9       128

මැක්ස්Wednesday, 26 October 2022 10:15 AM

භද්‍රානි අක්කට බැරිද ඔබ සාමාන්‍යයෙන් කැමති ආකාරයට මේ සිද්ධියට කොහොම හරි රාජපක්ෂ පාලනය ගාවන්න? "රාජපක්ෂ පාලනය නිසා ජනතාව තුළ මතු වූ අසහනකාරී පීඩනය කරන කොට ගෙන ඇති වූ පාදඩකරණය පුපුරා ගිය එක් අවස්ථාවක්" වගේ කතාවක් නිර්මාණය කරන්න? වැඩේ හරියට කරලා ඉංගිරිසියෙන් පොතක් විදිහට පල කළොත් ලබන අවුරුද්දේ බූකර් සම්මානය ලැබෙන්නත් බැරි නෑ!

:       40       20

බද්රානිWednesday, 26 October 2022 12:57 PM

වාසනාවට, මැක්ස් මල්ලිගේ ඒ රෝගය (දේශපාලන ඇම්ම) තවම මට නම් වැළඳිලා නැහැ. මම හොර තක්කඩින්ව විවේචනය කරද්දී ඒක රාජපක්ෂලාට අදාළ වෙනවා නම් එකට මට කරන්න දෙයක් නැහැ. සුද්දෝ ලියාපු පොත් කියවලා යමක් උකහා ගන්නවා විනා, සුද්දන්ට කියවන්න පොත් ලියන්න නම් මම සුදුසු නැහැ. එත් ලංකාවේ ඔලමොට්ටලයින්ට තේරෙන භාෂාවෙන් ශුද්ද සිංහලෙන් යමක් ලියන්න නම් මට පුළුවන්. ඉහත මාතෘකාවෙන් සමාජයට ලබාදිය යුතු පණිවිඩය ලබා දෙනවා මිස, ඔය කතාවේ කුණු රසය සමාජයට මුදා හැරීමෙන් සමාජයට වෙන සෙතක් නැහැ. කාන්තාවක් තම මිතුරෙකු සමග ඔවැනි ගමනක් යන එකේ කිසිම වරදක් නැහැ. නමුත් පොලිසි යන්න තරම් ඇයට සිදුවූ අකරතැබ්බය ගැනයි හොයා බලා සංවාද කල යුත්තේ. හැම දේම හොරෙන් කරන පුහු සංස්කෘතික සදාචාර උම්මාදය නිසා ලාංකික සමාජයම විපරීත වෙලා කියලයි මට නම් හිතෙන්නේ. පොත් ලියන්න කෙසේ වෙතත්, පොත් පෙරලන්න නම් මැක්ස් මල්ලිත් හපනෙක් වගෙයි...

:       5       25

ganegodaWednesday, 26 October 2022 11:19 AM

21 වැනි ශතවර්ශයේ ජීවත් වෙන අපි කාන්තාවන්ට සමාජශාලාවලට පැමිණීම සහ කාන්තාවන්ගේ නිදහස අගය කළ යුතුයි..! ඔය ලංකාව වගේ දූපත් මානසික රෝගීන්ගෙන් පිරුණු දූපතේ ජංගම දුරකථන, පීසී, ලැප්ටොප් තියාගෙන, ‘‘අපි නවීන පන්නයේ රටක්, සමාජයක්...‘‘ කියන එක වැරැදියි නේද?

:       5       10

ටික්-ටොකු නැටුම..! Tuesday, 25 October 2022 09:42 PM

කුරුදුවත්ත පොලීසියද...? එහෙමනම් කේස් එක තිලිණි ප්‍රියමාලිගෙ වගේ වේවි...! පවු අනේ... ටියුෂන් යනවා කියලා ඒකාලේ නයිට් ක්ලබ් ගිය කෙල්ල ගුරුවරියෙක් වුනාම මොකද දන්නේ නැද්ද ඒවගේ සිද්ධ වෙන දේවල්..!

:       2       17

saman Tuesday, 25 October 2022 09:59 PM

මේ ගුරුවරිය තමන් පිළිබඳව මීට වඩා ආරක්ෂාකාරී විය යුතුව තිබුනා.

:       4       76

ජැක්සන් Tuesday, 25 October 2022 10:25 PM

ගෑනු කෙනාගේ ගැටයක් වෙන්නත් බැරි නෑ. මොකද සමහර අය ඉන්නවනේ ඔහොම අන්චි අදින. ඒ නිසා හරියට විමසලා බලලා තීරණයක්‌ ගන්න වෙන්නේ.

:       4       85

සෙනෙවිරත්න Tuesday, 25 October 2022 11:48 PM

මේව ප්‍රවෘත්තිද? දෙන්න කැමැත්තෙන් හොරගමන් ගිහිල්ල පොලීසියට ගිහිල්ල අසූචි මුට්ටිය පොලේ ගහනව.

:       1       78

janathaawa Wednesday, 26 October 2022 12:57 AM

හරියට කියන්නකෝ. ගුරුවරිය ක්ලබ් ගෙහිහින් නෙමෙයි නේද? ගුරුවරිය යාළුවෙක් එක්ක ක්ලබ් ගිහින් බීලා. දෙන්නම සිය කැමැත්තෙන් හෝටලේක ලැගුම් අරගෙන. එතනදි වෙච්ච දේ කියනවා. හොඳයි. හෝටලේට ගියේ මොකටද? සින්දු අහ අහ ඉන්නද? සිය කැමැත්තෙන් වුණ දේකට දැන් ආඩපාලි කියනවා.

:       3       69

Demuni Uduwara Wednesday, 26 October 2022 01:40 AM

Entire society have now been polluted and corrupted !

:       5       9

C.K.Lankaputhra. Wednesday, 26 October 2022 06:41 AM

මෙහෙමත් ගුරුහොරු. කොහොම උනත් ඉස්සරම මේ ගුරුහොරා එලවා දමන්නම අවශ්යි. තියාගෙන හිටියොත් මෙයා දවසක පාසැල් දැරියකටත් මේ ටික කරන්න පුලුවන්.

:       9       10

kamal Wednesday, 26 October 2022 06:54 AM

මේ වගෙ අයට අහුවෙන්න එපා. ඔක්කොම කැමැත්තෙන් කරගෙන අන්තිමට පොලිසි යනව

:       1       75

Jaya Wednesday, 26 October 2022 10:35 AM

එතකොට ටීචර් බබාද?

:       3       15

PODDA Wednesday, 26 October 2022 11:05 AM

අනේ තොත්ත බබා... නිදිපෙති බීලා ඉන්න ඇත්තේ.. නින්දෙන් යන්න ඇත්තේ. මේ අයට ගුරුවරු නෙවෙයි කියන්න ඕනේ...!

:       1       9

Kulatunga Wednesday, 26 October 2022 11:39 AM

ඔය කියන ගුරුවරුන් ගුරුවෘතියටම අපහාසයක් බල්ලො බලල්ලුවගෙ උන් තව කොඉතරම් ඉන්නවද ?

:       5       6

koraala Wednesday, 26 October 2022 04:38 PM

ගුරුවරුන් කියන්නේ මනුස්සයෝ. ඒ අයට තමන්ගේ රැකියාව වෙලාවෙන් පස්සේ ඕන විදියට කාලා බීලා විනෝද වෙන්න නිදහසක් තිබිය යුතුයි නේද?

:       5       10

බද්රානිWednesday, 26 October 2022 06:30 PM

Kulatunga, ඔබ කියන විදිහට ඔබ නිවැරදි නම්,, ඔබත් කාන්තාවක සමග ලිංගිකව හැසිරී ඇත්නම් ඔබත් බල්ලෙකුට හා ඒ කාන්තාව බැල්ලියෙකුට සමානයිනෙ. හැබැයි ශිෂ්ඨ සම්පන්න සමාජයේ ජනතාව ඕනා තරම් නයිට් ක්ලබ් වලට හා හෝටල් වලට යනවා. ඒක සාමාන්‍ය දෙයක්. මනුස්ස සමාජයේ එහෙම උනත් බල්ලන්ගේ සමාජයේ මේ කතාව වෙනස්. ඔබ දැකලා ඇතිනේ බල්ලෝ බල්ලියෝ අමාරුවේ වැටිලා ඉන්නවා. අන්න ඒ වැඩේ තමයි මෙතනත් වෙලා තියෙන්නේ. මම නිතරම ලාංකික සමාජය බල්ලන්ගේ සමාජයට සමාන කරන්නේ ඔන්න ඔය කතාව නිසයි. කොහොමත් මේ කතාවට අදාළ බොහොමයක් කොමෙන්ට්ස් දෙස බලද්දී තේරෙනවා ලාංකික සමාජය කොතරම් ගොත්රිකද, මන්ද බුද්ධිකද කියලා? සමහරවිට මේ ගුරා වැඩේ වීඩියෝ කරලද දන්නේ නැහැ. කොහෙද ඉතින් ගුරුවරියට මොලයක් තිබුන නම්, දැනගන්න එපැයි ලංකාවේ එකෙක් නම් එකා නොසන්ඩාලයෙක් (බල්ලෙක්) කියලා දැනගෙන ඔයිට වඩා ප්‍රවේශම් වෙන්න..

:       4       9

tharuni21 Wednesday, 26 October 2022 11:41 AM

කාන්තා නිදහස අගය කරමු .. අපේ රට නිදහස් නිදහස් රටක් කියන්න පුලුවන් සමාජයක් බිහිකර ගනිමු !

:       6       5

කිරි පුතා Wednesday, 26 October 2022 12:54 PM

රාත්‍රි සමාජ ශාලා යන්නෙ මල් පූජා කරන්න නෙවෙයිනෙ. කුම්බලා මාළු කෑවා නම් විඳවාපං බළලෝ කිව්වලු. නීතියක් නෑ කාටවත් දඬුවම් දෙන්න.

:       2       8

Ranasinghe H.R.S Wednesday, 26 October 2022 01:03 PM

ඒක සිස්ටම් චේන්ජ් එකක්ද?

:       1       4

aruna shantha Wednesday, 26 October 2022 01:08 PM

ගුරුවරුන්ට පඩි මදියි කියලා ස්ට්‍රයික් කළා නේද? නයිට් ක්ලබ් යන්න රුපියල් 6000ක් ඕනේ.. නයිට් රූම් එකකට වියදම් කරන්න පඩියෙන් සල්ලි ඉතුරු වෙනවද?

:       1       8

kapila Wednesday, 26 October 2022 03:55 PM

යාලුකමට ක්ලබ් ගියාට පස්සේ... වැඩිපුර බොන්න දීලා ගෙනියන්න ඇති... ඒවා කැත වැඩ...

:       2       5

dayasiri Wednesday, 26 October 2022 04:21 PM

මත්වෙලා හිටියත් නැතත් කාන්තා හිංසනයට ඉඩ නොතබමු.

:       0       5

sampath Wednesday, 26 October 2022 04:48 PM

ගුරුවෘත්තියට නම් මේ දෙන්නාගේම ක්‍රියාව ගැලපෙන්නේ නෑ. කොහොම වුණත් මේ අය පාසල්වල තියාගන්නෙ ප්‍රවේසමෙන්. අන්තිමට විදුහල්පතිටත් කූඩුවෙ ලගින්නයි වෙන්නේ ළමයෙකුට මොනවා හරි සිද්ධියක් වුණොත්.

:       1       8

chandima Thursday, 27 October 2022 06:18 AM

නෝනගේ කණෙන් ඇඳගෙන ගිහිල්ලද? ඇස් බැඳලා එක්කගෙන ගිහිල්ලද? නැතිනම් සීනි බෝල දිලා රවට්ටගෙන එක්කන් ගිහිල්ලද?

:       0       6

ganegodaThursday, 27 October 2022 03:28 PM

මත්කරන්නෙ නැතුව බලහත්කාරකම් කරන්නෙ නැතුව ඔය හැමඩෙයක්ම හොදින් ලබා ගන්නත් පුලුවන් නේද .. ?

:       0       3

සකල බුජං Friday, 28 October 2022 12:53 PM

දැන් හොඳම විසඳුම තමයි දෙන්නා කසාද බන්දලා දෙන එක...

:       0       2

ganegoda Friday, 28 October 2022 01:36 PM

ගැහැණියකට ගරු නොකරන අයට ගැහැණු යන එක තමයි ලොකුම වරද? ඒ අය එක්ක ගමන් බිමන් යන එකත් එහෙමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 309 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1636 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4284 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1132 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1694 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1212 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site