IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ගුරුවරියෝ සාරිය මාරු කරති

 

(ඩයනා උදයංගනී)

දිවයිනේ පාසල් ගණනාවක ගුරුවරියන් අද (21) සාරිය වෙනුවට ගවුම්, සාය හැට්ට, කලිසම් කුර්තා ආදී සැහැල්ලු ඇඳුම්වලින් සැරසී පාසල්වෙත පැමිණ ඇත. වර්තමානයේ පවතින ආර්ථික උද්ධමනය හේතුවෙන් සාරිවල මිල ඉහළයාම හේතුවෙන් මෙම පියවර ගත් බව එම ගුරුවරියන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබිණි. 

රට තුළ පවතින ආර්ථික ගැටලු හා ප්‍රවාහන දුෂ්කරතා ආදිය සමඟ සාරියෙන් සැරසී වෘත්තියට යාම අපහසු බවත්, රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කළ හැකි බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති නිසා එම අවසරය මත මෙම පියවර ගත් බවත් ඔවුන් ස`ඳහන් කර තිබිණි. 

එසේ පැමිණි තමන්ව සිසු දරුවන් ආදරයෙන් වැළඳගත් බව ද එම ගුරුවරියන් සඳහන් කර ඇත. 

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව ගුරුවරුන්ට ද සාරිය වෙනුවට වෙනත් සුදුසු වෙනත් ඇඳුමකින් පාසල් වෙත පැමිණීමට ඉඩදෙන ලෙස ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මීට පෙර ඉල්ලීමක් ද කර තිබූ අතර එයට මහා සංඝරත්නය විරෝධය පළ කර තිබිණි.

 



අදහස් (75)

ගුරුවරියෝ සාරිය මාරු කරති

pakeer Monday, 21 November 2022 03:01 PM

මම නම් අනුමත කරනවා .මොනවා ඇඳගෙන ආවත් කමක් නෑ .හරියට උගන්නපල්ලා

:       53       243

senaMonday, 21 November 2022 03:28 PM

හරියටම හරි ළමයින්ගේ නිළ ඇදුම් කතන්දරෙත් අහෝසි කරලා දාන්න ඕන.

:       12       7

sisilMonday, 21 November 2022 07:07 PM

ගුරුවරියෝ සාරිය වෙනුවට සුදුසු වෙනත් ඇදුමක් සදහා මාරුකරීමට අවසර ලබාදෙන්නේ නම් රජයේ බැංකු පද්දතියේ සේවය කරන සේවක පිරිසට රජයේ මුදලින් ලබාදෙන uniforms ලබා නොදෙන්න

:       0       13

"බුරුකාව"Monday, 21 November 2022 09:49 PM

බුරුකාව තමයි අද ගුරුවරියන්ට ඉතාමත්ම කාලෝචිත ඇඳුම... ලමයිත් ඊට පස්සේ එය අනුගමනය කරලා ඒක ඇඳගෙන එයි...!

:       16       14

චන්දන Tuesday, 22 November 2022 07:02 AM

ඒකත් ඇත්ත තමා. ඒත් සාරිය ඇඳගෙන පාසලට ඇවිත් කයිවාරු ගහ ගහ ඉන්න එකා සායට බැස්සා ම ඒක තව හොඳ ට කරයි. අනෙක මේ අඳින ඇඳුම 4000 අඩුවෙන් ගන්න බැහැ . ඒවට සල්ලි තිබෙනවා . දැං වැඩිහිටි ළමයින්ට අඟ පසග ගැන හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන් . පාසල් වල විනය ඉතා හොඳින් තියේවි. එන්ජීඕ කාරයො අරගල අස්සෙ තමන්ට අවශ්‍ය සියලු දේ කරගන්නව. රට ඉවරටම ඉවරයි.

:       28       28

RasiTuesday, 22 November 2022 09:21 AM

අපි සැවොම අවබෝධ කරගත යුතු කරුණ නම්, ආණ්ඩු මොනතරම් නරක වුවත්, මෙවන් වුර්තීය සමිති හරහා දියත් වූ කිසිදු ක්‍රමයක් හරහා අප රට ලබා ගත දෙයක් නොමැති බවයි. එසේ ලබා ගත්ත නම් අද වනවිට අනෙකුත් ශේත්‍ර ගණනාවක් මීට වඩා ඉදිරියෙන් තිබිය යුතුයි. වි.බ.ම, ජලසම්පාදන, පෙට්ට්‍රෝලියම්, විශ්ව විද්‍යාල, මේ සියලු දේ මේ වනවිට විනාශ කර දමා ඇත. තේරුම් ගන්න.

:       8       35

මහසෙන් Monday, 21 November 2022 03:11 PM

සමස්ත ගුරුවරුන්ට මෙන්ම සමස්ත ශිෂ්‍ය ප්‍රජාවට බලපා තිබු අතිශය සංවේදී කාරනාවක් විසදීමට මැදිහත් වු සැමට ජාතියේ ප්‍ර්‍රනාමය.

:       42       135

කිරිපුතා Monday, 21 November 2022 03:11 PM

ඉස්කෝල ඉරිදා පොල වගේ ඇති. ළමයිනුුත් තමන් කැමති කැමති ඒවා ඇදගෙන ආවම නියමෙට තියෙයි. NGO කුක්කා දිණුම් .

:       229       142

ඉස්ටාලින් Monday, 21 November 2022 03:12 PM

ඉස්ටාලින් තමයි දැන් අධ්‍යාපන ඇමති. එයා කියන විදහට වැඩ කරන්න. විනයක් මොකොටද? ලමයිට තියන ඇදුමක් ඇදගෙන සරෛප්පු දාගෙන එන්න කියමු. එතකොට දෙමාපියන්ටත් ලේසියි.

:       137       151

Bamunuaracchi Monday, 21 November 2022 03:17 PM

ඉතාමත්ම හොඳයි,කාලෝචිතයි,දැන් ඉතිං හාමුදුරුවරු සිවුරු කරේදාගෙන ඒවි මෙතන යකා නටන්න.

:       131       101

galsaadu Monday, 21 November 2022 03:52 PM

අපිත් මොනවහරි නොකිව්වොත් මුන් හිත්යි පන්සල අපවත් වෙලා කියල !‌නේද ආරච්චි උපාසක මහත්තයො ?

:       7       46

BamunuarachchiTuesday, 22 November 2022 09:09 AM

ඔය ලියන්නේ ඩුප්ලිකේට් බමුණුආරච්චි කෙනෙක්.

:       4       10

ganegoda Monday, 21 November 2022 03:26 PM

සංස්කෘතිය , ආගම් බල්ලට දාල අධ්‍යපනය ගැන හිතමු ! මම අඩ්යාපන අමති උනානම්.. 21 වෙනි ශතවර්ශ්යෙ කිසිම තේරුමකට නැති විශයන් ආගම , ඉතිහාසය වගෙ දේවල් වෙනුවට ගනිතය , ඉංග්‍රීසි වගෙ වැඩියෙන් උගන්වන්න නව පාටමාලාවක් සකස්කරනව !

:       100       95

සත්‍ය ගවේෂී.Monday, 21 November 2022 06:06 PM

ආගමෙන් තමයි මිනිහෙකු හික්මෙන්නේ.සංස්කෘතියක් ආගමක් ගැන මෙලෝ වටිනාකමක් දන්නේ නැති මෙවන් ගොබිලන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැසිකිළි හෝදන්නවත් වටින්නේ නැහැ.තමන් කියනා මේ අදහස් වලින්ම තේරෙනවා, තමන්ගේ දෙමාපියන් හා පරපුර මොන වගේද කියලා.උම්බෑ කියන කොට සතා කව්ද කියා කියන්න අමාරු නැහැ.

:       6       22

surasenaTuesday, 22 November 2022 04:52 PM

ගල් යුගයට අදාළ බකපණ්ඩිත අනාවැකි කියන්න කාටත් පුළුවන්.ආගම් සංස්කෘති කියන විජාවල් කරේ දාගෙන ඉන්න රටවල් වලට් යන එන මන් නැහැ .ඒවා නැති රටවලට කියන්නේ ""දියුණු රටවල් කියලා "

:       5       3

රංජන් Monday, 21 November 2022 03:28 PM

සාරිය කියන්නේ සංවරම ඇදුමක් නෙවෙයි. සාරියට වඩා සංවර ඇදුමක් ඇදගෙන එනවනම් අවුලකුත් නැ නේද ?

:       23       119

geethTuesday, 22 November 2022 09:34 AM

ඒක ඇත්ත. ඇතැම් පිරිමි පාසල් වල ළමයින්ට අවුරුදු 12න් පස්සෙ වගේ ටීචර් ගෙ නාභිය බලන්න ආසාවන් එනව. සාරියෙන් ඔය කියන තරම් වැහීමක් වෙන්නෙ නෑ. සමහර අයගෙ ජැකට් එකෙන් පිටේ වැඩි හරියක් නිරාවරණය වෙලා. ඒ නිසා ඊට වඩා සංවර විදියට ඇඳන් එන්න පුලුවන්.

:       3       14

මැක්ස් Monday, 21 November 2022 03:30 PM

අසික්කිත වැඩ වර්ජන හරහා සැහෙන්න දුරට නැති කර ගත් ගුරු මෑණි, ගුරු පියාණ පට්ටම සහිත ගව්රවය දැන් ඉතින් බින්දුවයි. ගව්ම්කාර ගුරුවරියන්ට දණ ගසා වඳින්නට පෙර දරුවනි, දෙවරක් සිතන්න.

:       135       89

ganegoda Monday, 21 November 2022 03:41 PM

මනුස්සයො මනුස්සයින්ට වදින ලොකයෙ එකම * තකතීරු දූපත * ලංකාව කියල මුලු ලොකයම දන්නව .

:       67       70

tikira Monday, 21 November 2022 03:47 PM

හොඳයි . ඔව්ව තිබුනයි කියල මොකද්ද වලා තියන සුගතිය ? අපේ රටෙ තරම් ගොබ්බයො හොරු බොරු-වන්චාකාරයො ඉන්න තවත් රටක් තියනවද ?

:       15       77

Bamunuaracchi Monday, 21 November 2022 04:33 PM

ගුරුවරු උගන්නනවා,ඒකට වැටුපක් ඒගොල්ලො ගන්නවා.ඉතිං මොකටද වඳින්නේ?ඇහැරලා බලපං අනිකුත් දියුණු වෙච්ච රටවල් කොහොමද කියලා.නොදකින් මෙහෙමත් ගෝත්‍රික ගොබ්බ බයියෝ.

:       30       110

leckmichMonday, 21 November 2022 05:00 PM

ලංකාවෙන් එලියට ගිහින් ලංකාව දිහා ආරච්චි වගේ අය විතරයි ඕවා දන්නේ.

:       0       2

ලුම්බිණි Tuesday, 22 November 2022 07:11 AM

හමුදාව යුද්ධ කළා. ඒකට වැටුපක් ගෙව්වා. තව මොකටද උපහාර?

:       4       4

janakaTuesday, 22 November 2022 08:36 AM

ඉතින් මෝඩයො උබත් සල්ලි අරන් උගන්වපන්කො පුලුවන් නම්

:       4       3

BamunuarachchiWednesday, 23 November 2022 09:58 AM

JANAKA ඔබ හරියට හරි මේ ගොබ්බයා හිතන්නේ හැමඑකාටම උගන්වන්න පුළුවන් කියලා

:       4       0

යෝගා Monday, 21 November 2022 03:42 PM

ටීචර්ලා ෂෝටයි ස්කිනියයි ගහලා එනවනම් ෂෝක්

:       103       61

Ruhunu Monday, 21 November 2022 03:57 PM

ගුරුවරියන්ට රජයෙන් වැටුපක් ලැබෙනව. අද වේල හම්බකරගෙන කන්න බරි පවුල්වල සමහර දරුවන්ට පාසල් නිල ඇදුම් එකයි නත්නම් ‌දෙකයි තියෙන්නෙ. ඒවගෙ ලමයි කැමති අඩුමක් ඇදන් ආවට කමක් නැද්ද?

:       58       81

chandimaTuesday, 22 November 2022 03:41 AM

වැටුප ගෙවන්නෙ යුනිපොම් ගන්න නෙමෙයි නේද? ඔන්න යුනි‌ෆෝම් දීමනාවක් දෙනවනම් කියන ඇදුම ඇදන් එන්නම වෙනව.

:       3       6

Gamini Monday, 21 November 2022 03:59 PM

උද්නය නිසා හෙට ඇදුම් නැතුව ඒවිද?

:       56       40

Silwester Monday, 21 November 2022 04:07 PM

ඇදුමෙන් මනින්න පුලුවන් ගනිකාවො සාරිය අදින්නෙනෑ

:       62       79

5C puncha Monday, 21 November 2022 04:15 PM

බිකිනි එකක් ඇදන් එන්න බැරිද අපේ ටීචර්ලට.

:       95       55

BamunuaracchiMonday, 21 November 2022 09:23 PM

අනේ මන්දා මොනවා වෙනවද කියලා.?

:       1       1

chandimaTuesday, 22 November 2022 03:42 AM

එ මොකටද? තොපි වගෙ කුපාඩින්ට බල බල ඉන්නද?

:       6       3

ගමේ එකාලා Monday, 21 November 2022 04:58 PM

රෙදි යාර 6 ක් ඇගේ දවටගෙන ඉන්න එකත් කොයිතරම් අපහසුද? තමන්ට ගැළපෙන ,පහසු,සුදුසු ඇදුමක් ඇදීමේ වරදක් නැහැ.රාජකාරිය හරියට කිරීමයි වැදගත් වෙන්නේ?

:       6       10

මෝ Monday, 21 November 2022 06:12 PM

බොලා මොනව ඇදං ආවත් ලමයි විබාග ගොඩ දාගන්නෙ ටියුශන් ගිහින්.මොන්ටිසෝරි යෙ ඉදංම්ම දරුවො ටියුශන් ගන්නවා විශ්වවිද්‍යාලවලට යනකම්ම හෝ උසස්පෙල ඇනගන්නකම්ම.ඕං ඕකට මොනවහරි බේතක් කියපල්ලා අදින වස්තරේ නෙවෙයි.

:       1       15

නිපුල් ගුණසේකර​ Monday, 21 November 2022 06:55 PM

"කාන්තා ගුරුවරුන්ට සාරියම ඕනද" කියල මම මීට අවුරුදු පහකට විතර කලින් FB පෝස්ට් එකක් දැම්ම​. එදා එතන "ටීචර් ගේ සාරිය ගැන ඔයා මොකටද කරදර වෙන්නෙ" කියල මට "අවවාද​" කරපු කාන්තාවන් පිරිසක් හිටිය​. ඒ පෝස්ට් එක මට සොයාගන්න බෑ. කොහොම වුනත් මේ වෙනස කාලෝචිතයි. මේ නිසා කාන්තා ගුරුවරුන් ගේ කාර්‍යක්‍ෂමතාවය වැඩි වේවි. ස්වයං පාළනයක් ඇතිව, සංවරව ඇඳුම තෝරා ගැනීම යෝග්‍යයි.

:       4       10

sampath Monday, 21 November 2022 07:38 PM

අපි හරිම අවාසනාවන්ත සහ යල්පැනපු ජාතියක්.

:       4       6

Don Pablo Escobar(Cocain King) Monday, 21 November 2022 07:54 PM

ඉතාම හොද තීරණයක්... දූපත් මානසිකත්වයෙන් මිදිලා දියුණු වෙන ලෝකයත් එක්ක ඉදිරියට යන්න ගත්තු තීරණය අගය කරනවා.... කට්ටිය ටිපර් වෙයි... හැමදාම රට ආපස්සට ගියේ හණමිටි අදහස් හින්ද තමා...

:       5       6

Sameera Monday, 21 November 2022 08:12 PM

ලංකාවේ තිබෙන අකාර්යක්ෂම සේවාවක් තමයි ගුරුවරුන් දැන් කරන්නේ! ඇදුම් අදාලම නැහැ තමන්ගේ රාජකාරිය හරියට කරනවනම්!! දේමාපියන් ලොකු මුදලක් අද වියදම් කරනවා ටියුෂන්වලට!!! දරුවන්ව O/L A/L සදහා වියදම් කරන මුදල් උපාධියක් ලබා ගැනිමට 1 වසරේ සිට ආයෝජනය කරන්න! ලංකාවේ පාසැල් කියන්නේ තනිකරම පිං පඩි මත යැපෙන ඉතාමත්ම අකාර්යක්ෂම රාජ්‍ය සේවයක්!!! 10% අවංකව උගන්වන ගුරුවරු අද නැහැ! ස්ටාලින් තනිකරම දේශපාලනය කරන්නේ!!

:       1       12

Saththaya Monday, 21 November 2022 09:56 PM

ඉතාම හොද තීරණයක් , හැබැයි හැමෝම මුදල් එකතු කරලා ස්ටාලින්ට සාරි ඇන්දෙව්වානම් හරිම අගෙයි .

:       1       16

ukran Monday, 21 November 2022 09:57 PM

ස්ටාලින් කියන එන් ජි ඕ අය කියන විදියට දැන් රට කරන්නේ. අධ්‍යාපන ඇමති තුමා නිදිද.?

:       3       5

යකාගෙ නීතිය Monday, 21 November 2022 10:20 PM

ඔයගමන් චක්‍රලේඛයක් ගහන්න වැසි දවසට බිකිනියද වඩා සුදුසුය කියල නාගෙනම ගෙදර යන්න පුලුවන්නෙ

:       4       9

kapila Monday, 21 November 2022 10:25 PM

අතිගරු ස්ටාලින් මැතිඳුන් ට ජයවේවා. ඔබතුමා ගේ උත්තරීතර අරමුණ ඉටුවේවා. ජේසු පිහිටයි

:       8       6

chandima Monday, 21 November 2022 11:40 PM

සමහර දියුණු රටවල ළමයින්ටත් කැමති ඇඳුමක් ඇඳගෙන ඇවිත් ඉගෙනගන්න දෙනවා.

:       1       6

Prase Monday, 21 November 2022 11:59 PM

පහසු ඇඳුමක් ඇඳීමේ වරද කුමක්ද.?

:       2       6

විජේ Tuesday, 22 November 2022 12:10 AM

මේ නිදහස වගකීමක් ඇතිව පාවිච්චිකරයි කියලා විශ්වාස කරනවා. තමන්ගෙ හිතේ ගවුරවයක් තියන කෙනෙක්ට කොන්ද නවලා වැන්දා කියලා මොකද්ද තියන වැරැද්ද. ලංකාව කියන්නෙ අපිටම ආවේනික භාශාවක්, සංස්කෘතිකයක් තියන රටක්. අපේ කට්ටිය හැමදාම කෙලවාගත්තෙ අන්න ඒ අනන්‍යතාව තේරුම් නොගත්ත නිසා.

:       1       9

lal Tuesday, 22 November 2022 12:32 AM

ඩීසන්ට් ඕනෑම ඇඳුමක් කමක් නැ

:       3       8

WCA Tuesday, 22 November 2022 01:26 AM

ලමයින්ගේත් කොන්ඩ රැවුල් එහෙමත් බලන්න එපා හොදේ ඒවත් කපන්න හදන්න සල්ලි ගොඩක් ඕනේ හොදේ

:       2       7

Punchi Manoj Tuesday, 22 November 2022 04:08 AM

අපේ පිහිනුම් ටීචර් කොහොම එයිද.?

:       2       7

Rocky Tuesday, 22 November 2022 05:29 AM

ළමයින්ටත් යුනිෆෝම් එපා.

:       2       7

Kumara Tuesday, 22 November 2022 05:41 AM

පිරිමි සෑහෙන ප්‍රමාණයක් ඉන්න බව පෙනේ. බිකිනි ඇඳගෙන එයිද, ඇඳුම් නැතුව එයිද, ෂෝට් සහ ස්කිනිය ගැන අහන අය තමන්ගේ මානසික තත්වය ප්‍රසිද්ධියට පත් කර ඇත.

:       6       5

Nandasena gr Tuesday, 22 November 2022 06:01 AM

තාමත් විශාල පිරිසක් අඳින්නේ සාරිය. ටික දෙනෙක් තමයි ඔය කැෂුවල් අඳින්න බලන්නෙ. බලන්නකො ඉස්සරහට ඔය වැඩේ සාර්ථක වෙයි ද කියලා. එක එක ජාතියෙ නුසුදුසු ඇඳුම් ඇඳන් ආවාම ව්‍යාපෘතියත් ඉවරයි.

:       3       8

Hemantha kumara Tuesday, 22 November 2022 06:22 AM

රටේ ගොබ්බ පාලනය තියෙනකම් එහොම තමයි. කරන්න දෙයක් නැහැ. මුන් රට කෑවා. රට විනාසයි.

:       5       3

ධර්මසේන Tuesday, 22 November 2022 06:31 AM

මෙය හොඳ ප්‍රවණතාවක්. මා ජීවත් වෙන නෝර්වේ , ස්වීවීඩනය. ස්විට්සර්ලන්තය වගේ රටවල බොහොම නිදහස් ඉගෙනුම් වටපිටාවක් තියෙන්නෙ .

:       8       6

Bamunuarachchi Tuesday, 22 November 2022 06:59 AM

සිංහල කියමනක් තිබෙනවා ගුරුවරයා හිටගෙන කොරනදේ ගෝලයෝ දුව දුව කරනවා කියලා.

:       3       8

O Tuesday, 22 November 2022 07:11 AM

වැදගත්කම බිංදුවට බහිනවා, ළමයින් පාලනය අමාරුවෙයි ඉදිරියේදී

:       4       6

Prase Tuesday, 22 November 2022 08:53 AM

ගුරුවරියන් ට ප.ව 1.30 පස්සෙ පර්මිට් තියනව, සාරිය ඇදන් ගියොත් වැඩට අමරුයි, ගලවන්න අදින්න වෙලා යනව ඒ්ක නිසා චාන්ස් එකක් දෙමු.

:       6       2

Shantha - Qatar Tuesday, 22 November 2022 09:08 AM

මගෙ අදහස නම් මෙකෙ වැරැද්දක් නැහැ. සංවර ඇදුමක් ඇදගෙන ආවනම් ඒ ඇති. මොකද පහල පන්තිවල පොඩි දරුවන්ට ටීචර් ල කියන්නෙ ත්මන්ගෙ ලෝයෙ වීරයො. සාරි ඇදගෙන ස්කූටරේ අපහසුවෙන් ඉස්කොලෙ එනවට වඩා, අදින්න ලොකු වෙලාවක් වැය කරනවට වඩා, මෙහෙම ආව කියල එකෙ ලොකු ගැටලුවක් නැහැ.

:       4       8

Dewa Tuesday, 22 November 2022 10:27 AM

සමහර අය මෝඩ කොමෙන්ට් දාලා තියෙනවා. මේ ගැන සාධාරණව බලන්න.

:       2       7

අජිත් Tuesday, 22 November 2022 11:15 AM

ගුරුවරු දිනෙන් දින තම ගෞරවය කෙලෙසා ගැනීම කනගාටුවට කරුණක්.............

:       4       6

chandana Tuesday, 22 November 2022 12:16 PM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කිව්වලු.

:       0       0

PRASANNA Tuesday, 22 November 2022 03:10 PM

දැන් වැඩේ ලේසියෙන් කරන්න පුළුවන් ඇති. යට ඇඳුම් හරි ඇඳගෙන හරි කමක් නෑ හොඳට උගන්නපල්ලා.

:       2       2

අනුරාධා Tuesday, 22 November 2022 03:11 PM

හැට්ටෙ මොන සංවරයක්ද.පිටත් එලියේ.පපුවත් එලියේ.ඉනත් එලියේ.බඩත් එලලියේ.උකුළත් එළියේ.පෙකනියත් එළියේ...හාමුදුරුවනේ මොකටද ගෑණු රෙදි සම්බන්ධයෙන් හොයන්නෙ...අදාළ වැඩක් බලා ගන්න කියන්නකෝ

:       3       6

චන්දිම ෆොන්සේකා Tuesday, 22 November 2022 07:29 PM

ඔන්න බලන්න දියවන්නාවේ හාදයෙක් කියන්නේ නැද්ද කියාලා ගුරුවරියන්ට ගවුම් බැරිනම් චිත්තේ හැට්ටේ ඇඳන් හරි නැත්නම් ගරුවරුන්ට සරම බැරිනම් කොට කලිසම හරි ඒත් නැත්නම් පරණ කලිසම් වල කකුල් කපල හදන කොට කලිසම් අන්දලා හරි වැඩට ආවට අපිට නම් ප්‍රශ්නයක් නැහැ කොහොම හරි වැඩේ කෙරෙනවනම් කියාලා. මොකද උන්දලාට පඩි වැඩි කරන්නත් විදියක් නැහැ කියාවි.

:       0       0

සනත් බණ්ඩාර Tuesday, 22 November 2022 08:59 PM

සාරිය ගැලෙව්වාට පස්සෙ ගුරුවරියන්ට මෙතෙක් කලක් තිබුණ ගෞරවය නැතිවෙනවා.

:       2       2

Leel Tuesday, 22 November 2022 10:26 PM

සැහැල්ලු ඇඳුම හොඳයි. නමුත් ගුරුවරියෝ කිව්වම මැවෙන්නේ සාරිය...

:       1       1

kalaml Wednesday, 23 November 2022 01:08 AM

මේ ගවුම් ඇදපු බහුතරය කොළබ සවුන්ධර්ය විශ්ව විද්දයලයේ පෙරටු ගාමී සහ jvp සබඳ තා ඇති ලගදී තරග විබාගයකින් තොරව සේවයට බදවා ගත්ත අය.. මේ සෙට් එකේ තමා ගුරු වර්ජනය ඇදගෙන ගියේ .. අනිත් ගුරුවරුන්ගේ හඩ මර්දනය කරලා ...මේ රට කවදාවත් හදන්නත් බැ ... හැදෙන්නත් නෑ .. මුන් දරුවන්ට හරියට උගන්න වා නම් අද අපිට දරුවන් උපකාරක පන්ති යවන්න ඕන නැ..

:       0       2

Chaminda Wednesday, 23 November 2022 04:38 PM

සාරිය තමයි සුදුසුම...බූරු වැඩ කිරීම ස්ටාර්ලින් වගේ බුරුවන් ඉන්නකන්

:       1       3

විපරමා Wednesday, 23 November 2022 08:32 PM

තමුන්ට කැමති ඇඳුමක් අඳින්න කාගේවත් අවසර මොකටද .තමුන්ට අයිතියක් නැද්ද.ගෑනු ඇන්දුම් ගැන වැඩි හරියක් කොමෙන්ට්ස් කරලා තියෙන්නේ ,තීරණය කරලා තියෙන්නේ නපුන්සකයෝ..

:       1       2

chandima Thursday, 24 November 2022 12:25 AM

සාරිය නැතත් ඔයාලා හරිම ලස්සනයි නේ.හෙට ඉඳන් මුකුත් අඳින්න එපා.මුන්ට හොඳ පාඩමක් උගන්වන්න එතකොට තමයි පුළුවන්.

:       0       1

Priya Thursday, 24 November 2022 06:55 PM

වෙනත් ඇදුමක් කිසිසේත් ලංකාවට සුදුසු නැත. වේලක් කන්න නැති දුප්පත් රටවල් කොපමණද ඒ අයත් තමන්ගේ ඇදුම් කෙසේ හෝ සලසා ගනිති.

:       0       0

Nihal Thursday, 24 November 2022 09:30 PM

යුරෝපයේ කම්කරු ඇඳුම වඩා සුදුසුයි .ඩෙනිම් ජීන්ස්

:       0       0

Ananda Friday, 25 November 2022 07:49 AM

සැහැල්ලු ඇදුම හොදයි හොදට ඇඟ වැහෙන්න අදින්න මොකද දරුවන්ට ආදර්ශමත් වෙන්න ඔනැ.

:       0       0

Ananda Friday, 25 November 2022 08:09 AM

සැහැල්ලු ඇදුම හොදයි.හොදට ඇගවැහෙන්න අදිනවානම්, මොකද ගුරුවරුන් ලමයින්ට ආදර්ශමත් වෙන්න ඔනැ.

:       0       1

Lelwala Friday, 25 November 2022 07:29 PM

ගුරුවරිය දන්නවා හොඳ නරක. ගුරුවරියක් සාරිය සහ පොත් බෑගය නිසා ඕනෑම තැනකදි හඳුනා ගත හැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 171 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1180 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3868 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1026 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1507 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1152 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 731 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2039 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site