IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ග්‍රහකයේ පස් අරන් නාසා යානය ආවා

සෞරග්‍රහ මණ්ඩලයේ, කිලෝ මීටර් මිලියන ගණනක් ඈතට ගොස්,  ‘බෙන්නු’ නමැති ග්‍රහකට ළං වී, එම ග්‍රහකයේ මතුපිට පස් සහ දූවිලි සූරා එක්රැස් කරගත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ නමැති රොබෝ ගවේෂණ යානය, වසර හතක මෙහෙයුම අවසන් කරමින් යළි පෘථිවිය බලා පැමිණියේය.

සූරා එක් රැස් කරගත් ‘බෙන්නු’ ග්‍රහකයේ පස් සහ දූවිලි තැන්පත් කෙරුණේ ‘ඔසයිරස් රෙක්ස්’ යානයට සම්බන්ධ කුඩා කැප්සියුලය තුළය. රොබෝ යානය, ඊට ලබා දී තිබුණු උපදෙස් අනුව, පෘථිවිය අසලට පැමිණ, එම කැප්සියුලය පෘථිවිය දෙසට මුදා හැරියේය.

කැප්සියුලය, පෘථිවි වායුගෝලයට ඇතුළු වී, අධික වේගයෙන් පෘථිවි වායු ගෝලය හරහා පහළට පැමිණි අතර, කැප්සියුලයේ වේගය අඩාල වූයේ එහි පැරෂූට් දිග හැරීමෙනි. පෘථිවි වායු ගෝලයට ඇතුළු වෙද්දී කැප්සියුලය අධික තාපයෙන් ගිනි ගන්න වූ අතර, එය ආරක්ෂා වූයේ ඊට සම්බන්ධ කළ තාප ආරක්ෂක පද්ධතිය නිසාය.

කැප්සියුලය, මීට සුළු මොහොතකට ඇමෙරිකාවේ යූටා කාන්තාරයේ ස්ථානයකට පතිත කෙරුණි. ඒ සියල්ල සිදුවූයේ පෙර සැලැසුම් අනුවය. පැරෂූට් ආධාරයෙන් කැප්සියුලය පහළට පැමිණෙන ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සහ නාසා විද්‍යාඥයෝ සූදානමින් සිටියහ.

‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය මීටර් 500 ක් පළල ‘බෙන්නු’ ග්‍රහකය බලා ගියේ 2016 දී ය. ‘බෙන්නු’ ග්‍රහකය පෘථිවියට වඩා පැරැණිය. එහි රහස් අනාවරණය කර ගැනීම, සෞරග්‍රහ මණ්ඩලයේ උපත සහ පරිණාමය පිළිබ‍ඳ අධ්‍යයනයට ඉතා වැදගත් බව නාසා ආයතනය පෙන්වා දෙයි.

2020 වසරේ දී ‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘බෙන්නු’ ග්‍රහකයේ වේගයට සමාන්තර වේගයකින්, ඊට සමීපව පියාසර කළේය. ‘ඔසයිරස් රෙක්ස්’ යානය, ඊට සම්බන්ධ රොබෝ අත යොදා ගනිමින්, ග්‍රහකය සූරා පස් සහ දූවිලි සාම්පල ලබා ගැනීම කළේ එම අවස්ථාවේදීය. එක් රැස් කර ගත් පස් සහ දූවිලි ප්‍රමාණය ග්‍රෑම් 250 කි. ඒවා යානය තුළ කුඩා කැප්සියුලයේ ආරක්ෂිතව තැන්පත් කෙරුණි. පෘථිවියේ ජීවය පහළ වීමේ රහස් අනාවරණය කර ගැනීමට ද මෙම පස් සහ දූවිලි උපකාරි වේවි යැයි නාසා විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

ඇමෙරිකාවේ නාසා ආයතනය විශ්වයේ ඈත පාවෙන ග්‍රහකයකින් පස් සහ දූවිලි පෘථිවියට ගෙනා පළමු අවස්ථාව මෙයයි. මීට පෙර ජපානය, 2020 වසරේ දී, රොබෝ යානයක් යවා ග්‍රහකයකින් පස් සාම්පල පෘථිවියට රැගෙනවිත් තිබේ. ඒ, ‘හයබූසා 2’ මෙහෙයුම යටතේය.

‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘බෙන්නු’ ග්‍රහකයට ළං වෙද්දී එය පිහිටියේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 190 ක් දුරිනි.

 ‘බෙන්නු’ ග්‍රහකය සොයා ගනු ලැබුවේ 1999 සැප්තැම්බර් 11 වැනිදාය. හිරු වටා සැරිසරන දස දහස් ගණනක් ග්‍රහක අතරින්, විද්‍යාඥයන් බෙන්නු ගැන උනන්දුවක් දක්වන්නේ එය විශ්වය ආරම්භයේ දී සිදුවුණු හැල හැප්පීම්වලින් කැඩී වෙන්වී ගිය කැබැල්ලක් වීම නිසා පමණක් නොවන බව පැවැසෙයි. අනාගතයේ දිනක පෘථිවියට අනතුරක් විය හැකි ග්‍රහකයක් ලෙස විද්‍යාඥයන් ‘බෙන්නු’ ග්‍රහකය හඳුනාගෙන තිබේ.

2182 වසරේ සැප්තැම්බර් 24 වැනිදා ‘බෙන්නු’ගේ ගමන් මඟ වැටී ඇත්තේ පෘථිවිය හරහාය. ඒ අනුව, ග්‍රහකය පෘථිවියේ හැපීමට නියමිතය. ‘බෙන්නු’ ග්‍රහකයේ පස් සහ දූවිලි අධ්‍යයනය කරමින්, ග්‍රහකයෙන් පෘථිවිය බේරා ගැනීමේ ක්‍රමයක් සෙවීමට ද අනාගතයේ නාසා විද්‍යාඥයන්ට සිදුවනු ඇතැයි පැවැසෙයි.

කැප්සියුලය පෘථිවියට මුදා හැරීමෙන් පසු, ඇමෙරිකන් ඩොලර් මිලියන 800 ක් වැය කරමින් නිපදවූ ‘ඔසයිරස් රෙක්ස්’ යානය තවත් මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශයේ ඈතට යැවීමට නාසා විද්‍යාඥයන් උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව, ‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘ඇපෝසිස්’ නමැති ග්‍රහකය නිරීක්ෂණයට ගියේය. ‘ඔසයිරස් රෙක්ස්’ යානය, ‘ඇපෝසිස්’ ග්‍රහකය නිරීක්ෂණය කරනු ඇත්තේ 2029 වසරේදීය.

ස්තුතිය - නාසා ආයතනයට



අදහස් (3)

ග්‍රහකයේ පස් අරන් නාසා යානය ආවා

පියනන්ද Sunday, 24 September 2023 10:38 PM

මෙවැනි පුවත් අහන්නත් සතුටුයි. ස්තූතියි. ග්‍රහයෝ සහ තාරකා ගැන උදේ පාන්දර ඉඳන් පච හලන TV චැනල් සහ පචෝරිස්ලා නිසා අවිද්‍යා අන්ධකාරයටම ඇදිලා යන අපේ අලුත් පරපුරටවත් විද්‍යාවේ මේ ආලෝකය ලැබේවා!

:       0       2

අසිත සම්පත් Sunday, 24 September 2023 11:23 PM

ඉතා හොඳ වැදගත් මෙහෙයුමක්.මම ආසයි විශ්වය ගැන ඉගනගන්න

:       0       1

Bamunuarachchi Monday, 25 September 2023 07:16 PM

විශ්වයට ඉස්සෙල්ලා තමන් ගැන තමන් අවට ගැන ඉගෙනගන්න....!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති
2024 නොවැම්බර් මස 26 20 0

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට


පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 26 267 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 273 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


උසස් පෙළට කාලගුණය හරස් වෙයි
2024 නොවැම්බර් මස 26 520 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක ධූරයට මෛත්‍රී මුර්ති හිමි පත් වෙති
2024 නොවැම්බර් මස 26 2 0

කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නාහිමියෝ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයට තේරි පත්වූහ.


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 589 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2096 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site