IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ගුරු ගැටලුවට විසඳුම අද කැබිනට් මණ්ඩලයට

(ඩයනා උදයංගනී)

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව විසඳීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (26) පස්වරුවේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

ඒ තුළින් ගුරුවරුන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් ලබාදීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවේ අන්තර්ගත කරුණු කැබිනට් සාකච්ඡාවෙන් පසු අනාවරණය කරන බව ද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති සමඟ හෙට (27) උදෑසන සාකච්ඡාවක් පවත්වන බව ද ඇමතිවරයා කීවේය.

ප්‍රශ්නය විසඳීමට උපරිම කැපවීමක් ඇති නිසා සිසු දරුවන් පීඩනයකට ලක් නොකර මාර්ගගත අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට ගෙනයන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව ද ඇමතිවරයා පැවසීය.

ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නත් දෙවන මාත්‍රාව ද අගෝස්තු අවසානයට පෙර ලබා දී සැප්තැම්බර් මුල් සතියේ යම් සැලැස්මක් අනුව සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා එයට ද පූර්ණ සහයෝගය දෙන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය.

මේ වන විට රටේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් සියයට 77 කට එන්නත් පළමු මාත්‍රාව දී අවසන් බව ද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (26) පැවති මාධ්‍ය හමුවේදීය.

 



අදහස් (1)

ගුරු ගැටලුවට විසඳුම අද කැබිනට් මණ්ඩලයට

ජානක Monday, 26 July 2021 06:53 PM

ආයෙත් පිනට කරන්න කියලනෙ කියන්නෙ ඔය?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න
2024 නොවැම්බර් මස 06 253 0

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර


‘අයිස් ‘සමඟ කතුන් දෙන්නෙක් පොලිස් දැලේ
2024 නොවැම්බර් මස 06 78 0

රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


පාරවල් හැදූ හිඟ සල්ලි ගෙවන්න යයි
2024 නොවැම්බර් මස 06 159 0

කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගාලු මුවදොර උත්සව - සංගීත බාධාව ඉවතට
2024 නොවැම්බර් මස 06 300 0

ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


270 න් 230 ක් ට්‍රම්ප්ට
2024 නොවැම්බර් මස 06 512 0

ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්


දුරකථන කණුවක හැපී යතුරුපැදිකරු මරුට
2024 නොවැම්බර් මස 06 92 0

බෙන්තොට, රජ මාවතේ ගමන් ගත් යතුරු පැදියක් කෝම්මල ප්‍රදේශයේදී දුරකථන රැහැන් කණුවක හැපීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 13 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 423 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site