IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ගුරු වැටුප් ගැටළුව ලබන අයවැයෙන් විසඳයි

(අජන්ත කුමාර අගලකඩ)

ගුරු - විදුහල්පති සේවාවල වැටුප් විෂමතා ඉවත් කිරීම මීළඟ අයවැයෙන් සලකා බැලීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මේ පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඇමතිවරු න් සහ ගුරු සංගම් අතර සාකච්ඡාවක් අද (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දි පැවැත්වීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .

කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26)රාත්‍රියේ සුම් තාක්ෂණය ඔස්සේ පැවති අතර, එහිදී මෙම තීරණය ගෙන තිබේ .

අගමැතිවරයා සහ ගුරු සංගම් අතර සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ,අමාත්‍යවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ ,උදය ගම්මන්පිල, ආචාර්ය බන්දුල ගුණවර්ධන ,ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ යන මහත්වරුන්ද සහභාගී වීමට නියමිතය .

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් ඊයේ පැවති කැබිනට් රැස්වීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කරනු ලැබීය .

ගුරු ,ගුරු උපදේශක සහ විදුහල්පති සේවා සංයුක්ත සේවා බවට පත් කිරීමටද එමඟින් යෝජනා කර තිබිණි.

මෙම යෝජනා සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, මේ මොහොතේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දී ඇතැයි වාර්තා වේ .

 



අදහස් (3)

ගුරු වැටුප් ගැටළුව ලබන අයවැයෙන් විසඳයි

Rata Perata Tuesday, 27 July 2021 12:34 PM

අපි නොදන්න මහින්දගේ කැරට් අල...

:       0       0

pradeepa Tuesday, 27 July 2021 01:40 PM

ගුරු සංගම් ඕකට කැමැති වෙයිද? අපේ ළමයින්ගේ අධ්‍යාපනය ඒකත් එක්ක සෙල්ලම් කරන්න ආණ්ඩුව හදන්නේ...

:       0       0

පප්ප Tuesday, 27 July 2021 02:50 PM

මේ බොරු වැඩවලින් ගුරුවරු රවට්ටන්න දැන්නම් අමාරුයි. දියවන්නාවේ ඉන්න අය කියන එ්වා දැන් කවුරුත් මායිම් කරන්නේ නැහැ.. ඒ තරමට ඒ අය පජ වෙලා ඉන්නේ...

:       7       105

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

එජාපයේ ’’භූතයන්’’ දෙන්නෙක් ගෙන් රවීට කරදර
2025 අප්‍රේල් මස 25 73 0

එක්සත් ජාතික ජාතික පක්ෂයේ භූතයන් දෙදෙනකු තමාට කිසිම දේකට එන්න දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.


කෝටි තුනක බඩු ගුවන්තොටේ දමා ගිහින්
2025 අප්‍රේල් මස 25 125 0

ගමන් මලු දෙකක් තුළ අසුරා තිබූ රුපියල් කෝටි තුනක් වටිනා නවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක 228 ක් කටුනායක ගුවන් තොටුපොළ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහ


පහල්ගම් ප්‍රහාරය මෙහෙය වූ කෙරුමෙක් වෙඩි කයි
2025 අප්‍රේල් මස 25 136 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම බාරගත් ලෂ්කර්-ඊ-තලීබා සංවිධානයේ අණදෙන නිලධාරී අල්තාෆ් ලල්ලී ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමකදී වෙඩි වැදී මියගොස් ඇ


දළදා රාජකාරියේ සිටි පොලිසියේ 2ක් මිය ගිහින්
2025 අප්‍රේල් මස 25 435 0

සිරි දළදා වන්දනාවේ රාජකාරියේ යෙදී සිටි සැරයන්වරුන් දෙදෙනකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පො


පාප් වහන්සේට අගමැතිනිය සංවේගය පළ කරයි
2025 අප්‍රේල් මස 25 119 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කොළඹ පිහිටි වතිකානු තානාපති කාර්යාලයට අද (25) පැමිණ බුවනෝස් අයර්ස් හි අගරදගුරු සහ ආර්ජන්ටිනාවේ ප්‍රාදේශීය


මහියංගන බස් අනතුරින් 28කට තුවාල
2025 අප්‍රේල් මස 25 214 0

තිරිංග අක්‍රයවීමත් සමඟ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු ලංගම බසයක් වියානා ඇළ දෙසට ධාවනය වෙද්දී එහි රියැදුරා අසල වේල්ලක ගැටීමට සලස්සවා බසය නවතා ගැනීමෙන්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 778 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 373 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 524 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site