(දයාරත්න ඇඹෝගම)
‘මේ මාසයේ 20 වැනි දින ගුරු වැටුප් සමග අතුරු දීමනාව ගෙවීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් මාර්තු මාසයේදී දැවැන්ත වැඩ වර්ජනයකට යන්න සියලු ගුරු හා විදුහල්පති සංගම් තීරණය කෙරුවා’ යි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
අනුරාධපුරයේදි අද(08) පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා මේ බව පැවසීය. මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ ද පැවසීය.
වර්ෂ 1997 සිට ඇතිකරන ලද මෙම අසාධාරණය ගැන විවිධ අවස්ථාවල රජය බොරු පොරොන්දු දුන්නා. වත්මන් රජය බලයට පැමිණි පසු ඉදිරිපත් කරන පළමු අයවැය මගින් මේ සඳහා විසඳුම් දෙන බවට පොරොන්දු වෙලා ඡන්දය ලබා ගත්තා.අවස්ථා කිපයක දි මේ රජයේ ඇමතිවරු වන ඩලස් අලහපෙරුම, මහාචාර්ය ජී.ඇල්.පීරිස් යන අය පාර්ලිමේන්තුවේදි පවා පොරොන්දු වුණා වැටුප් විෂමතා ඉවත්කරන තෙක් ජනවාරි මාසයේ සිට අතුරු දීමනාවක් ලබා දෙන බව. එය රැවටිමක්. කොවිඩ්-19 වසංගතය හමුවේ අප නිහඬව සිටියා.
නමුත් තවදුරටත් ගුරුවරුන් රැවටීමට ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැහැ. තවදුරටත් රැවටීමට ගුරුවරුන් සුදානම් නැහැ.ඒනිසා මේවන විට සියලු ගුරු සංගම් ඒකමතිකව තීරණය කර තිබෙනවා මෙම ගැටළුව විසඳීමට 20 දා දක්වා රජයට කල් දෙන්න. ඒ අනුව පෙබරවාරි වැටුප සමග අතුරු දීමනාව ලබා නොදුන හොත් මාර්තු මාසයේ දැවැන්තම වැඩ වර්ජනය ආරම්භ කරනවා.
මේ වන විට අප ඒ සඳහා ගුරුවරුන් දැනුවත්කරමින් ඔවුන් සංවිධානය කිරීම ආරම්භ කළා. එහි පළමු පියවර ලෙස මෙම මාසයේ සිට දිස්ත්‍රික් මට්ටමෙන් දැවැන්ත උද්ඝෝෂණ ආරම්භ කරනවා. එහි පළමු උද්ඝෝෂණය මෙම මාසයේ 24 වන දින අනුරාධපුරයේදී කරන බවද ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා මෙහිදි පැවසීය.
මෙම මාධ්‍ය හමුව සදහා ලංකා ගුරු සංගමයේ විදුහල්පතිවරුන්ගේ සංගමයේ සංවිධායක ආනන්ද හෙට්ටිආරච්චි, කලාප නියෝජිත නිමල් සෙනෙවිරත්න හා දිස්ත්‍රික් සංවිධායක ප්‍රසන්න සිරිසේන යන මහත්වරු ද එක්ව සිටියහ.
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බි්‍රතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුරු සංගමයෙන් රතු එළියක්
Bamunuarachchi Monday, 08 February 2021 09:41 AM
වැඩවර්ජනය කරන වුන්ට ජේ.ආර්. ජූලි වැඩවර්ජකයින්ට දීපු බෙහෙත දෙන්න. කොවිඩ් නිසා රට අගාධයට වැටිලා ඉස්කෝල වහලා ගෙදරට වෙලා නිකන් ඉන්න ගමන් මොවුන් වැඩි පඩි ඉල්ලනවා. ගෝල් ෆේස් පිට්ටනියට ගෙනැල්ලා ශරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ගල් ලෝඩ් එකක් මගේ ගානේ එවන්නම්...
Rata Perata Monday, 08 February 2021 12:29 PM
බොහොම හොඳයි... කොහොම හරි වර්ජනය කරලා හරි ගන්න. දේශපාලකයෝ නිකම් ඉඳලා කෝටි ගණන් ගහන එකේ වැඩ කරලාසල්ලි ඉල්ලුවට කමක් නැහැ. සීනිවලින්ම බිලියන 10ක් ගහපු එකේ ඕක දෙන එක මොකක්ද? අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා.