IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ගල්ඔය සමාගමේ අක්‍රමිකතා රැසක් එළියට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

සීමාසහිත ගල්ඔය (පෞද්ගලික) සමාගමේ පරිපාලන තීරණ ගැනීමේදී  වැඩි බලතල  පෞද්ගලික සමාගම් දෙක සතු වන්නේ කෙසේදැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුවේ ) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා එම  සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ  සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කළේය.

මෙම ආයතනයේ සියයට 51 ක කොටස් අයිතිය රජය සතුවද   සියයට  49 ක කොටස් අයිතිය පෞද්ගලික අංශයේ සමාගම් දෙකක්  සතුවද පවතින බව  හෙතෙම සඳහන් කළේය.

ගල්ඔය වැවිලි( පුද්ගලික) සමාගමේ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (24) රැස්විය.

සභාපතිවරයා  මෙම ප්‍රශ්න කිරීම කළේ ඒ අවස්ථාවේදීය.

නව දෙනෙකුගෙන්  සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ  5 දෙනෙකු රාජ්‍ය අංශයද  4දෙනකු පෞද්ගලික අංශයද  නියෝජනය කරන  බව පැවසූ චරිත හේරත් මහතා ඉන් එක් නිලධාරියකු  ඉල්ලා අස්වී ඇති බවද  ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙම සමාගම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී වෙනමම පරිපාලන කළමනාකරන සමාගමක් ලෙස  LOLC සමාගම  ක්‍රියාත්මක වන බවද  ඔහු සඳහන් කළේය. 

මෙහිදී එම ආයතනයේ නිලධාරීන් පැවසුවේ   පරිපාලන තීරණ ගැනීම සම්බන්ධයෙන් වැඩි බලතල අදාළ ගිවිසුමෙන් පෞද්ගලික අංශයේ සමාගම් දෙක සතු වන බවයි.


මෙම සමාගමේ  රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ  පවතින බලතල මොනවාදැයි කෝප් කමිටු සභාපති වරයා මෙහිදී ප්‍රශ්න කළේය.

එසේම 2010 වර්ෂයේදී අත්සන් කරන ලද ගිවිසුම අවසන් වීමට පෙර තවත් වසර දහයකට එනම් 2030 වර්ෂය වනතුරු නැවත ගිවිසුම්ගත වීම පිළිබඳවද මෙහිදී කෝප් කමිටුවේ අවධානය යොමු විය.

මෙම තත්වය පිළිබඳ විශේෂ වාර්තාවක් විගණන දෙපාර්තමේන්තුව විසින්  ඉදිරිපත් කෙරුණු  අතර එම වාර්තාවද සාකච්ඡා කළ යුතු බව චරිත හේරත් මහතා පැවසීය.  ඒ අනුව සීමාසහිත ගල්ඔය වැවිලි (පෞද්ගලික ) සමාගම සම්බන්ධයෙන් වන මෙම විමර්ශනය දෙසැම්බර් මස 6 වන දින දක්වා කල් තබනු ලැබීය.

මෙම කාරක සභා රැස්වීමට   අමාත්‍ය සරත් වීරසේකර,  රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත, නාලක ගොඩහේවා,  ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, ප්‍රේම්නාත් සී දොලවත්ත, රවුෆ් හකීම්, මධුර විතානගේ යන මහත්වරුන්  ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (3)

ගල්ඔය සමාගමේ අක්‍රමිකතා රැසක් එළියට

sharm warn Thursday, 25 November 2021 05:20 PM

අනේ පව් මේ කෝප් කමිටුවෙන් හොරාගේ අම්මගේන්මයි පේන අහන්නේ හැමදාම.

:       0       0

පැරකුම් Thursday, 25 November 2021 09:59 PM

මේ කියන COPE කමිටුවෙන් මෙච්චර කාලෙකට කාටවත් දඬුවමක් දීලා නැති නිසා කවුරුත් කලබල වෙන්න එපා...

:       0       0

mahesh Friday, 26 November 2021 05:45 AM

මේ තියෙන ආකාරයට නම් නොමග යවන සුලුයි. මේකෙ කොහෙද හෙලිදරව් වූ දූෂණ තියෙන්නේ... මේ නිව්ස් එකේ කියන්නේ ගිවිසුම් ගත වූ ආකාරය හා වැඩි බලතල 49% ක්වූ කොටස් හිමියන්ට ඇත්තේ ඇයි කියලා ඇසීමක් විතරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 516 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 498 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 390 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 586 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 2428 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 354 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27192 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 18945 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 652 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site