(ප්‍රසාද් රුක්මල්)
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර 146 වන සැතපුම් කණුව අසලදී දුම්රිය මර්ගයට අද (9) පස්වරුවේ ගලක් කඩා වැටී දුම්රිය මාර්ගයට හානි සිදු වීම නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
මේ නිසාවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1005දරන පොඩිමැනිකේ දුම්රියේ දුම්රිය රියදුරු දුම්රිය මාර්ගයේ රේල් පීල්ල කැඩි ඇති අයුරු කල් තියා දැක දුම්රිය නවතා ගැනීම නිසාවෙන් සිදුවීමට ගිය විශාල දුම්රිය අනතුරක් වැලකී ගිය බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .
කොළඹ කොටුව සිට පැමිණි අංක 1005 දරන පොඩිමැනිකේ දුම්රිය දැනට ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ අතරමග නවතා තබා ඇති බවත් උසස් නිළධාරියකු කීහ .
දුම්රිය මාර්ගය සකස් කිරිමට ඔහීය දුම්රිය මාර්ග අංශයේ සේවකයන් එම ස්ස්ථානය ට යැවීමට කටයුතු සිදු කර ඇති බවත් , බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දැනට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ නවතා තබා ඇතැයි ද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .
හිටපු ආණ්ඩුකාරවරයෙක් සහ හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වන කීර්ති තෙන්නකෝන් මහතා බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨා
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රම
මරදාන දුම්රිය ස්ථානයේ ගුවන් පාලමෙන් ඇඳවැටී අනතුරකට ලක්වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට අද (9) පෙරවරුවේ ඇතුළත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්
වාලච්චේන ප්‍රදේශයේ කාන්තාවක සහ පුද්ගලයකු අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බව පවසමින් ඔටමාවඩි ප්‍රදේශයේ පල්ලියකට බලෙන් රැගෙන ගොස් කාන්තාවට 50 වතාවක් සහ
විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් 27660000.00ක් වංචා කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් තවත් සිටී
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ගලක් උඩරට මාර්ගයේ දුම්රිය නවතයි