(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහ රජයට එරෙහිව පසුගිය අප්‍රේල් මස 9 වැනිදා ආරම්භ කළ ‘අරගලයට’ සහභාගි වී සිටියදී මරණයට පත්වූ සහ විවිධ අනතුරුවලට ලක්වූ ජනතාව සිහිකරමින් අරගලයේ ක්‍රියාකාරිහූ අද (9) පස්වරුවේ කොළඹ ගාලුමුවදොරදී සැමරුම් උත්සවයක් පැවැත්වූහ.
එම ස්ථානයට එක්ව සිටි අරලගයේ ක්‍රියාකාරිකයෝ ඉටි පන්දම් දක්වමින් ‘අරගලයට’ සහභාගි වී සියදී මරණයට පත්වූ සහ විවිධ අනතුරුවලට ලක්වූ පිරිස සිහිකළහ.
ඡායාරූපය:
අරගලයේ ක්‍රියාකාරිහූ ඉටි පන්දම් දල්වමින් මරණයට පත්වූ සහ විවිධ අනතුරුවලට ලක්වූ අරගලකරුවන් හිසිකළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ගාලුමුවදොරදී අරගලකරුවන් සිහි කරති
prasanna Friday, 09 December 2022 08:38 PM
ආපහු ගම කන්න ඇවිල්ලා.
fairoosSunday, 11 December 2022 02:09 PM
නුඹලා වගේ වහල්ලු නිසා තමයි රට අද මේ තත්වයට පත්වෙලා තියෙන්නේ... නන්දදේන සහ සෙට් එක රටට කරපු විනය තමයි නුඹත්, මමත් දැන් අත්විඳින්නේ... අරගලයට ජයවේවා..!
යෝගා Saturday, 10 December 2022 06:21 AM
මේ ඉන්නෙ මාසෙ පඩියට අරගල කරන සෙට් එක වෙන්න ඕන. රැට්ටලට, දමිතලට නම් කුට්ටිය එකපාරටම දුන්නනෙ.
මැක්ස් Saturday, 10 December 2022 07:54 AM
එල්ටීටීය ද මහවිරුවන් සිහි කිරීම යනුවෙන් නම් කරමින් වසරක් පාසා මියගිය ත්‍රස්තවාදීන් සිහි කරති. ජවිපෙ සහ පෙරේට්ටන් ද වසරක් පාසා අප්‍රිල් මාසයේ සහ නොවැම්බරයේ තමන්ගේ ත්‍රස්තවාදීන් සිහි කරති. එසේම, මෑත දේශපාලනයේ අසාර්තකම, පාදඩ සහ සැලසුම් රහිත ක්‍රියාවලිය වූත්, "අරගලය" යන වචනයට නිග්‍රහයක් වූත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "පරගලයක්" වූ දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ප්‍රහසනය ඊට නියමිත අවසානය කරා ළගා වුවත්, එය සමරමින් බඩ වඩා ගන්නා පිරිසක් සිටීම අරුමයක් නොවන්නේ "හිට්ලර්" සමරන්නන් ද ඉදහිට සිටින බැවිනි.
UK RAN Saturday, 10 December 2022 09:53 AM
ඔය සෙට් එක නිසා කොච්චර විනාශයක්ද උනේ.
විපරමා Saturday, 10 December 2022 04:50 PM
ජනතාවගේ ඡන්දෙන් බලය අරන් ජනතාව රවට්ටපු, මහපාරට ඇදලාදාපු, රටම හොරාකාලා විනාශ කරපු දූෂිත බලලෝභී පවුල් පාලනේ අයව පන්නා දාපු එකම මදිද?
වපර ඇහැSaturday, 10 December 2022 06:17 PM
ඡන්දෙන් බලයට ආපු අයගෙන් පිනට දෙනදේම අවුරුදු ගානක්ම කළා.. රටම රවට්ටපු, මහපාරට ඇවිල්ලා කුලියට උද්ඝෝෂණය කරලා කරපු අහේනියක මහත... බඩට වැදෙන ගහන බදුවලින්ම කරන්ට් වැදිලාම දැන් විපරමාට වපර ඇහෙන්ම පේනවා ඇති නේද..?
ගමේ එකාලා Saturday, 10 December 2022 07:04 PM
වහලෙක් වගේ. අද ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ දූෂිත දේශපාලුවන් ඉන්න කරපු වැරැදි තීරණ තීන්දු නිසා. වපර ඇහෙන් බලන කොට ඔහොම්ම තමයි...
sharm warn Monday, 12 December 2022 02:57 PM
එදා මිනිස්සු මාස ගාණක් පාරේ ඉඳගෙන උද්ඝෝෂණය කළේ මොකක් වෙච්චි නිසාද කියලාවත් මතක නැති අමනයින් ඉන්න රටක කවදා සංවර්ධනයක් දකින්නද? උදව් ගන්නේ මේ රටේ ජාතික ධනය අර දියවන්නාවේ ඉන්න පාදඩයින් ටික මංකොල්ල කෑවා කියලාවත් මතක නැද්ද?