IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ගලයායේ පියදස්සී නාහිමියෝ අපවත් වෙති

(රන්ජන් කස්තුරි)

ලන්ඩන් නුවර කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියෝ  පසුගිය 19 වන දින අපවත් වුහ.

1947 වසරේ ජුනි මස 28 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ගලයාය ග්‍රාමයේ උපත ලැබූ උන්වහන්සේගේ ගිහි නාමය වුයේ අඹේකෝන් මුදියන්සේලාගේ සුරවීරය. සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනින්මූලික අධ්‍යාපනය ලබා විද්‍යෝදය මහ පිරිවෙනින් මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්තේය. උන්වහන්සේ පැවිදි දිවියට පිවිසෙන්නේ 1970 වසරේදීයි.

1984 දී ලන්ඩන් බෞද්ධ විහාරාධිපතිව වැඩසිටි මහාචාර්ය පුජ්‍ය හම්මලව ශ්‍රී සද්ධාතිස්ස නාහිමියන්ගේ ආරාධනයෙන් පියදස්සී හිමියන් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ලන්ඩන් නුවරට වැඩම කළහ. 1989දී උන්වහන්සේ සද්ධාතිස්ස හිමියනුගේ මග පෙන්වීම යටතේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නමින් උතුරු ලන්ඩනයේ කෙන්ටන් ප්‍රදේශයේ විහාරස්ථානයක් ආරම්භ කළේය.

සද්ධාතිස්ස නාහිමියන්ගේ අපවත්වීමෙන් පසුව පියදස්සි හිමියන් තමන් වහන්සේගේ ගුරු හිමියන් වූ සද්ධාතිස්ස නාහිමියන්ට කරන ගෞරවයක් වශයෙන් එම විහාරස්ථානය "ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය" නමින් නම් කරනු ලැබිය. පසුව එම විහාරස්ථානය අද පවත්වාගෙන යනු ලබන කිංග්ස්බරි නඟරයේ වඩාත් ඉඩ පහසු සහිත ගොඩනැඟිල්ලකට ගෙනයනු ලැබිය.

පියදස්සි හිමියන්පූ පිළිබඳව සටහනක් තබන ලන්ඩන් නුවර ප්‍රවීන මාධ්‍යවේදී නීතිඥ ශාන්ති සේනාධීර මහතා මෙලෙස ලියා තිබුණි "පුජ්‍ය ගලයායේ පියදස්සී ස්වාමීන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක සහ සමාජ ආගමික සේවය අගයමින් මහාවිහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයෙන් එක්සත් රාජධානියේ ප්‍රධාන අධිකරන සංඝනායක පදවියෙන්ද අස්ගිරි මහාවිහාර පාර්ශවයෙන් එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක පදවියෙන්ද, බ්‍රෙන්ට් නගර සභාව විශිෂ්ට පුරවැසි නාමයෙන්ද බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජින MBE ගෞරව නාමයෙන්ද, බුරුම රජය අග්ග මහා පණ්ඩිත ගෞරව නාමයද පුදකර සිටි බව උන් වහන්සේගේ 75 වෙනි ජනම දින පැවැත්වූ උළෙලේ දී සඳහන් කර තිබුණි.

තවද උන්වහන්සේ ශ්‍රී ලංකාවේ ඉටුකළ සමාජ සේවා කටයුතු අතර හෙට්ටිපොළ ගල්කන්ද මුදිත ළමා නිවාසය අරඹා උසාවි තීන්දු මඟින් අනාතවූ, අත්හල, අසරණ, දරුවන් යහමගට ගැනීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කිරීම,එහි ඉන්නා දරුවන්ට අධ්‍යාපන පහසුකම් සහ නේවාසික පහසුකම් සැළසීමද, සුනාමි ව්‍යසනයෙන් අසරණවූ ජනතාව උදෙසා ගාල්ල වලහන්දූව ප්‍රදේශයේ සුනාමි ගම්මානයක් ඉදිකිරිම, නාවල ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර පුස්කාලයක් ඉදිකිරීම ප්‍රධාන වේ.

වසර ගණනාවක් තිස්සේ ලන්ඩනයේ අවුරුදු උළෙල අප සංස්කෘතිය විදෙස් රටකදී මෙහි හැදී වැදුණු දු දරුවනට පේනවා දී අති සාර්ථක අන්දමින් පැවැත්වීමේ ගෞරවය උන්වහන්සේට හිමිවේ.කින්ස්බරි විහාරස්ථානයේ පැවැත්වූ දහම් පාසල තුලින් එංගලන්තයේ වෙසෙන දුදරුවන්ගේ දහම් දැනුම ඔපවත් කිරීමේ මහගු කාර්යද ,වරින්වර ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන පැවැත්වීම ඇතුළු බුදු දහම මෙරට ප්‍රචාරය කිරීම සඳහා මහගු මෙහෙයක් පසු ගිය දශක ගණනාවක් තිස්සේ ඉටු කිරීමේ ගෞරවයද උන් වහන්සේගෙන් ඉටු විය.

උන්වහන්සේ කලක් තිස්සේ ගිලන්ව වැඩ විසු අතර එනමුදු සිය යුතුකම් නොපිරිහෙලාම ඉටුකළ යතිවරයකු ලෙස සඳහන් කල යුතුය. අපවත් වන විට උන් වහන්සේ 75 වැනි වියෙහි පසුවිය. පූජ්‍ය ගලයායේ පියදස්සි නායක ස්වාමින් වහන්සේ විසින් එක්සත් රාජධානිය තුළ සිදුකරනුලැබූ මේ සමාජ මෙහෙවර අප සිත් තුළ චිරාත් කාලයක් පවතිනු නියතය, අපි උන්වහන්සේට අතිඋතුම් අජරාමර මහා නිවන් සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු."

පියදස්සි හිමියන්ගේ ශ්‍රී දේහය අද (29)  සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කරවනු ලැබිය. 30වෙනි සිකුරාදා සවස ආගමික වතාවත් සිදුකිරීමට නියමිතය. අනිද්දා (31) වෙනි සෙනසුරාද උදේ 9.45 ට ශ්‍රී දේහය විහාරස්ථානයෙන් සිට හෙන්ඩන් ආදාහනාගාරය වෙත වැඩමකරවා අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත.



අදහස් (2)

ගලයායේ පියදස්සී නාහිමියෝ අපවත් වෙති

Senarath Friday, 30 December 2022 09:22 AM

උන්වහන්සේට නිවන් සුව අත්වේවා !

:       1       1

තිස්ස Friday, 30 December 2022 04:09 PM

"යෝ හෝති විසාරදෝ ච – බහුස්සතෝ ධම්මධරෝ ච හොති ධම්මස්ස හෝති අනුධම්මචාරි – ස තාදිසෝ වුච්චති සංඝ සෝභනො... යමෙක් ව්‍යක්ත ද, විශාරද ද, බහුශ්‍රැත ද ධර්මධර ද ධර්මයට අනුකූලව හැසිරෙන්නේ වේ ද හෙතෙම සංඝ ශාසනය බබුළුවන්නෙක් වේ." අපවත්වීවදාළ අතිපූජ්‍ය ගලයායේ පියදස්සී නාහිමිපාණන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා...!!!

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 7 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 218 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 40 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 233 0

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 4724 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 4565 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26205 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18860 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1850 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site