(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල දිස්ත්‍රික්කයට අද (13) දහවල් කාලයේ සිට ඇද හැළෙන හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් ගඟ අවට වෙසෙන නෙළුව, තවලම, නාගොඩ, සහ නියාගම ජනතාව ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙස ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ වන විට උඩුගම නගරය අඩි තුනකින් පමණ ජලයෙන් යට වී තිබෙන අතර තවලම මාර්ගයේ ඇහැලකන්ද පාලම ජලයෙන් යටවි තිබෙන බවද සහකාර අධ්යක්ෂවරයා පවසයි.
මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව යක්කලමුල්ල මාර්ගය ,පිලානඅංකොක්කාවල මාර්ගය යනාදී පහත් බිම් ද ජලයෙන් යට වී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂවරයා තවදුරටත් පැවසූයේ මෙම වැසි තත්ත්වය ඉදිරියට පැවතුණ හොත්ත ත්වය බැැරුම්වීමට හැකි බවයි.
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගාල්ලට ගංවතුර අවදානමක්