IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ගාල්ලේ එන්නත් සිද්ධිය පිටුපස කුමන්ත්‍රණයක්

(සුජිත් හේවාජුලිගේ )

ගාල්ලට ගොස් එන්නත් ලබා ගත් බස්නාහිර පළාතේ පිරිස අතර  විපක්ෂයේ දේශපාලඥයන්ගේ සමීපතමයන් පිරිසක් සිටින බවට  තොරතුරු හෙළිවී ඇතැයි  ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

මේ පිරිස ගැන  ආරක්ෂක අංශ වෙනම විමර්ශනයක් අරඹා ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා  ඔවුනට එරෙහිව  ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වනු ඇතැයිද සඳහන් කළේය.

මේ අතර රජයේ එන්නත්කරණ  වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය බිඳ දැමීම සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද ආරක්ෂක අංශ සෙවිල්ලෙන් පසුවන බවත් ජයසුමන මහතා කීවේය .

ගාල්ලේ එන්නත් සිද්ධිය අනාවරණය වූ වහාම  ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශන  පවත්වා අදාළ නිලධාරින්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බව කී රාජ්‍ය ඇමතිවරයා ඔවුනට එරෙහිව තවදුරටත් විමර්ශන සිදුකරන බවද  අනාවරණය කළේය .

මේ අතර  ගාල්ලෙන් එන්නත් ලබා ගැනීමට ගිය බස්නාහිර පළාතේ පිරිසෙන්  බහුතරයක් මේ වන විට හඳුනාගෙන අවසන්  යැයි  පොලිස් මූලස්ථානය පවසයි .

මේ සැකකරුවන් හඳුනාගෙන ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සීසීටීවී කැමරා පද්ධති පරික්ෂා කිරීමෙනි . 



අදහස් (10)

ගාල්ලේ එන්නත් සිද්ධිය පිටුපස කුමන්ත්‍රණයක්

de silva Saturday, 19 June 2021 11:53 AM

ඔව් මේ හැම ප්‍රශ්නයක්ම හදනනේ විපක්ෂය

:       5       81

pradeepa Saturday, 19 June 2021 12:18 PM

බයිලා කියන්න එපා... ඕකෙන් පේන්නේ මේ රටේ ආණ්ඩුව කරන්නේ තම විපක්ෂයේ කට්ටිය කියලා... ඔබතුමා වියත්මගෙන්නේ ආවේ කියලා වැඩක් නෑ..

:       5       307

සෙනෙවිරත්න Saturday, 19 June 2021 12:55 PM

ආණ්ඩු පක්ෂයේ නම් හෙලි කරනවාට වඩා විපක්ෂයේ අයගේ නම් හෙලිකර දවල් මිගෙල් රෑ ඩැනියෙල් වරු සහ කියනකොට මෙහෙමයි, කරනකොට අරෙහෙමයි, යන අය වහාම ජනතාවට පෙන්වන්න. විපක්ෂයේ අයට මෙවන් වැරැදිවලට කිසිඳු සමාවක් දිය නොහැකියි.

:       29       102

Rata Perata Saturday, 19 June 2021 02:17 PM

නන්දසේන ජනපති කරගත්ත දවසේ ඉඳලා හැම මගුලම කුමන්ත්‍රණ. අසාර්ථකයි, අසමත්, කරුණාකර රට තවත් අරාජික කරන්නේ නැතුව ගෙදර යන්න.

:       29       507

GalaparaSunday, 20 June 2021 07:01 AM

අපි ඊයේ රූපවාහිනියේ එකේ දැක්කා ගොඩගේ පාවිච්චි කරන වාහනවලට කියපු බොරුව... ඒ පෙන්නපු වාහන සේරම කෝටි 5ට වැඩි වාහන. මෙච්චර වාහන තිබිලත් මොකටද තවත් කෝටි ගණන් අලුත් වාහන ගෙන්නන්නේ. ලෝකයේ දියුණු රටවල නායකයින් යන්නේ බස් එකේ, කෝච්චියේ. කොරෝනා ලෙඩෙන් දුප්පත් මිනිස්සුන්ගේ බඩ පොත්තට ඇලිලා කන්න නැතුව. අනේ මෙහෙමත් කාලකන්නි රටක්...!!!

:       0       250

kamal Saturday, 19 June 2021 02:42 PM

වියත්මගේ වැඩකිඩ... දැන් සනීපද?

:       4       259

Nimal Ambalangoda Saturday, 19 June 2021 04:45 PM

මේ කියන විදිහට විපක්‍ෂයට නටන්න පුලුවන් නම්, රටේ බලය තියෙන්නෙ කා අතේ ද​....? මේ වැඩේ සංවිධානය කරේ කවුද කියල සොයල බලන්න​. කලින් දවසෙ "අපි හෙට හාල්ල එන සියලුදෙනාට එන්නත ලබාදෙනව​" කියල සෟඛය ලොක්කෙක් කිවුව මතකයි. එන්නත දෙනව කියල ආරංචි වුනහම එක එන්නතක් අරගෙන අනාථ වෙල ඉන්න මිනිස්සු ඒ ගැන උනන්දු වෙන එක අරුමයක් නෙමෙයි.

:       4       144

Nihal Saturday, 19 June 2021 08:59 PM

වෙන රටවල මහාචාර්යවරු එක්ක බලනකොට මෙයාලා කොච්චර දුර්වලද? පට්ටම විතරක්ම සමාන වුණාට ඒ අය කරන්නේ නව නිර්මාණ, පර්යේෂණ වගේ දේවල්... මේ අයගේ දුර්වලතා වහගන්න දේශපාලනය කරලා පාර්ලිමේන්තු එනවා...

:       0       1

Sri Lanka Saturday, 19 June 2021 09:16 PM

අනිවාර්යයෙන්ම විදේශ කුමන්ත්‍රණයක්...!!! ඡන්දෙන් පස්සේ ඇහුණේම නෑ විදේශ කුමන්ත්‍රණ...

:       0       1

de silva Sunday, 20 June 2021 04:02 PM

ප්‍රාදේශීය සභාවේ සභාපතිට කියලා ලිස්ට් එක හදවාගත්තා නම් මේ අවුල වෙන්නේ නැහැ. අහිංසක මොරටු සමන්ව හිරේ දැම්මා. අනිවාර්යයෙන්ම මේක විපක්ෂයේ කුමන්ත්‍රණයක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 5 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 108 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 305 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 958 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 354 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 82 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1325 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 699 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site