(උණවටුන ඞී. ජී. සුගතපාල)
උණවටුන පිහිටි ගාල්ල දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදි ඉකුත් 05 වැනිදා සහ 07 වැනිදා ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂිල්ඞ් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබා දුන් පුද්ගලයින්ගේ නාම ලේඛණය ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබා දෙන ලෙස ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට අද නියෝග කළේය.
උණවටුන ඖෂධ ගබඩාවට ලැබුණු එන්නත් ප‍්‍රමාණය සහ එන්නත් බෙදා හරින ලද ප‍්‍රමාණය මෙන්ම ඉතිරි වූ එන්නත් ප‍්‍රමාණය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබා දෙන ලෙස ද අධිකරණය උණවටුන ඖෂධ ගබඩාවේ පාලකවරයාට නියෝගයක් නිකුත් කළේය.
එසේම, එම සිද්ධියට අදාළව ඉකුත් 05 වැනිදා සහ 07 වැනිදා යන දෙදින එන්නත් වැඩසටහනේ සි. සි. ටි. වී. දර්ශණ ඇතුළත් සී ඞී තැටියක් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයට ලබාදෙන ලෙස ද මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට තවත් නියෝගයක් නිකුත් කළේය.
එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අතරමැදියකු ලෙස කටයුතු කළ බව කියන පුද්ගලයකුගේ දුරකතන වාර්තා ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපතිවරයාට ලබා දෙන ලෙසට ද මෙහිදී අධිකරණය අදාළ දුරකතන සමාගම්වලට ද නියෝගයක් නිකුත් කළේය.
සිද්ධියට අදාළ දින දෙකේදී දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමෙන් ගාල්ල දෙසට පිටවු වාහන පිළබඳ තොරතුරු ඇතුලත් සී.සි.ටී.වි. කැමරා දර්ශණ සියල්ල ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයට ලබාදෙන ලෙස ද මහේස්ත‍්‍රාත්වරයා දක්ෂිණ අධිවේගි මාර්ග අධ්‍යක්ෂකවරයා ට ද නියෝගයක් නිකුත් කර තිබිණී.
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීමෙ මේ වනවිට සිදුවෙමින් පවතින අතර, අපේක්ෂා කළ අන්දමට, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩ
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්
කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ගාල්ලේ එන්නත් සිද්ධියේ වාර්තාවක් කැඳවයි