IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගල්විල පාරිසරික උද්‍යානය ජනතා අයිතියට

 

(එච්. චන්දන)

පුත්තලම දිස්ත්‍රික්කයේ  - කරුවලගස්වැව තබ්බෝව අභය භූමිය තුළ ස්ථාපනය කරන ලද වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් ‘‘ගල්විල පාරිසරික උද්‍යානය ‘‘  ජනතාවට විවෘත කෙරිණි.

යාල, විල්පත්තුව වැනි ජාතික වනෝද්‍යානවල මෙන් දෙස් විදෙස් සංචාරකයන් හට පහසුවෙන් වන සතුන් ඇතුළු ස්වාභාවික පරිසර පද්ධති නැරඹීමට මෙහිදී අවස්ථාව හිමිවේ.

තබ්බෝව අභයභූමිය කේන්ද්‍ර කරගෙන පුත්තලම- අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව පහරියහංදිය ප්‍රදේශයේ ස්ථාපිත කළ ගල්විල පාරිසරික උද්‍යානය වනසංරක්ෂක ජනරාල් ඩබ්.ඒ. සි වේරගොඩ මහතාගෙන් ප්‍රධානත්වයෙන් විවෘත කිරිම සිදුවිය.

මෙම ස්ථානයේ මේ වන විට නවාතැන් ගැනීමේ පහසුකම් නොමැති අතර ඒවා සකස් කරගෙන  යනු ලැබේ. පුත්තලමේ නවාතැන් පහසුකම් ලබා ගන්නා අයකුට ගල්විල පාරිසරික උද්‍යානය කිලෝමීටර 13 ක් ඈතින් පිහිටා තිබේ.



අදහස් (13)

ගල්විල පාරිසරික උද්‍යානය ජනතා අයිතියට

පූජා Sunday, 19 July 2020 07:23 AM

හිස් අවකාශයේ, නිදහසේ පියාඹා යන කුරුලු ජෝඩුවටත්, හරිත වර්ණයන්ගෙන් සමන්විත, සොබාමත් අතු පතර හිඳ කාවදෝ සොයන තනි කුරුල්ලාටත්, තනිව ආහාර බුදින අලියාටත් මගේ හද බැඳුනි.

:       0       112

Champa Sunday, 19 July 2020 06:56 PM

මේ පරිසර උද්‍යාන ව්‍යාපෘතියට මුදල් දෙන ලෝක බැංකු වාර්තාවක් අනුව මෙය වර්ග කිලෝ මීටර් 330ක් විතර විශාලයි. යාල අභය භූමියෙන් 1/3ක්. කළා වැව තෙක් දිවෙන මේ විශාල වනාන්තරයේ ඓතිහාසික දුර්ලභ පුරා විද්‍යාත්මක ස්ථාන පිහිටලා තියෙනව. අතීතයේ රහතුන්වහන්සේලා වැඩසිටි භූමියකුත් මේ වනාන්තරයට අයිතියි. සාලිය අශෝක පෙම් පුවතටත් සම්බන්ධයි. ඒ හින්ද පළමුව ඒ ස්ථාන ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. මේ වනාන්තරයට විශාල වැව් 6ක් මායිම් වෙනවා. කුඩා වැව් තුනකුත් අයිතියි. ගල් හත නමැති දුර්ලභ කඳු තලාව සහ විවිධ ගල්තලා, ගුහාවන් පිහිටලා තියෙනව. 2017 වහල් ආණ්ඩුව පටන් ගත්ත මේ ව්‍යාපෘතියේ වාර්තාවේ වනාන්තරය, සතා සීපාවා ගැන මිසක් මෙහි ඇති පුරාවිද්‍යා වටිනාකමින් යුක්ත ස්ථාන ගැන සඳහනක් නැහැ. මේ ආණ්ඩුවත් කිසි ඇගයීමක් නොකර කලින් විදිහටම ව්‍යාපෘතිය අරන් යනවා. ක්‍රියාවෙන් සහ දැක්මෙන් හිටපු සහ ඉන්න ආණ්ඩු දෙකම මුල් තැන දෙන්නේ මුදලට මිසක් පරිසරය හෝ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරන්න නෙමෙයි. ඒ හින්ද ගල්විල පරිසර උද්‍යානය තුල පිහිටලා තියෙන පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථාන රැක ගැනීම සඳහා වැඩ පිලිවෙලකුත් මේ ව්‍යාපෘතියට එකතු කල යුතුයි.

:       0       102

විජිත් Monday, 20 July 2020 06:57 AM

( 1 කොටස ) පරිසරය සහ සතුන් ගැන පුන පුනා කීමට අදහස් නොකලත් මේ සතුන් සහ වනය ආරක්ෂාකර ගැනීමට ඇති බාධක කිහිපයක් ගැන කියන්නම්. මේ සියලුම කරුණු අදාළ ආයතනවල රැකියා කරන මහත්ම මහත්මීන්ගෙන් දැනගැනීමට ලැබුන ඒවායි. ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂාකරගැනීමට අපහසුම " දේශපාලුවන්" ගෙන්ය. සමහරු අවුරුදු 5 කට ජනතාවගෙන් ලැබෙන තාවකාලික බලයෙන් උමතුවී කැලෑ වනසති. සතුන් දඩයම් කරති, නැතහොත් පණපිටින් අල්ලාගෙනයති. සමහර වනාන්තරවල ඔවුන් සිදුකරන " ජාවාරම් "නිසා ප්‍රදේශයට ආවේනික සතුන් බැහැර යයි. නැතහොත් මියයයි.

:       0       111

පූජාWednesday, 22 July 2020 05:17 AM

විජිත්, ඔයාගේ දීර්ඝ සටහන් කියවද්දී, එක දෙයක් මිස් වෙලානේ... චම්පා මහත්මියගේ සටහනේ සඳහන් වෙනවා මේ පාරිසරික උද්‍යානය, සාලිය අශෝකමාලා පෙම් පුවතටත් සම්බන්දයි කියලා. මම නම් එයා කියනකම් දැනගෙන හිටියේ නැහැ...

:       0       101

විජිත් Wednesday, 22 July 2020 11:43 AM

පුජා, මම ඉතිහාසය විෂයක් වශයෙන් කරලා නැහැ. නමුත් ආසයි. ඒ නිසා මම හරියට නොදන්නා දෙයක් ගැන අදහස් දක්වන්න බැහැ.

:       21       0

පූජාThursday, 23 July 2020 06:50 AM

විජිත්, ඔබේ නීහඬ බවෙන් මට හැඟී යන්නේ, ඔබ මේ පෙම් පුවත ගැන වැඩි යමක් නොදන්නා බවයී... කමක් නැහැ මමම හොයා ගන්නම්...

:       0       101

පූජාSaturday, 25 July 2020 05:04 AM

සාලිය - අශෝකමාලා පෙම් පුවත ගැන, සොයායෑමේදී මට ඉතා රසවත් තොරතුරු ටිකක් සොයාගැනීමට ලැබුණි. ඒත් මේ මාතෘකාවට ආදාල නැතිනිසා කිසිවක් නොලියමි. එදා විසූ ඒ පෙම්යුවළ මෙන් නොව නූතන සාලිය මාලලා වාසනාවන්තයෝ නොවෙති.

:       0       112

පූජාThursday, 23 July 2020 08:31 AM

සාලිය, අසෝකමාලා ගැන අහලවත් නැති කෙනෙක්ද මෙතන ලොරි ටෝක් දෙන්නේ? ඉතිහාසය හදාරන්නම ඕනෙ නැහැ, ලංකාවේ ඉපදුණු ඕනෙම කෙනෙක් අහලා තියෙනවා. මේ පෙම්යුවල ගැන.. ඉසුරුමුණිය ගැනත් එහෙනම් මුකුත්ම දන්නේ නැතිව ඇති.. මම හිතන්නේ මේ ඊයේ, පෙරේදා ඉපදුණු කෙනෙක්ද කොහෙද?

:       0       111

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 01 August 2020 07:35 AM

විජිත්, ඔයාගේත්, පූජාගේත්, චම්පා මහත්මියගේත්, සාරවත් අදහස් කියවා සතුටු වුණා. ඒවාට ස්තූතියි. බොහෝ විට අලියා තනිවෙන අවස්ථාවක් තමයි එයා චණ්ඩියෙකුවී රැලේ අන් සාමාජිකයින්ට පහරදීමට පටන් ගැනීම... මෙයා තවතවත් දඩබ්බර වැඩ කිරීම ඉවසීමට නොහැකිවූ විට අනෙක් සැමදෙනා එකතු වී තද තීරණයක් ගෙන මෙයාට හොඳහැටි මදි නොකියන්නට පහරදී රැලෙන් පන්නා දමනවා. ඊට පස්සේ මෙයා තනියෙන්ම දිවි ගෙවනවා. වැඩේ පව්.. ඒත් ඉතින් ඒ අයගේ රැලේ පොදු නීතිය එහෙම තමයි. තනි අලියා ප්‍රචණ්ඩ වන්නේ එයා තනිව කේන්තියෙන් ඉන්නා නිසා තමයි. බලාගෙන යනවිට සත්ව ලෝකයේත්, හරි පුදුම දේ තමයි තිබෙන්නේ...

:       0       25

විජිත් Monday, 20 July 2020 06:58 AM

( 2 කොටස ) පසුව ඒ වියාපෘතිය මග නැවතී ඇතිබව දුටුවා මතකයි. ගිය වසරේදී. ඒ පිළිබඳව වගේම ගම් වැසියන්ගේ එක්සත්කම ගැනත් සතුටුයි. දේශපාලුවන්ගෙන් සහ උන්ගේ දරුවන්ගෙන් " රටේ නීති කැඩෙන " ස්ථාන ඕනෑතරම් තිබෙනවා. නුවරඑළියේ "සඳ තැන්න " නැරඹීමට පුද්ගලික රථවලින් යාම තහනම්. ඒ අවට ඇති බිජ අර්තාපල් වගාව ආගන්තුක විෂ බිජ වලින් අරක්ශා කරගනිමටයි. ඒ සඳහා විශේෂිත ජීප් රථ පමණයි යොදාගන්නේ. නමුත් දේශපාලුවන් නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ රථයෙන්ම යන්නලු. නමුත් කොන්ද පන ඇති ඒ ආයතනයේ කළමනාකරණය ඊට ඉඩදී නැත. මේ අනුව, අප පරිසරය මුලින්ම ආරක්ෂාකරගත යුත්තේ මෝඩ, නුගත් ,උද්දච්ච ශ්‍රී ලංකාවේ දේශපාලුවන්ගෙනි. එය එතරම් පහසු නැත. ජයශ්‍රී මහා බෝධියේ ඉහල මඩුවට යාම තහනම්. නමුත් එවැනි උතුම්, පාරිශුද්ධ ස්ථානයකට යාමට අවසර ඇත්තේ. මිනීමරු, දුෂිත, වංචනික, මේ රට විනාශකළ ශ්‍රී ලංකාවේ දේශපාලුවන්ට පමණයි. නීතියක් නැති රටක අපට පරිසරය ආරක්ෂාකරගත හැකි වාසනාවන්ත දවසක් කවදාහෝ ආවොත්.. ඒ සඳහා අවශ්‍ය වන්නේ එකම එක පිළියමයි. " දේශපාලුවන්ට කොන්ද නොනමන " මහත්වරුන්ගෙන් " සැදී අභිමානවත් ,ශක්තිමත් නීති පද්ධතියක්. මුළු රටටම එකම නීතියක්...!!! එය සිහිනයක්ද.?

:       0       111

විජිත් Monday, 20 July 2020 09:33 AM

( 6 වන ෆොටෝ එක බලන්න ..) තනිවුන අලියෙක්...!!! තනි වෙලාද නැතිනම් තනි කරලද...? ප්‍රශ්නයක් ඉතිරිකරලා අලියා පමණක් ඉන්නවා. ජිවිතයේ සමහර අවස්ථාවලදී අප තනිවෙනවා ..එත් තනි කල අයට ලොකු හේතුවක් ඇති. ඒ නිසා ඔබව යමෙක් තනිකලේනම් හැමදාම හැමවිටම ඔහුට හෝ ඇයට ආදරේ කරන්න. ජීවිතය ඔහේ ගලාගෙන යන්න දෙන්න. ජිවිතයට ඕනා විදිහට.

:       0       111

පූජා Tuesday, 21 July 2020 06:23 AM

මෙහි පින්තූරවල පෙනෙන, හිස් අවකාශයේ නිදහසේ පියාඹා යන කුරුලු ජෝඩුවත්, හරිත වර්නයන්ගෙන් වටවුණු ගහකොළ මැද සිට කාවදෝ සොයන තනි කුරල්ලාවත් මගේ හද තදින් බැඳ ගත්තා. තනියම ආහාර බුදින තනි අලියා හිතන්න ඇති තනියම ඉන්න එක ඇඟට ගුණයි කියලා. ඇයි ඉතින් තනියට කිසිවකු හරි ආවාම රණ්ඩු කරන එකමනේ වැඩේ. මාත් කැමතියි ඒ තනිකමට...

:       0       111

විජිත්Tuesday, 21 July 2020 09:43 AM

මට හිතෙන්නේ මෙහෙමයි..දවසකට වරක්වත් අලියාගේ ගෑනු සතා මොකක් හරි කොක්කක් දා ගන්නවා මේ අහිංසක අලියත් එක්ක. අනේ ඉතින් එයා ..මේ පැත්තකට වෙලා හිටියට ගෑනු සතාගැන නොසිතනවාම නොවෙයි.. ඇගෙන් සංඥාවක් ආව ගමන් ඔක්කොම කොකු අමතකකරලා ඇයව සොයාගෙන යනවා. ආදරය කියන්නේ ඒකටයි. කොක්කටවත් කෙක්කටවත් බැහැ ඒ දෙන්නව වෙන්කරන්න. එහෙම නේද..?

:       0       111

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1068 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6611 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3628 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1530 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1637 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28659 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23608 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site