ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉතාලි සහ ස්විට්සර්ලන්තය එක ළඟ පිහිටි යුරෝපා රටවල්ය. දෙරටේ දේශසීමාව වැටී ඇත්තේ ඇල්ප්ස් කඳුකරයේය. ඇල්ප්ස් කඳුකරයට අයත් විශාලතම කඳු වැටිය වන්නේ මැටර්හෝන්ය.
මැටර්හෝන් කන්දේ ඇති ග්ලැසියර එසේත් නැතිනම් හිම තට්ටු ගෝලීය උණුසුම හේතුවෙන් දියවී ගොස් භූමියේ වෙනස් වීම් සිදුවී ඇත. විදෙස් සංචාරකයන් හිම ක්‍රීඩා සඳහා පැමිණෙන නිවාඩු නිකේතන බොහොමයක් ඇත්තේ ද මැටර්හෝන් කඳු වැටිය පාමුලය.
ස්විට්සර්ලන්තයට අයත් ග්ලැසියරවල ප්‍රමාණය 2022 වසරේ දී සියයට 6 කින් ද 2023 දී සියයට 4 කින් ද ක්ෂය වී ගිය බව පැවැසෙයි.
ග්ලැසියර් තටට්ු දියවී, දේශසීමා වෙනස් වීම හේතුවෙන් දේශසීමා යළි ඇදීමට සිදුවී ඇති බව ස්විට්සර්ලන්ත රජය ඉතාලියට දන්වා ඇත. ඉතාලි සහ ස්විට්සර්ලන්ත බලධාරීන් එක් වී දේශසීමාව නිර්ණය කිරීමට නියමිත බව ද පැවැසෙයි. ඒ වෙනුවෙන් ස්විට්සර්ලන්ත ඉතාලි කොමිසමක් ද පිහිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් කියා සිටී.
(ඒ.එෆ්.පී.)
බත්තරමුල්ල නගරය හරහා ධාවනය වූ සුඛෝපභෝගි මෝටර් රථයක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එම රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කෝට්ටේ මහ නගර සභාවේ ගි
සේවක අර්ථසාධක අරමුදල විසින් එම අරමුදලට රුපියල් මිලියන 12,755.09ක මුදලක් අයකරගැනිම සදහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දිනවනවිට බාහිර ආයතනවලට එරෙහිව නඩු 14,096
බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
කාර්මික දෝෂයකට ලක්වීමෙන් අද(22) උදෑසන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා