IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගල ඔය හරහා දැව කඳක් මතින්

(ප්‍රසන්න පත්මසිරි) 

බිබිල මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක ගම්මානවල ජීවත්වෙන ජනතාව වසර 30 ක කාලයක් තිස්සේ  ගල ඔය හරහා දැව කඳන් මතින් යනෙන පිරිසකි.

මැදගම  තාරාපොළ ගම්මානයේ ජනතාව එදිනෙදා කටයුතු සදහා ගල ඔය හරහා බිබිලට එන්නේ ඉතා අවදානම් සහිත මෙම දැව කඳක් මතිනි.

දිනකට පාසල් දරුවන් 15 දෙනෙකු පමණ  සහ ගොවි නිෂ්පාදන රැගෙන ගැමියන් 50 දෙනකු පමණ දෙනා මෙම අසීරු  ලී කොටය පාලමක් බවට පත් කරගෙන තිබේ.

වනයේ තිබෙන හල්මිල්ල වැනි වටිනා දැව කපා ඔය හරහා දමා ඇති අතර මෙයින් ඔයට වැටී ගැමියන් අනතුරුවලට ලක්ව ඇතැයි ඔවුහු කියති.

තාරාපොළ ගම්මානයේ ජනතාවට ගොවි නිෂ්පාදන පිටකුඹුර පොළට ගෙන ඒමටත් දරුවන්ට පිටකුඹුර හා බිබිල පාසල් වලට යාමටත් තිබෙන කෙටිම මාර්ගය මෙයයි.

වසර ගණනාවක් තිස්සේ බලධාරීන්ගෙන් විසඳුම් ඉල්ලූවද මෙතෙක් ඉටු නොවූ බව ගැමියෝ කියති.



අදහස් (10)

ගල ඔය හරහා දැව කඳක් මතින්

osada wickramaarachchi Tuesday, 31 December 2019 06:29 AM

ඇයි හත්දෙයියනේ මට මතකයි ගිය ආණ්ඩුවෙන් මේ පාලම හදන්න එක් එක් කොට්ටාශයකට ලක්ෂ 50 ක් දුන්නා. පාලම බෝක්කු හදන්න. හැමෝම ගත්තා. කරපු අය මහා මැතිවරණයෙන් ගොඩයි. මේ වගේ වැඩ නොකර ඡන්ද ඉල්ලන්න එන අයට කොස්ස අතට ගන්න වග බලාගන්න. මේ අය ඒ සල්ලි වලින් ඒ අයගේ සුඛවිහරණයට වියදම් කරගන්න ඇති. ඔන්න ආයෙම මේ අලුත් ආණ්ඩුවත් ඒවගේ නැති උනත් සොච්චමක් දෙනවලු. බලමු දැන් මොකද කරන්නේ කියලා......මේ අපේ බදු මුදල්.මේවා දීලා උඩබලාගෙන නොසිට බලධාරියෙක් දාලා සොයා බලන්නම වේවි. නැතිනම් මේ දුප්පත් ජනයාට අබ සරණයි. මේ ආණ්ඩුව පත් කළේ ඒවටනේ. බලමුකෝ මේ අයගේ කෙරුවාවත්.

:       1       48

rama Tuesday, 31 December 2019 08:40 AM

සල්ලි විජිතමුනි සාක්කුවේ දාගත්තා.

:       3       388

sunandaTuesday, 31 December 2019 10:01 AM

යකෝ මු කන්න වටිනවානේ..යමු අල්ලස් සහ දුෂණ එකට.

:       0       39

sujithTuesday, 31 December 2019 10:59 AM

හොරා...............

:       0       25

hira Tuesday, 31 December 2019 09:29 AM

ඒ පැත්තේ හිටපු ඇමතියා පට්ට හොරා. අනිවාර්යෙන්ම ඒ සල්ලි වලින් ගෙදර වැඩ ටික කරගෙන බිරිද එක්ක ෂොපින් යන්න ඇති .

:       0       47

විජිත් Tuesday, 31 December 2019 09:59 AM

මේ ඡායාරුපය වචන " දහස් ගණනක් " කතාකරනවා. අපි චුටිකාලේ ඒ කියන්නේ අපි වනචාරීන් ලෙස සලකපු කාලේ සමහර දර්ශන සහිත ඡායාරූප තිබුනා පත්තරවල,සඟරාවල මෙන්න මේ වැනි දර්ශන. නමුත් ලෝකය වෙනස් වෙනවා. බුදු දහමේත් ඒ ධර්මයයි කියන්නේ. ඉතින් දැන් ගොඩාක් අප්‍රිකානු රටවල් " අපිව "පසුකරගෙන ගිහින්. ඒත් අපි හිටපු තැනමයි. එයට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ මෙතෙක් රට පාලනය කරපු දුෂිත දේශපාලුවන් " සහ " ඔවුන්ගේ බස් වලට රැවටී ඔවුන්වම නැවත නැවතත් රටේ බලයට පත්කරගත් නුගත් ජනතාව බව ඔබ නොදන්නවා නොවේ. ඒක වෙනම කතාවක්. අපි ඒ ගැන කතා නොකර මේ අවාසනාවන්ත දුප්පත් අහිංසක ගැමියන්ට රජයෙන් වහාම කළ හැකි දෙයක් කතා කරමු. මම යෝජනා කරනවා යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුව මගින් " යකඩ " පාලමක් සෑදවීම. ඇත්ත වශයෙන්ම එය හමුදාවට ඉතා පහසු ක්‍රියාදාමයක්. පසුගිය යුද සමයේ ඒවගේ පාලම් ගණනක්ම හමුදාවෙන් සෑදුවා. එය ඉක්මන්,පහසු, මිල අඩු ( කොන්ක්‍රීට් වලට සාපේක්ෂව ) කල් පවතින ක්‍රමයක්. මේ පාලමක් අවුරුදු 10-15 පමණ මේ ගැමියන්ට සෙතක් සලසාවි. ජිවිත ගණනක් මාරයාට බිලිවීමේ අවදානම නැතිවේවි. අපිට අදහස් දෙන්න පුළුවන්.එත් නුගත්, දේශපාලුවන්ට මොළය දෙන්නේ කෙසේද..?

:       0       114

Perera Tuesday, 31 December 2019 03:40 PM

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල තියෙන ලංකාවේ. ගමේ මිනිස්සු යන්නේ එන්නේ මෙහෙමයි. මේකද ලංකාවේ ඔය කියන දියුණුව?????

:       0       26

Champa Tuesday, 31 December 2019 03:55 PM

අවුරුදු 30 ක් ඉඳන් යන්නේ මේ විදිහට? මේ ගමට ඡන්දෙ ඉල්ලන් කවුරුවත්ම ආවේ නැත්ද අවුරුදු 30ක් තිස්සේ? අගමැතිතුමාගේ මොකක් හරි සංකල්පයක් දැක්කා ගමට යමක් හරි ඒ වගේ මොකක් හරි නමක් තියෙන. මේ ආණ්ඩුවත් කලින් අවුරුදු 71ක් තිස්සේ තිබ්බ ආණ්ඩු වගේම කරන්නේ ගැමුණු කුමාරයා උණු බත් කෑව වගේ අතනින් මෙතනින් කොතනින් හරි වැඩ කරගෙන යන එක. කිසි පිළිවෙලක් නැහැ. ඒ වුනත් මේ ගම ගැන අගමැතිතුමා අවධානය යොමු කරයි කියල හිතනවා.

:       3       53

malupaan Tuesday, 31 December 2019 04:09 PM

ඔය කොටේ උඩින් යන්නේ යාපනේ, මඩකලපු සහ යාපනේ නව ජාත්‍යන්තර ගුවන් තොටු පල කරා වෙන්න ඇති.

:       0       35

sharm warn Thursday, 02 January 2020 03:26 AM

අවුරුදු 30ක් ... මැති ඇමතියෝ කීදෙනෙක් මේ ගම් වල ප්‍රශ්න විකුණා විකුණා ගසා කන්න ඇතිද ... ජනාධිපතිවත් මේ ගැන කටයුතු කරයි කියලා මම හිතනවා ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 129 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1267 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1221 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1237 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1310 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1155 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24016 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23237 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site