(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති දිනයේ පළමු තරගයේදී ගෝල් ටයිටන්ස් පිල කඩුලු 7 කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කිරීමට සමත් විය.
මෙය ගෝල් ටයිටන්ස් පිල තරග 7 කදී ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙය වන අතර ගෝල් පිල ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවෙයි.
ගෝල් ටයිටන්ස් පිතිකරුවෝ ලකුණු 90 ක ඉලක්කය ඕවර 13.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ටිම් ශීෆට් පන්දු 42 කින් හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 55 ක් රැස්කළේය.
වේග පන්දු යවන කසුන් රාජිත දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට ජැෆ්නා පිලේ කඩුලු 4 ක් දවාගැනීමෙන් තරගයේ වාසිය ගෝල් පිලට ලැබුණි.
ජැෆ්නා කිංග්ස් පිල ඕවර 20 කදී සියලු දෙනා දැවී 89
(දුනිත් වෙල්ලාලගේ 22, තිසර පෙරේරා 13, ඩිල්ෂාන් මධුසංඛ 12, මහීෂ් තීක්‍ෂණ නොදැවී 13, කසුන් රාජිත 20/4, ළහිරු කුමාර 13/2, තබ්‍රේස් ශම්සි 19/2)
ගෝල් ටයිටන්ස් පිල ඕවර 13.3 කදී කඩුලු 3 ට 90
(භානුක රාජපක්‍ෂ 15, ටිම් ශීෆට් 55)
ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.
රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින ගිගුරුම් සහිත තද වැසි එළැබෙන 16 සහ 17 යන දින දක්වා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තවේ ජ්‍යෙෂ්ඨ කාළගුණ විද්‍යාඥ මලිත්
ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14)
සුරාබදු බලපත්‍ර නොමැතිව බත්තරමුල්ල හා තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා රටබීම ලීටර 793 ක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබ
මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගෝල් ටයිටන්ස් තුන්වැනි ජය ලබයි