(දෙනගම යසන්ත ආරියසේන)
ගංවතුරෙන් බලපෑමට ලක් වූ මොරවක අධ්‍යාපන කලාපයට අයත් පාසල් දෙකක් හැර සෙසු පාසල් සියල්ල සහ මුලටියන අධ්‍යාපන කලාපයේ මුලටියන කොට්ඨාසයට අයත් පාසල් දහයක් හා අකුරැස්ස කලාපයේ පාසල් හතරක් අද දින වසා තැබීමට කටයුතු කළ බව මොරවක සහ මුලටියන සහ අකුරැස්ස අධ්‍යාපන කලාප කාර්යාල පවසයි.
හක්මන මුලටියන අධ්‍යාපන කලාපයට අයත් මුලටියන කොට්ඨාශයේ මාර/දෙයියන්දර ජාතික පාසල,දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලය ,මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය ,මාකඳුර ප්‍රාථමික විද්‍යාලය ,සීනිපැල්ල ප්‍රාථමික විදුහල, කැටියපේ උතුර ප්‍රාථමික විද්‍යාලය,කොරඹුරුවාන මහා විදුහල, මීපාවිට ප්‍රාථමික විද්‍යාලය යන පාසල් සහ තිහගොඩ කොට්ඨාසයේ කිතලගම බටහිර හා නැගෙනහිර යන පාසල් දෙක මෙලෙස වසා තැබේ.
මේ අතර මොරවක අධ්‍යාපන කලාපයට (දෙනියාය) අයත් කොටපොල හා මොරවක කොට්ඨාසවලට අයත් සියලුම පාසල් හා පස්ගොඩ කොට්ඨාසයට අයත් ඌරුබොක්ක ජාතික පාසල හා පට්ටිවෙල කනිටු විදුහල හැර අනෙකුත් සියළුම පාසල් සහ අකුරැස්ස කලාපයේ අකුරැස්ස සහ මාලිම්බඩ කොට්ඨාසවලට අයත්වන දියලපේ කනිටු විදුහල, අතුරලිය මහ විද්‍යාලය, පහුරන්විල කනිටු විදුහල හා පරදුව කනිටු විදුහල යන පාසල් අද දින වසා තැබීමට තීරණය කළ බව මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ටි.එම් අකීල් මොරවක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ධම්මිකා පියදර්ශණී අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නලීන් ජයමිණි යන මහත්ම මහත්මීහු ලංකාදිපයට පැවසූහ.
මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට
අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගංවතුර දකුණේ පාසල් රැසක් වසා තබයි