(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගංවතුරට හසුවූ පාදුක්ක වග ප්‍රදේශයේ අඹුසැමි යුවළක් බේරා ගනිමින් වීර ක්‍රියාවක් කළ චරිත්මා ජිනේන්ද්‍රී මාඉටිපේ දියණියට මැතිසබයේ ගෞරවය ප්‍රණාමය පුද කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
පාදුක්ක සිරි පියරතන විදුහලේ 17 හැවිරිදි මෙම දැරියගේ සියලුම දේ ගංවතුරෙන් අහිමි වී ඇති හෙයින් ඇයට ජනාධිපති අරමුදලෙන් යම් ආධාරයක් කරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
ඇය එකවර ජීවිත දෙකක් බේරගත්තා යැයිද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා මෙසේ පැවසීය.
සිරි පියරතන විදුහලේ චරිත්මා සිසුවියගේ ක්‍රියාව මාධ්‍ය මඟින් වාර්තා කරලා තිබුණා. සිරි පියරතන විදුහල බස්නාහිර පළාතේ පාසලක්. මමත් ඒ සිසුවිය ගැන සොයා බලා අවශ්‍ය කටයුතු කරන බව දැනුම් දෙනවා.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා මෙසේ පැවසීය.
පාදුක්ක මගේ ප්‍රදේශය. ඒ දියණිය විශාල වීර ක්‍රියාවක් කරලා තියෙන්නේ. පිරිමියෙක් වත් කරන්නැති වැඩක්. දියණියට ඇගැයීමක් කරන්න විදුහල්පතිතුමා දැනටමත් සාකච්ඡා කරලා තියෙනවා.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගංවතුරේ වැඩ දැමූ චරිත්මාට මැතිසබයෙනුත් මල් මිටක්
Bandula Friday, 07 June 2024 01:57 PM
දිරිය දියණී ඔබට අපගේ උත්තමාචාරය.
SUNIL MILANO Friday, 07 June 2024 02:27 PM
ලක් මෑණියන්ගේ දිරිය දියණිය කළාවූ මේ සත් ක්‍රියාවට හිස නමා ගරු කරන අතර නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා කියා එක සිතින් පතමි බුදු සරණයි..!
Koswatte Friday, 07 June 2024 02:32 PM
මෙවන් දිරිය දියණියන් වැඩි වැඩියෙන් ලක්මවට බිහිවේවා..!!!
aravinda Friday, 07 June 2024 02:41 PM
ජීවිත දෙකක් නොවේ, ජීවිත හතරක් බේරා ගත්තා. වීර විහාර මහා දේවි පරපුරේ දියණියක්...!
Kazi Shajahan Friday, 07 June 2024 03:43 PM
රටට කවදා හරි වැඩක් කරන දිරිය දියණියක්.. කෝටි ගණන් ඉපදේවා නුඹ වැනි තව පුතුන්...
Lankabarana Friday, 07 June 2024 05:11 PM
පාදුක්ක මගේ ප්‍රදේශය කියපු ජගත් මන්ත්‍රීවරයා කිසිම ලැජ්ජාවක් නැතුව එම දියණිය ඇගැයීමට විදුහල්පතිතුමා කටයුතු කරනවා කියන්නේ පාර්ලිමේන්තුවේ ඇගැයීමක් අවශ්‍ය නැහැ වගේ තමයි. පාසලේ ඇගැයීම් බොහෝ වටිනවා... වගේම පාර්ලිමේන්තුවේ ඇගැයීම සමස්ත ජනතාවගේ ඇගැයීමක් වෙනවා.. ඇත්තටම එම දියණියට පාර්ලිමේන්තුවේ ඇගැයීමක් කරනවා නම් ඉතාමත් වටිනවා.
Inayathullah Abdul Cader Friday, 07 June 2024 05:35 PM
දිරිය දියණිය ඔබට අපගේ උත්තමාචාරය. ආදරණීය දියණියට දීප්තිමත්ම අනාගතයක් ප්‍රාර්ථනා කරමි.
gunarathna Friday, 07 June 2024 08:18 PM
මම දැක්කා බල්ලෙක් මුලු පුලක්ම බේරගන්නවා බල්ලාට නම් කාගෙන්වත් ඇගයිමක් නැ.. පාර්ලිමේන්තුවේ මේ ගැනත් කතා කරන්න බැරිද
ලක්මාතාව Friday, 07 June 2024 08:22 PM
මේ වීර මානවිකාවට සහ ඇගේ ආදරණීය දෙමව්පියනට පාරිල්‍යෙයක පරපුරේ හස්තිරාජයෙකුට මෙන් ශක්තිය, ධෛර්යය,බලය, නැණ නුවණ සහ දීර්ඝායු සම්පත් වගා වැඩි දියුණු වේවා!!!
ජී.ඩී. කරුණාරත්න Saturday, 08 June 2024 02:45 AM
දියණිය ඔබට තෙරුවන් සරණිනේ පිහිටෙන් දීප්තිමත් අනාගතයක ට දෛර්ය ශක්තිය දීර්ඝායුෂ නොවඩුව ලැබේවා යි ප්‍රාර්ථනය කරමි