IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ගුවන්සේවා 4 ක් ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ඇරැඹිමට සාකච්ඡා

( තිළිණි ද සිල්වා )

එයාර් ෆ්‍රාන්ස් ,ඕමානයේ සලාම් ගුවන් සේවය , සිනමන් ගුවන් සේවය ඇතුළු නව ගුවන් සේවා හතරක් අලුතින් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (20) පැවසීය 

එයා ෆ්‍රාන්ස් ගුවන් සමාගම සහ මැද පෙරදිග ගුවන් සමාගමක්  ශ්‍රී ලංකාව සමඟ කඩිනමින් ගුවන් ගමන් සේවා ආරම්භ කිරීම සඳහා එකඟත්වය පළකර ඇති අතර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ මෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ද ආවරණය වන පරිදි ගුවන් ගමන් ගමන් වාර ආරම්භ කිරීමට  කැමැත්ත පළ කර ඇතැයිද අමාත්‍යවරයා කීය.

මේ අතර ඕමාන් ගුවන් සේවයට අයත් සලාම් ගුවන් සේවය මත්තල ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ සමග ගුවන් ගමන් වාර ආරම්භ කිරීම කෙරෙහි සාකච්ඡා පැවැත්වූ බව සංචාරක අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව සිනමන් ගුවන් සේවය ලංකාව පුරා විහිදී තිබෙන  අභ්‍යන්තර ගුවන් ගුවන්තොටුපල ආවරණය වන පරිදි ගුවන් ගමන් ගමන්වාර ආරම්භ කිරීමට කැමැත්ත පළ කල බව හෙතෙම කීය.

දැනට ලෝකය පුරා විහිදී තිබෙන ගුවන් සමාගම් 32 ක් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සේවා වල නිරත වන අතර නව වැඩපිළිවෙළ යටතේ  ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ වල මගී ධාරිතාවය  ඉහල නැංවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කළේය.

දිවයිනේ සංචාරක ව්‍යාපාරය යථාවත් කිරීම සඳහා ලෝකේ පුරා ගෙන යන සංචාරක ප්‍රචාරණ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව ගුවන් ගමන් වාර ප්‍රමාණයද ඉහළ නැංවීමට අපේක්ෂිත බවත් එමගින් ඉදිරියේදී දිනකට සංචාරකයින් 1000 ක් පැමිණෙනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීවේය.

 



අදහස් (0)

ගුවන්සේවා 4 ක් ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ඇරැඹිමට සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

දියත

හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 177 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 563 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 274 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 71 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 965 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 2028 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1325 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 698 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site