IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගුවන් අනතුරු දෙකකට බෝයිං සමාගම වරද පිළිගනී

(විමුක්ති එස් රුද්‍රිගු)

මගීන් 346 දෙනකුට මරු කැඳවමින් 2018 සහ 2019 වසරවලදී සිදුවූ බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා අනතුරු දෙක සම්බන්ධයෙන් වරද පිළිගැනීමට එම සමාගම තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව සාපරාධි වංචාවක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සඳහා බෝයිං සමාගම වරද පිළිගනු ඇති බවත් එම මාරක අනතුරු දෙකෙන් පසුව බෝයිං සමාගම භාවිත කරන ආරක්ෂක උපක්‍රම වෙනස් කරන බවට පොරොන්දු වෙමින් එම සමාගම සහ ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව එළඹි ගිවිසුම බෝයිං සමාගම උල්ලංඝනය කර තිබීම සාපරාධි වංචාවක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව එල්ල වීමට හේතුව බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.

ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව සහ බෝයිං සමාගම ඇති කරගත් නව එකඟතාව අනුව සාපරාධි වංචාවක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට එම සමාගම වරද පිළිගනු ඇති බවත් එසේ නොකෙරුවා නම් බෝයිං සමාගමට එරෙහිව අපරාධ නඩුවක් විභාග වීමට නියමිතව තිබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එකඟතාවය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 243.6 ක මුදලක් දඩ වශයෙන් ගෙවනු ඇති බවත් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 455 ක මුදලක් ආරක්ෂක වැඩසටහන් සහ පෙර ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට යොදවනු ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය. කෙසේ වෙතත් මෙම එකඟතාවයට ඇමෙරිකානු විනිසුරුවරයාගේ අනුමැතිය ලැබී නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

නමුත් මෙම එකඟතාවයට 2018 සහ 2019 වසරේදී සිදුවුණු අනතුරුවලින් මියගිය ගුවන් මගීන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි අප්‍රසාදය පළ කර ඇත.

 



අදහස් (3)

ගුවන් අනතුරු දෙකකට බෝයිං සමාගම වරද පිළිගනී

nimesh Wednesday, 10 July 2024 08:05 AM

බලන්න ඒ රටවල් වල රජය, සමාගම් සහ ජනතාවගෙ විනීතකම සහ නිහතමානී කම. ඒ වගේම ඒ රටවල් වල නීතිය. ඒකට අපේ රටේ රෝහල් වල වැරදීමෙන් රෝගීන් මැරෙනවා. වගකීම ගන්න කෙනෙක් නෑ. වකුගඩු ගලවපු දොස්තර සහ සහය උන දොස්තර දෙන්නම රට පැනලා. අදටත් නීතිය නෑ. පුද්ගලික රෝහල් වල ලක්ෂ ගණන් අය කරමින් සැත්කම් කරලා රෝගිය මියගියාම දොස්තරයි රෝහලයි දෙකටම වගකීමක් නැඑ. සල්ලි අරන් මාරු වෙනවා. රට බංකොලොත් වුණා. විදෙස් සංචිත හිඳිලම ගියා. හිටපු මහබැංකු අධිපතිට වගකීමක් නීතියක් නෑ. රටම ආගාධයට වැටුණා. කිසිම දේසපාලුවෙක් වගකීමක් ගත්තෙ නෑ.

:       0       1

kotiya Wednesday, 10 July 2024 11:30 PM

එහෙම නිහතමානි මඟුලක් නෙවෙයි. ඔය රටවල් වල නීතිය මාර ඉක්මනට ක්‍රියාත්මක වෙනවා. පොලීසිය පරීක්ෂණ කරලා නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දීපු ගමන් නඩුව ෆයිල් කරනවා. නඩුව ෆයිල් කරපු ගමන් උසාවිය දින දෙනවා නඩුව කැදවන්න. ඒකත් මේ ලංකාවේ වගේ අවුරුදු ගානකට පස්සෙ නෙවෙයි. මාසයක් ඇතුලත නඩුව කැඳවනවා. ඔන්න ඔය කාලේ ඇතුලත තමා නීතිපති දෙපාර්තමේන්තුවයි විත්තිකරුවොයි ඩීල් එක දාන්නේ. ඒ ඩීල් එක දාන්නේ නඩුව ඉක්මනට ඉවර කරන්න. එතකොට නඩුවේ සියළුම චෝදනාවලට විත්තිකරු වැරදිකරු කරන්න වුවමනාවක් නෑ නීතීපති දෙපාර්ථමේන්තුවට. ඒ වෙනුවට විත්තිකරුට පනවන දඩය අඩු කරන්න හරි හිරදඩුවම් අඩු කිරීමක් හරි ලිහිල් කිරීමක් හරි දෙනවා විත්තිකරුට. පිළිනොගන්න චෝදනා වලට නීතීපති දෙපාර්තමේන්තුව චෝදනා ඔප්පු කරන්න ඕනේ. ඒ ටිකට ඩීල් නෑ. ඊට පස්සෙ නඩුකාරයා දීපු දිනේට නඩුව කැඳවනකොට නීතීපතිතුමා ගාව සියළුම සාක්ෂි තියෙන්න ඕනේ ඔප්පු කරන්න. මොකද නඩුව අහන්න ගත්තාම එකදිගට හැමදාම වගේ නඩුව අහනවා. ආයි විමර්ශනය කරන්න කල් ඉල්ලන්න පොලීසියටත් බෑ. නීතිපතිටත් බෑ. නඩුව අහලා ඉවර නම් තීන්දුව දෙන්න ආයි දවස් ගානකින් හරි මාස ගානකින් හරි එන්න කියන් නෑ. නඩුව අහලා ඉවර නම් එදාම

:       0       0

Bunny Preena Thursday, 11 July 2024 09:20 AM

අරක්කු වලට ,ටකරං වලට ,හාල් ගෝනියට ,අල්ලස් වලටයි යටවෙලා දේශපාලුවන් වන්දනාමාන කරන මෝඩ හැත්ත අපේ රටේ ඉන්නකම් අපේ රට දියුණු වෙන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 23 0

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 867 2

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 302 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 217 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂකයා බීලා වැටිලා
2024 සැප්තැම්බර් මස 25 24 0

මහේස්ත්‍රාත් නිල නිවසක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු පොතුවිල් මුහුදු මහා විහාරයට යන මාර්ගයේ වෙළඳ සලක් අසල බීමතින් වැටී සිටියදී අත්අඩංග


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2247 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36904 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24346 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site