(ටී.කේ.ජී.කපිල )
රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ සහ රත්තරන් ජෙල් තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවිකාවක විසින් , ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (10) දින පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය 55 හැවිරිදි වියේ පසු වන වේයන්ගොඩ , මිරිදියලන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි .
කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වැසිකිළියක් තුළ දී අද පෙරවරුවේ මෙම ස්වර්ණාභරණ සහ ජෙල් තොගය අඩංගු පාර්සලය කාන්තාවක විසින් ලබා දී තිබූ අතර , එය ගුවන් තොටුපොළෙන් පිටත සිටින පුද්ගලයෙකු වෙත ලබා දුන් පසු , ඇයට රුපියල් හැට දහසක මුදලක් ලබා දෙන පොරොන්දුව මත තමන් මෙම පාර්සලය රැගෙන ගිය බව මෙම පිරිසිදු කිරීමේ සේවිකාව රේගුව හමුවේ ප්‍රකාශ කර තිබේ .
මෙසේ අත් අඩංගුවට ගත් පාර්සලය තුළ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 400 ක් බරැති ස්වර්ණාභරණ තොගයක් සහ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 350 ක් බරැති රත්තරන් ජෙල් තොගයක් තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ . මෙම රත්තරන් ජෙල් තොගය තුළ 95% ක ප්‍රතිශතයක ප්‍රමාණයකින් පිරිසිදු රත්තරන් ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීවරයෙකු පැවසීය .
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම සේවිකාව අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගුවන් තොටුපොළ පිරිසිදු කිරීමේ සේවිකාවක් රත්තරන් සමග මාට්ටු