IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ගුවන් තහංචි දැම්මොත් බලාගෙනයි

යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ.

රුසියාවට ගුවන් තහංචි පනවන සෑම රටක්ම පවතින යුද ගැටුමට සම්බන්ධ රටවල් සේ සලකා ක්‍රියා කරන බව ද රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ වනවිට රුසියාව යුක්රේනයේ නගර එකිනෙක වටලා පහර දීම ආරම්භ කර ඇත. කීව් අගනුවර ද හමුදා විසින් වට කරනු ලැබ තිබේ.

ජනාධිපති පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනයේ උතුරින්, දකුණින් සහ නැගෙනහිරින් යුක්රේනයට ඇතුළු වී යුද්ධය ආරම්භ කළේ පසුගිය 24 වැනිදාය. දින දෙකක් වැනි කෙටි කාලයකදී යුක්රේනය අත්පත් කර ගැනීම රුසියන් ජනාධිපතිවරයාගේ අරමුණ වූ බව මේ වනවිට අනාවරණය වී තිබේ.
කෙසේ නමුත්, යුක්රේන ජනාධිපති සෙලෙස්කී, ජනතාව ඒකරාශී කර ගනිමින්, හමුදාව සමඟ එක් වී, රුසියන් හමුදාවට අභියෝගයක් වී ඇති බැවින්, දිනෙන් දින යුද ගැටුම් දිග්ගැස්සෙමින් පවතී.

මේ වනවිට සෑම බටහිර රටක්ම රුසියන් ජනාධිපති පුටින්ට, ඔහුගේ රජයේ, හමුදාවේ සහ බුද්ධි අංශයේ ප්‍රධානීන්ට, ව්‍යාපාරිකයන්ට, බැංකුවලට ආර්ථික සම්බාධක පනවා ඇත. ඒ, රුසියාව ආර්ථිකමය වශයෙන් අඩපණ කිරීමටය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය හමුදාවට පවසා ඇත්තේ යුක්රේන සිවිල් වැසියන් ආරක්ෂා කරමින්, යුක්රේන හමුදාව අඩපණ කිරීමට සටන් කරන ලෙසය. තමන්ට යුක්රේනය අල්ලා ගැනීමට අවශ්‍ය නම් දිගට හරහට පහර දී එය සිදු කළ හැකි නමුත්, යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට මුල් තැන දීමට සිදුවනු ඇති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පෙන්වා දී ඇත.

මේ අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කරමින්, යුක්රේනයේ සිටින රුසියන් බස කතා කරන රුසියන් සම්භවයක් ඇති වැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ගන්නා උත්සාහයට සහාය පළ කරමින්, ජනාධිපති පුටින්ට ස්තුති කරමින් රුසියාවේ මොස්කව් අගනුවර ජන රැළියක් ද පැවැත්විණි. දහස් ගණනන් පුටින් හිතවාදීහු ඊට සහභාගී වූහ.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (13)

ගුවන් තහංචි දැම්මොත් බලාගෙනයි

ජගත් ලියනගේ Sunday, 06 March 2022 09:37 AM

පාඩුවේ හිටපු මනුස්සයෙක් අවුස්ස ගත්තා... නේටෝ කතන්දරයක් ගෙනැල්ලා...

:       44       273

ABSunday, 06 March 2022 06:49 PM

රුසියානු දේශපාලනය තුළ විපක්ෂයකට අවස්ථාවක් නොදෙන ජනාධිපති පුටින්ගේ යුක්රේන ආක්‍රමණය ඉක්මණින් විසඳා නොගතහොත් බටහිර රටවල් වෙතින් පැනවෙන්නාවූ සම්බාධක හමුවේ රුසියානු ජනතාවටද උතුරු කොරියානු ජනතාවට මෙන් ඉතාම අසරණ තත්වයකට පත්වීම වැළැක්විය නොහැක...

:       34       41

Siri Sunday, 06 March 2022 11:53 AM

පුටින්ට ජයවේවා...!

:       64       165

Ruhunu Sunday, 06 March 2022 12:44 PM

පුටින්ගෙන් ණය අරගෙන ගෙවන්න බැරිවුණොත්, පුටින් ඊළඟට ගහන්නේ අපිට...

:       17       82

Shan Sunday, 06 March 2022 02:12 PM

අපේ රටේ බයියන්ටත් ඕනෑ මේ වගේ කෙනෙක්ලුනේ... හැබැයි හැමකෙනාම නිවාඩුවට යන්නේ..., ළමයි යවන්නේ වෙන රටවල්වලට... මේ වගේ අය වෙනුවෙන් තමයි කහින්නේ... පුදුම ජාතියක්...

:       84       70

KamalaSunday, 06 March 2022 07:41 PM

ගණන් ගන්න එපා ... සර් හින්දා බයියන්ගේ හිත් කැකුල පළුදු වුණු එක වෙනම දෙයක්... හැබැයි කවදාහරි පූටින් වගේ කෙනෙක් ජනාධිපති වෙලා රටම හරක් වගේ දක්කගෙන සංවර්ධනය කරයි කියලා බයියන් හිතනවා. නැත්නම් ඔබේ අදහසට ප්‍රකාශිත අකැමතියි සලකුණු ප්‍රමාණය මෙච්චර වැඩිවෙන්නේ නෑ.

:       56       27

Rohana Sunday, 06 March 2022 02:34 PM

සෙලෙන්ස්කි නේටෝ එකට එකතුවෙන්න කතාකළාට යුක්රේනය බේරාගන්න නේටෝ ක්‍රියාකාරීව උදව්කර නැත. ඒ තත්වය යටතේ තවතවත් නේටෝ ගැන තිබෙන බලාපොරොත්තු අතහැර යුද විනාශය වළක්වා ගන්න කටයුතු කළොත් නරකද?

:       12       124

de silva Sunday, 06 March 2022 04:05 PM

කිසිම සාධාරණ හේතුවක් නැතිව අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රටකට ගුවනින් බෝම්බ දමලා මිනිස් ජීවිත දසදහස් ගණනක් විනාශ කරන්නේ... ගෙවල් කඩාබිඳ දමලා මිනිස්සු උන්හිටි තැන් නැති කරන්නේ, අපේ සමහර බයියන්ට ඕනේ කියන්නේ මේ වගේ මිනිස්සු... නමුත් ඔවුන් නිවාඩු ගත කරන්න යන්නේ ඇමෙරිකාවේ, සිංගප්පූරුවේ, ඕස්ට්‍රේලියාවේ...

:       104       42

sathyapala Sunday, 06 March 2022 04:40 PM

තමන්ගේ නම්බුව බේරා ගැනීමට අවශ්‍ය නම් 'කෙක්කෙන් බැරිනම් කොක්කෙන්' යුක්රේන ජනපති ගැන නරක ආරංචික් තව දින කිහිපයකින් අසන්නට ලැබුණහොත් පුදුමයට පත් නොවන්න. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට මේ යුද්ධයට පැටලීමට කිසිසේත්ම අවශ්‍ය නැත. එසේම යුද්ධය දිගින් දිගටම ඇදී ගියහොත් එයට නොසිතු ලෙස ඔවුන් පැටලිමද වැළැක්විය නොහැකිය. යුක්රේන ජනපති සෙලෙන්ස්කි තම පරාජයට හේතුව ලෙස බටහිරට දිගින් දිගටම චෝදනා කිරීමද බටහිරට ලැජ්ජාවකි. එබැවින් යුක්රේන ජනපති සෙලෙන්ස්කි සිටින ස්ථානය රුසියාවට ලබා දී ඔහු මියගියහොත් යුද්ධය කෙටි කලකින් අවසන් වනවා පමණක් නොව පරාජයෙන් පසු සෙලෙන්ස්කි බටහිරට කරන ලජ්ජා කිරීමද අවසන් වන නිසා අවසන් දින කිහිපය මෙය විය හැක.

:       6       77

ගජමෑන් Sunday, 06 March 2022 06:20 PM

ඇත්තටම ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට කියා ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?

:       34       69

sathyapala Sunday, 06 March 2022 06:50 PM

ඉස්සර යුඇන්පී පාක්ෂිකයින් හිතාගෙන හිටියේ ජේ.ආර්. ලා ඇමෙරිකාවට හිතවත් නිසා ලංකාවට කවුරුහරි ලංකාවට ගහන්න ආවොත් ඇමරිකාව අපේ රට වෙනුවෙන් ඕනෑම කෙනෙකුට දුවන්න දෙයි කියලා. අන්තිමට ඉන්දියාවෙන් බලහත්කාරෙන් අහසින් පරිප්පු දානකොට යුඇන්පී ආණ්ඩුව ඇමරිකාවට කිව්ව මේක නවත්තලා දෙන්න කියලා. එයාලා කිව්වා අසල්වැසියන් එක්ක තියෙන ප්‍රශ්නවලට අපට මැදිහත්වෙන්න බෑ කියලා... ඇමරිකාව විශ්වාස කරලා ගහගන්න ගිය යුක්රේන් ජනාධිපතිත් රැවටුණා. හැබැයි ඇමෙරිකාව මැදපෙරදිග රටවල් දෙපිලකට බෙදලා එක පැත්තට උදවු කරනවා කියල සල්ලි තියන පැත්තේ තෙල් සල්ලි හුරගෙන කාලා ඇමරිකාව පොහොසත් වෙනවා.

:       9       24

ගයාන් Sunday, 06 March 2022 07:04 PM

පූටින් කියන්නේ බලයෙන් වියරු වැටුණු කෙනෙක්... තමන්ගේ රටට එක වෙඩි උණ්ඩයක් හෝ නොතිබ්බ රටකට එරෙහිව කුරීරු යුද්ධයක් පටන් ගැනීම සහ එමගින් යුක්‍රේනයෙහි වැසියන් මෙන්ම මුලු ලෝකවාසීන්ටම අඩු වැඩි වශයෙන් එහි බලපෑම් විඳින්නට සිදුව ඇත. තවමත් මුලු ලෝකයම කොරෝනා වසංගතයෙන් ද පීඩාවට පත්ව ආර්ථික වශයෙන් දැඩි පසුබෑම්වලට ලක්ව සිටින බොහෝ රටවලට මෙම කුරිරු යුද්ධය නිසා තවත් පීඩාවිඳීමට සිදුවනු නොඅනුමානය. රටකට තමන් කැමැති රාජ්‍යයන් සමග රාජ තාන්ත්‍රික සබඳතා පැවැත්වීම අවහිර කිරීම තවත් රාජ්‍යයකට නොගැලපෙන අශිෂ්ඨ ක්‍රියාවකි. මෙහිදී නේටෝ සංවිධානය යුදමය ක්‍රියාමාර්ගයක අවතීර්ණ නොවන්නේ පූටින්ට ඇති බිය නිසා නොව එවැනි ක්‍රියාමාර්ගයක් තුන්වැනි ලෝක යුද්ධයක් පටන්ගැනීමට හේතුවන බැවින් සහ එම යුද්ධය න්‍යශ්ටික යුද්ධයක් බවට පත්වීමෙන් පෘතුවිය මිනිසුන් මෙන්ම සියලු ජීවීන්ට වාසයට නුසුදුසු මළ ග්‍රහලෝකයක් බවට පත්වීමට බොහෝවිට හේතුවිය හැකි බැවිනි. බොහෝවිට මෙරට මිනිසුන් මේ අර්බුදය දෙස බලන්නේ වාමාංශික දේශපාලකයින් විසින් ගොඩනගන ලද බටහිර විරෝධී විග්‍රහයන් මත පදනම්වයි.

:       114       44

godabandaMonday, 07 March 2022 10:44 AM

චීනයේ "හුවාවේ" කොම්පැනිය ඇතුළු බොහෝ සමාගම් බටහිර රටවලට අතුලුවෙන්නට දෙන්නේ නෑ. ඒ ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස. චීන සමාගම් ඔස්ට්‍රේලියාව අවට දුප්පත් රටවලට එනවට ඔස්ට්‍රේලියාව බයවෙලා. එහෙවු බටහිර උක්රේනය නේටෝ සංගමයට අතුලුකරගන්නට ඉඩ දී රුසියාව බලන් හිටියොත් තම දුවව දුෂණය කරන්නට ඉඩදී ඇද යට හැඟෙන තාත්තෙක් වගේ. ගයාන් (මහේෂ්) තාත්තත් එහෙම කරනවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 267 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 396 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 431 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1442 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1878 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 2343 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 741 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2063 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site