(ඩයනා උදයංගනී)
ගුවන් හමුදාව සිය 70 වන සංවත්සරය නිමිත්තෙන් ඉදිකළ “කණුගහවැව ආදර්ශ ගම්මානය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඉකුත් දා විවෘත කෙරිණි.
කැබිතිගොල්ලෑව “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදී ජනතාව ඉදිරිපත් කළ දුක් ගැනවිලිවලට විසඳුමක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම අනුව ගුවන් හමුදාව විසින් මෙම ගම්මානය ඉදිකරනු ලැබිණි.
ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කණුගහවැව ග්‍රාමයේ නිවාස ඇතුළු අවශ්‍යතා සංවර්ධනය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් බාරගන්නා ලදී.
අවශ්‍යතා හඳුනාගෙන සැලසුම් ඉදිරිපත් කිරීමේ වගකීම ගමේ විහාරාධිපති හිමියනට, ප්‍රාදේශීය ලේකම්වරයාට, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ ග්‍රාම නිලධාරීවරයාට ජනාධිපතිවරයා විසින් පවරනු ලැබිණි.
ඒ අනුව ඉදිවූ කණුගහවැව ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට ගිය ජනාධිපති රාජපක්ෂ මහතා පළමුව අභිනවාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු විහාරාධිපති හිමියන් බැහැ දැක සුහද පිළිසඳරක නිරත විය.
යෝජිත වෙහෙර වහන්සේ ඉදිකෙරෙන භූමිය, අභිනවයෙන් ඉදිකෙරුණු බෝධිඝරය, ආවාස ගෙය සහ වැඩ අවසන් කෙරුණු ඝණ්ඨාර කුළුණ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
කණුගහවැව ප්‍රාථමික විද්‍යාල භූමියට පැමිණි රාජපක්ෂ මහතා නව නිවාස 12 ක සහ “ගුරු නිවාසයෙහි” යතුරු නිවාස හිමිකරුවන්ට සහ විදුහල්පතිවරයාට බාර දුන්නේය.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පාසල් දරුවන්ට නිල ඇඳුම් සහ පාසල් උපකරණ ප්‍රදානය කෙරිණ.
කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය, ආදර්ශ ගෙවතු වගා ව්‍යාපෘතිය, ගුරු නිවස සහ ජංගම අක්ෂි රෝහලේ සිදුකල අක්ෂි සැත්කම් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
කණුගහවැව ග්‍රාමයේ ඉඩම් ඔප්පු අහිමි පස් දෙනෙකුට ඔප්පු ප්‍රදානය ද මෙහිදී සංකේතාත්මකව සිදු විය.
අනතුරුව කණුගහවැව ආදර්ශ ගම්මානය වෙත ළගා වූ ජනාධිපතිතුමා අලුතින් ඉදිකළ නිවසක් සහ කණුගහවැව ආදර්ශ ගම්මානයේ අලුතින් ඉදිකළ කි.මි 15ක් දිග අලිවැට ද නිරීක්ෂණය කළේය.
අසළ නිවසකට ගිය එතුමා නිවැසියන් සමග සුහද කථා බහක නිරතවෙමින් තොරතුරු විමසීය.
2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්ද
ඉදිරිපත් කිරීමට නියමිත අයවැය දී කර්මාන්ත ක්ෂේත්‍රයේ සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේස
අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (12) පස්වරුවේ ලෝක රාජ්‍ය සමුළුවේ ප්‍රධාන සැසිවාරය ඇමතීමට නියමිතය.
යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි කාන්තාවක් කහතුඩුව පොල් ගස්ඕවිට හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව පෙරළී අනතුරට පත්වීමෙන් තුවාල ලබා
නීතිපතිවරයාගේ තීන්දුව වෙනස් කිරීමට රජය දේශපාලන බලපෑම් කිරීම යුක්තිය පසිඳලීමට බාධාවක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන
රාජාංගණය පොලිස් වසමේ තුඹුල්ලේගම වැවේ ඔරුවක නැග මසුන් අල්ලමින් සිටි 64 හැවිරිදි තිදරැ පියෙකු ඔරැව පෙරලි දියේ ගිලිමෙන් ඊයේ (11) දින මිය ගොස් ඇතැයි රාජාංගණය
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ගුවන් විරුවන් හදපු ගම ජනපති විවෘත කරයි
janahitha Thursday, 08 April 2021 03:56 AM
අගය කරනවා දුප්පත් අය වෙනුවෙන් ඉහත ආකාරයේ නිවාස හමුදාව මගින් ඉදිකර දෙන්නේ නම් බොහෝමයක් දෙනා මුදල් පරිත්‍යාග කරාවි.
Ranjit Thursday, 08 April 2021 09:25 AM
උත්සවේට ගිය සම්පුර්ණ වියදමෙන් තව ගෙවල් කීයක් හදන්න පුළුවන් වෙයිද දන්නේ නෑ නේද? අවශ්‍ය වෙන්නේ බඩුවලට යන වියදම විතරනේ.. ශ්‍රමය පිනටනේ.
saman Sunday, 11 April 2021 12:21 PM
කාටත් ඡන්ද කාලේදී පමණක් මතක් වෙන "ගමට" ගොස්, ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීම යහපත් දෙයක්.