(ඉන්දිකා රාමනායක)
ගුවන් හමුදාවේ ව්‍යුවහාත්මකව වෙනස් කරමින් 35,000 ක ගුවන් හමුදා පිරිසෙන් 27,000 දක්වා අඩුකර ඇති බවත්, ගුවන් හමුදාවේ පිරිස් බලය වෙනස් කළත් ගුවන් හමුදාවේ කාර්යාක්ෂමතාවය සහ ඵලදායිතාවේ කිසිදු අඩුවක් සිදුව නොමැති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පැවසීය.
ඉදිරියේ දී එම කාර්යක්ෂමතාව සහ පලදායිතාව එලෙසින්ම පවතින බවත් රජයේ ප්‍රතිපත්ති වලට අනුගත වෙමින් තවදුරටත් ගුවන් හමුදාව ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකරමින් කාලානුරූපීව කටයුතු කරන බවද ගුවන් හමුදාපතිවරයා කීය.
නවීන තාක්ෂණය, කෘත්‍රිම ඥාණය භාවිතා කරමින් ඉදිරියේ දී ගුවන් හමුදාව ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකරමින් නව මාවතකට පිවිසෙන බව ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා පැවසීය.
නව වෙනස්කම් සිදුකළ ද ගුවන් හමුදාවේ කාර්යක්ෂමතාව සහ පලදායිතාව එලෙසින්ම පවතින බවත් රජයේ ප්‍රතිපත්ති වලට අනුගත වෙමින් අවශ්‍ය ගුවන් යානා, මිළදී නියමුවන් රහින ගුවන් ලබා ගැනීමෙ සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුකර ඇති බවද ගුවන් හමුදාපතිවරයා කීය.
එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රිලංකා ගුවන් හමුදාවේ 19 ගුවන් හමුදාපතිවරයා වශයෙන් බාර ගැනීමෙන් පසු අද (30) පෙරවරුවේ ගුවන් හමුදා මුලස්ථානයේ පැවති ප්‍රථම මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.
ගුවන් හමුදාවේ පළමු හා ප්‍රධාන කාර්යභාර්ය ගුවන් තලය ආරක්ෂා කිරීම බවත්, ඒ වෙනුවෙන් ලබා දී ඇති මෙවලම් හා පුහුණු මිනිස් ශ්‍රමය දියුණුකරමින් ගුවන් තලය තවදුරටත් ආරක්ෂා කිරීම ගුවන් හමුදාපතිවරයා වශයෙන් තමන්ගේ අංක එකේ කාර්ය බාරය බවද ගුවන් හමුදාපතිවරයා කීය.
සයිබර් තාක්ෂණය කටයුතු සම්බන්ධයෙන් ගුවන් හමුදාව විශේෂ අවදානය යොමුකර ඇති බවත්, නියමුවන් රහිත ගුවන් යානා,ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් ඉදිරියේ පුළුල් ලෙසින් මෙහෙයුම් කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.
විශාල වශයෙන් භට පිරිස් යොදා සිදුරන මෙහෙයුම් වෙනුවට නවීන තාක්ෂණය සහ කෘත්‍රිම ඥාණය භාවිතා කරමින් අවට පරිසර පිළිබඳ දැනුමක් ලබාගෙන ඉතා අඩු පිරිසක් යටතේ එම මෙහෙයුම් කටයුතු කිරීමට හැකියාව ඇති බවද ගුවන් හමුදාපතිවරයා පැවසීය.
ඩ්‍රෝන යානා සහ නියමුවන් රහිත ගුවන් යානා භාවිතා කරමින් භාවිතා රථවාහල පාලනයට අතරව අපදා කළමනාකරණය, මෙහෙයුම්, ඩෙංගු මර්දන , මත්ද්‍රව්‍ය පාලනය, කටයුතු රැසක් වෙනුවෙන් ස්විශේෂයි කාර්ය බාරයක් ඉටුකරන බවත්, මිනින්දොරු දෙපාර්තමේන්තුවේ සිතියම් ගතකිරීම සදහා ද වෙත විශාල සේවයක් ලබා දී ඇති බවද ගුවන් හමුදාපතිවරයා කීය.
සාමසාධක රාජාකාරි සදහා ගුවන් හමුදාව හෙළි කොප්ටර් යානා තුනක් සහ 110 පිරිස් බලයක් සහභාගි කරවමින් ඩොලර් මිලියන 100 ක පමණ ආදායමක් මේ දක්වා රජයට උපයා දී ඇති බවද ගුවන් හමුදාපතිවරයා කීය.
යුධ සමයේ භාවිතා කළ යම් යම් මුල්‍යම අපහසුතා නිසා අලුත් වැඩියා නොකළ හෙළිකොප්ටර් සහ ගුවන් යානා රජයේ උපදෙස් මත කඩිනමින් අලුත් වැඩියා කර ඉදිරියේ සාම සාධක කටයුතු සදහා භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.
ඒ තුළින් ආර්ථික වාසි මෙන්ම, ගුවන් හමුදා සාමාජිකයන්ගේ නිපුනතා ඉහළ නැංවී ගුවන් හමුදා සමාජිකයන්ගේ හැකියාවන් ජාත්‍යන්තරයට ගෙන යා හැකි බව ද ගුවන් හමුදාපතිවරයා කීය.
ගුවන් හමුදාවේ සියට 30 ක කාත්නා නියෝජනයක් ඉදිරියේ බලා පොරොත්තු වන බවත්, ගුවන් නියමුවරියන් බදවා ගැනීම ද තවදුරටත් වැඩිකර ඇති බවද ගුවන් හමුදාපතිවරයා වැඩිදුරටත් කීය.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුවන් හමුදාවේ පිරිස් බලය අඩු කරයි