IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ගෙවල් නැති මන්ත්‍රී 18 කට කෝටියක් ගෙවලා

(සුජිත් හේවාජුලිගේ )

මාදිවෙල මන්ත්‍රී නිල  නිවාසවලින් නිවාස නොලැබුණු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18  දෙනකුට  රුපියල් එක්කෝටි දහසය ලක්ෂයක මුදලක්  ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මන්ත්‍රීවරුන් දස දෙනෙකුට 2021 වර්ෂයේදී රුපියල් හැට හත් ලක්ෂ පනස් දහසක මුදලක්ද මන්ත්‍රීවරුන් 8 දෙනෙකුට පසුගිය වසරේදී  රුපියල් හතළිස් අට ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක්ද  මෙසේ ගෙවා තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මේ අනුව නිවාස නොලැබුණු  මන්ත්‍රීවරයකු සඳහා මාසිකව ගෙවා ඇති මුදල  රුපියල් 75000 කි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු නිලධාරියකු පැවසුවේ  ඉඩකඩ ප්‍රශ්නය හේතුවෙන් එම මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස දීමට නොහැකිවූ බවයි.

මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු  නිලධාරීන් පිරිසක්ද රැඳී සිටින බව වාර්තා වේ.

මේ අතර මාදිවෙල නිල නිවාසවල  ජල විදුලි සහ දුරකතන බිල්පත් සඳහා තැන්පතු ලෙස අයකරනු ලබන රුපියල් 1000 ක මුදල කාලීනව සමාලෝචනය කර සංශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණු බව  විගණන වාර්තාවේ දැක්වේ.

තවද රජයේ බංගලා ලබාගත්  අමාත්‍යවරුන් තිදෙනකු  මේ වසරේ මැයි 16 වැනිදා වනවිටත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ආපසු බාර දී නොතිබුණු බවද  ජාතික විගණන කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්දී තිබු නිල නිවාසය  සඳහා  ගෙවිය යුතු  නිවාස කුලියවූ රුපියල් 27,000  කට වැඩි මුදලක් ඔහුගේ මන්ත්‍රී දීමනාවෙන් අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බවද  වාර්තාවේ දැක්වේ.

 

 



අදහස් (6)

ගෙවල් නැති මන්ත්‍රී 18 කට කෝටියක් ගෙවලා

Nimesh Monday, 28 August 2023 11:50 AM

මේ පින්බතාල ටික ඉන්නකන් මෙරටට අබ සරණයි , ඕකුන් වෙනුවෙන් වියදම් කරන්න පිනාගේ මුදල් අමතයන්ශයත් ඕනේ තරම් සල්ලි තියනව ,

:       0       15

ravin Monday, 28 August 2023 12:58 PM

මෙන්න සහොදර සහෝදරියනි මහජන සුබසිද්ධියයි සදහා කැපවුනායයි කියාගන්නා පිරිසගෙ කෙරුවාවල්. අපෙ රට දියුනුවෙයි නේද?

:       0       8

fairoos Monday, 28 August 2023 01:22 PM

මුන්නම් රටට සාපයක්

:       0       8

Bamunuarachchi Tuesday, 29 August 2023 03:58 AM

රට කන්නේ මේ කාලකන්නි හැතිකරේ.

:       0       1

පැරකුම් Tuesday, 29 August 2023 07:15 AM

ඕකට හොදම පිලියම රට සූරාකන කාලකන්නි දේශපාලුවෝ දෙසියවිසිපහ එකසියවිසිපහට අඩුකරන්න. පලාබබාල නැතිකරන්න. පරණ ක්‍රමයට දිසාපති පාලනය අපට හොදයි.

:       0       0

Bamunuarachchi Tuesday, 29 August 2023 03:56 PM

දිසාපති වරු හැටියට පත්උනේ CAS සමත් පරිපාලනය දන්න උගත්තු. දැන් පාලාත් පාලනයේ ඉන්නේ 8 වත් සමත් නැති. ගම් බට්ටෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1074 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1975 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 274 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 884 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8892 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3196 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1373 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site