IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ගොවි ගැටලු යට ගහන ’’බහිරවයෙක්’’ ගැන කෘෂි ඇමති හෙළිදරව් කරන්න යයි

 

(අංජුල මහික වීරරත්න)

වී මිලදී ගැනීම ඇතුළු ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා දින දෙකක් ඇතුළත විසඳුමක් නොලැබුණොත් ගොවි ගැටලු විසඳීම කල් මරමින් කඩාකප්පල් කරන්නේ කවුදැයි නම සහිතව හෙළිදරව් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ගොවි ගැටලු කඩිනමින් විසඳීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රබල අවශ්‍යතාවයක් තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා නමුත් ඒ කටයුතු කඩාකප්පල් කරන අයකු ආණ්ඩුවේ  සිටින බව ද සඳහන් කළේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක් අතරතුර දී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (12)කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතර අනිද්දා (13)දිනයේ දී කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් සමඟ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බව කී අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී තමා ගොවි ගැටලු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවත් එහිදී ද විසඳුමක් නොලැබුණ හොත් ගොවි ගැටලු විසඳීමට කර අරින ආණ්ඩුවේ ප්‍රබලයාගේ නම හෙළි කරන බවත් සඳහන් කළේය.



අදහස් (9)

ගොවි ගැටලු යට ගහන ’’බහිරවයෙක්’’ ගැන කෘෂි ඇමති හෙළිදරව් කරන්න යයි

Sunil Sunday, 11 September 2022 01:57 PM

ගොවීන්ගෙන් ගත් වීවලට මුදල් දීමට නොහැකි මේ හොර තක්කඩින්ට රාජ්‍ය ඇමැතිවරු 37ක් නඩත්තු කරන්න මුදල් තියෙනවා. ළඟදීම තවත් සුපිරි බූරුවන් 12ක් මේ ගොඩට එක්වීමට නියමිතයි...

:       0       0

ravin Sunday, 11 September 2022 02:50 PM

ගනු කඩුව එනු සටනට. ඔය ඔක්කොම පිටිපස්සේ කොමිස් කියලා භූතියා ඉන්නවලු නේද? ඇමතිතුමෝ වෙන් කට්ටඩියා, ගන්න දුම්මලවරම අතට. මුලු ගොවිජනතාවම ආවතේව කරන්නයි දුම්මල දෙන්නයි ලෑස්තිවෙලා ඉන්නේ.

:       1       9

විපරමා Sunday, 11 September 2022 03:41 PM

මහත්තයො ඔබතුමා ඔය කියන කෙනාව දන්නවා නම් ඇයි රගපෑම් කර කර ඉන්නේ, ඔබ තුමා කල යුතු දෙය කරන්නේ නැතුව?

:       0       16

fairoos Sunday, 11 September 2022 05:39 PM

මුන්ගෙ කට විතරයි රටට මෙච්චර වෙලත් මේ අයට නම් කිසිම ගාණක් නැහැ.

:       0       9

ගමේ එකාලා Sunday, 11 September 2022 06:48 PM

ඔය කියන බහිරවයා ගැන දන්නේ ඔහේලා මිසක් වෙන කවුද ? කවුරු හරි දූෂිත දේසපලුවෙක් නොහිටියොත් තමා පුදුමේ?

:       0       12

Bakura Sunday, 11 September 2022 10:31 PM

ඔය ඔක්කොම බුතයෝ තමයි. ඒකනේ මේ රටට මෙහෙම උනේ. උන් පන්නන්න ලේසි නෑ.

:       0       0

Sunil Monday, 12 September 2022 12:26 PM

මේ ජනාධිපතිගේ රැස්වීම්, සාකච්ඡා කතාවට පමණයි සීමා වෙන්නේ... ජනතාවට වන සෙතක් නෑ..

:       0       1

de silva Monday, 12 September 2022 12:56 PM

බහිරවයො ?පැවති හැම ආන්ඩුවකම ඇමතිකම් අරන් අයතා ක්‍රම වලින් මුදල් උපයමින් විශාල පොහොසතෙක් වුන ඔබ අපෙ රටට්ට හැදුන විශාල පිලිකාවක්,

:       0       2

bahirawaya Monday, 12 September 2022 12:57 PM

බහිරවයා කවුද කියලා පෙනේවි කණ්ණාඩියක් ඉදිරියට ගියාම...?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 96 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 287 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 207 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 477 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 102 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 646 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 336 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1775 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site