IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ගොවි ගිණුම් අංක වැරැද්දූ නිලධාරීන්ට විනය පියවර

(අංජුල මහික වීරරත්න)

ආසියා සංවර්ධන බැංකුව විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාවට නැවත අයකිරීමකින් තොරව ලබා දීමට පියවර ගත් මූල්‍ය ප්‍රතිපාදන ගොවි ගිණුම්වලට බැර කිරීම සඳහා අවශ්‍ය තොරතුරු නිවැරදිව ලබා නොදුන්  ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට  ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙම මුදල් ප්‍රතිපාදන ගොවි ගිණුම්ගත නොකිරීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙි සම්බන්ධයෙන් කරුණු විමසීය.

ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් කෝටි 800ක මුදලක් ගොවි ජනතාවට සහන සැලසීම සඳහා ලබා දුන්න ද ඒවා නිසි කලට වේලාවට ගොවි ජනතාවට ලබා දීමට පියවර ගෙන නොතිබූ බව මෙහිදී අනාවරණය විය.

මෙම ප්‍රමාදය නිලධාරින් පිරිසක් හිතාමතා සිදු කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පෙනී යන  බව සඳහන් කළ ගොවිජන කොමසාරිස් ජනරාල් එච්. එම්. එල්. ඒ. අබේරත්න මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට එවා තිබු ගිණුම්වලින් සියයට 38ක් ම වැරදි ගිණුම් අංක බව සනාථ වී ඇති බවත්, ඒවා නිවැරදි කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ 20 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් නැවත යෙද වූ බව ද සඳහන් කළේය.

එමෙන්ම එම  ගොවි ගිණුම්වලින් සියයට අටක අංක තවමත් නිවැරදි කර ගැනීමට නොහැකි වී ඇතැයි ද ඒ සදහා උපරිම උත්සාහ දරන බව ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.



අදහස් (2)

ගොවි ගිණුම් අංක වැරැද්දූ නිලධාරීන්ට විනය පියවර

Lal Wednesday, 15 February 2023 03:26 PM

ජෙප්පො තමයි

:       0       0

ගජමිතුරු Wednesday, 15 February 2023 06:26 PM

ගොවිජන මධ්‍යස්ථානවල සියයට 99ක් පමණ ඉන්නේ පොහොට්ටු ක්‍රියාකාරීන් තමයි කෘපනිසලා සඳහා විනයානුකූලව කටයුතු කරන්න පෙර ඔවුන් පත්කිරීමට නිර්දේශය ලබාදුන් දේශපාලුවන් සඳහාත් කෘපනිසලා වෙනුවෙන් සේවා ව්‍යවස්ථා සැකසීම කළ නිලධාරින් වෙනුවෙනුත් මුලින්ම විනයානුකූලව කටයුතු කරන්න ඕනෑ අඩුම තරමින් කිසිදාක කුඹුරේ නියරක අඩියක් නොතැබූ නියරක අඩි දහයක් නොගිය කෘෂිකර්ම විෂය නූගත් දේශපාලන හිතවතුන්ට පත්වීම් නිර්දේශ කළ අයටත් කොළඹ වගේ නාගරික ප්‍රදේශ සඳහා කෘපනිසලා පත්කිරීම කළ නිලධාරින් සඳහා අනිවාර්යයෙන් විනයානුකූලව දඬුවම් කළ යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 533 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3612 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1395 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 590 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3657 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2726 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 318 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1751 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site