IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘ගොවි දුක ගැන අල්ලපු රටෙි හිත උණු වෙයි‘

(අංජුල මහික වීරරත්න)

ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳා ගැනීම සඳහා ඉන්දීය රජය පූර්ණ සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත්  අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා අතර  මහකොමසාරිස් නිල නිවසේ දී සිදු කෙරුණු හමුවකදී මහකොමසාරිස්වරයා මෙි බව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවට අවශ්‍යම මොහොතේ ඉන්දීය රජය පොහොර ලබා දීම සඳහා ගත් තීරණයට කෘතඥතාව පළ කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවී තිබෙි.

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 සම්බන්ධව මෙහිදී සාකච්ඡා කළ අතර එම පොහොර තොගය ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ඉන්දීය අග්‍ර‍මාත්‍යවරයා විසින් අනුමැතිය ලබා දී ඇති බවත්, ඕමානයේ සිට ඉන්දියාවට ආනයනය කරන එම පොහොර සහිත නැව සෘජුවම ශ්‍රී ලංකාවට යොමු කිරීමට පියවර ගෙන ඇති බවත්, අදාල පොහොර තොගය ඉක්මනින්ම ශ්‍රී ලංකාවට ළඟාවනු ඇතිබව  ඉන්දීය මහ කොමසාරිස්වරයා  සඳහන් කළ බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

 

 



අදහස් (2)

‘ගොවි දුක ගැන අල්ලපු රටෙි හිත උණු වෙයි‘

ranjith Sunday, 05 June 2022 09:52 AM

අපේ රටේ නායකයින්ටත් වඩා විදේශ නායකයෝ මේ රටේ ගොවියන්ගේ දුක හඳුනනවා.

:       0       0

Sunil Sunday, 05 June 2022 01:05 PM

ලොව බලවතුන් අභිමුඛයේ දණින් සිට... සිඟමන් යදිමු සාගින්දර නිවන්නට... කෘෂි ඇමැතියා මම වෙමි යල කන්නය අරඹන්නට... මාස 2ට පසු යූරියා සොයන්නට..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 58 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1489 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 484 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2639 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 3084 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24786 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18847 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 365 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1834 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site