(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ජයකොඩි )
ගම්පහ දිස්ත්‍රික්කය පුරා ඉතා සංවිධානාත්මක අන්දමින් කලක් තිස්සේ ගවයන් සොරාගැනීමේ යෙදුණු කල්ලියක සාමාජිකයෝ තිදෙනෙක් අද (19) අලුයම පත්තලගෙදර ප්‍රදේශයේදී සොරා ගෙන යමින් සිටි ගවයින් තිදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
කළක් තිස්සේ නිතර සිදුවෙන ගව සොරකම් මැඬලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ මෙහෙයවීම මත පොලීසිය ක්‍රියාත්මක කරගෙන යන ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් පිරිසක් සැක කටයුතු ලොරියක් පරික්ෂා කිරීමේදී මෙම ගවයින් හමුවී ඇත.
ගවයින් රැගෙන යමින් සිටි ලොරියේ සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් මිනුවන්ගොඩ ජා-ඇල හා ගල්ලොලුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත .
සැකකරුවන් පිරිස මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් සොරා ගත් බවට සැක කරන මෙම ගවයින් තිහාරියේ මස් පිණිස ගවයින් මරණ ස්ථානයකට රැගෙන යමින් සිටි බවට පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
අත්අඩංගුවට ගත් ලොරිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බව ද එම ලොරිය ගවයින් ප්‍රවාහනය කිරීම සඳහාම සකස් කර ඇති එකක් බව ද හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
ගවයින් හා එළුවන් ඇතුළු සතුන් මිලදී ගත් බවට ඇගවෙන ඇගවෙන ආකාරයට සකස් කළ හැකි කුවිතාන්සි වල මුල්පිටපත් තොගයක් ද සැකකරුවන් ළඟ තිබූ ලිපිගොනුවකින් සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි .
ගම්පහ දිස්ත්‍රික්කය පුරාම සිදු වන ගව සොරකම් වලට මෙම සැක කරුවන් ගේ සම්බන්ධයක් ඇතැයි පොලිසිය සැක කරන අතර අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග යටතේ තබා වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කෙරේ.
පොලිස් භාරයට ගැනුනු ගවයින් ගේ අයිතිකරුවන් සොයා ගැනීම සඳහා ප්‍රදේශයේ පොලිස් ස්ථාන වෙත පණිවිඩ ලබා දී ඇතැයි ද ඇතැයිද වේයන්ගොඩ පොලිසිය සඳහන් කරයි. එමෙන්ම තම ගවයින් සොරා ගැනීමට ලක්වූ අයට මෙම ගවයින් පරීක්ෂාකර බැලිය හැකි බවද පොලිසිය කියයි.
මෙතෙක් කලක් තිස්සේ ප්‍රදේශයේ සිදුවූ ගව සොරකම් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා සොයා ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.
ශ්රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාද
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක
ශ්රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගව සොරකමේ ගිය කල්ලියක් අල්ලයි