IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ගස්බැඳ සිටි පුද්ගලයා මිය ගියැයි හිමිනමක්-ග්‍රාමාරක්ෂක අත්අඩංගුවට

( ෂේන් සෙනෙවිරත්න )

මහනුවර ගැටඹේ දිය කපනාතොට පන්සලේදී පුද්ගලයකුට පහරදී ගස් බැඳ සිටියදී ඔහු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ නායක හිමිනම සහ ග්‍රාමාරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .

සිද්ධියෙන් මිය ගොස් තිබුණේ මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ චමිල සුදීර රත්නායක (43) නැමැති හිටපු යුද හමුදා සෙබළෙකි .

ඔහු ඊයේ (07) අලුයම් කාලයේ එම පන්සල් පරිශ්‍රයට සැක කටයුතු ලෙස ඇතුළුවී සිටියදී පන්සලේ සිටි පිරිසක් ඔහුට පහර දී අත පය ගැට ගසා ගසක බැඳ දමා සිටියදී මියගොස් තිබුණි .

මියගිය පුද්ගලයාට එසේ අමානුෂික ලෙස පහරදී ගසක ගැටගසා දැමුවත් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමක් හෝ ඔහුට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කිරීමක් හෝ නොකිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුකෙරෙමින් පවතින අතරතුර පන්සලේ නායක හිමි නම අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියාකොට තිබේ .



අදහස් (6)

ගස්බැඳ සිටි පුද්ගලයා මිය ගියැයි හිමිනමක්-ග්‍රාමාරක්ෂක අත්අඩංගුවට

ජයන්ත Monday, 08 April 2024 12:54 PM

තලේයිබාන් අනුකරණය. වෙනසක් නෑ. අපිත් ඒ වගේම ගෝත්‍රිකයි.

:       59       39

තරංග Monday, 08 April 2024 12:58 PM

රටේ මහජන මුදල් කෝටි ගාණක් හොරකම් කරපු උන්ට හුරේ දානවා. සමහර විට මේ මනුස්සයා තමන්ගේ ළමයින්ට කන්න දෙන්න හොරකම් කරන්න ආපු තාත්තා කෙනෙක්ද දන්නෙ නෑ. ඒ මිනිස්සුන්ව ඒ තත්වෙට පත්කරපු හොරුන්ට ඔයා හාමුදුරුවරු තරම් කඩේ යන උන් නැතුව ඇති. ගරු නඩුකාරතුමනි මේ මිනිසුන් දෙන්නාට මරණ දඩුවම ලබා දෙන්න

:       78       29

Bamunuarachchi Monday, 08 April 2024 01:16 PM

අනේ හාමුදුරුවනේ, ඉස්කෝලේ යන කාලේවත් Victor Hugoගේ Les Miserables කියන පොත කියවා තිබුනේ නැද්ද? බුදු බණ කොහොම වෙතත් ඒ පොත කියවා තිබුනානම් ඔය අමාරුවේ වැටෙන්නේ නැත.

:       57       33

Bamunuarachchi2Tuesday, 09 April 2024 06:27 AM

ඔබේ අදහස් අදාල වන්නේ නැත...

:       0       0

ගීවන්ත Monday, 08 April 2024 01:57 PM

මිනිස්සු ගස් බඳින්න හොඳ නෑ' මේ දවස්වල මොකද ඔවුන් මැරෙනවා. පසුගිය දවසකත් මිනිහෙක් මැරුණා. හේතුව දන්නේ නෑ. බෙල්ල හිරවෙන්න ගස් බඳිනවද දන්නේ නෑ... පව් අසරණයාට නිවන්සුව පතමු.!

:       33       30

ජීවන්දර Monday, 08 April 2024 04:35 PM

උදේට, හවසට, ඉරිදාට, පෝයට කණක් ඇහිලා නිදහසේ ඉන්න තියෙනවද? කණ් පැලෙනවා ලවුඩ්ස්පීකර්, බෆල් කන්දොස්කිරියාවට. දරුවෙකුට පාඩම් කරන්න බැහැ. අසනීප ලෙඩෙකුට බෙහෙත් ටික බීලා නිදාගන්න නැහැ. මහන්සිවෙලා වැඩකරලා ගෙදර ඇවිල්ලා විවේකයෙන් ඉන්න නැහැ. පන්සලට ගිහින් කාරුණිකව ඒ පීඩාවන් ගැන කිව්වාම දානේ ගේන්නත් එපාලු, පන්සලට එන්නත් එපාලු. ගෙවල් විකුණලා වෙන පැත්තකට යන්නලු. දැන් නම් හරි පුදුම දෙයක් වෙලා තියෙන්නේ... දුක් මහන්සියෙන් ඉගෙනගෙන හරිහම්බ කරලා කන බොන මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඇතැම් පූජ්‍ය / පූජකයින්ගේ අතපල්ලෙන් වැටුණු අය ගානට ජීවත්වෙන්න. ගරු පොලිස්පතිතුමනි, ආගමික ස්ථානවලින් සිදුකරන මහජන පීඩාකාරී පාරිසරික ශබ්ද දූෂණයට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1539 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1629 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1252 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1915 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 577 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 279 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site