(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගෑස් සිලින්ඩර ප්‍රශ්නය සියයට සියයක් නිවැරදිවී ඇතැයි පාරිභෝගික ජනතාවට තවමත් සහතිකයක් ලබාදිය නොහැකි බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය.
නිෂ්පාදන සමාගමක් ගෑස් නිෂ්පාදනයේදී යම් වරදක් කර ඇත්නම් උපරිම වශයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.
අලගියවන්න මහතා මෙසේ පැවසූවේ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
ගෑස්වල සංයුතිය වෙනස්වීම නිසා මේ ප්‍රශ්නය ඇතිවූ බව කවුරුත් පිළිගත යුතු යැයිද ඔහු සඳහන් කළේය.
ගෑස් සිලින්ඩර ප්‍රශ්නය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත විද්‍යාත්මක තීන්දුවක් ලැබී නැතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා කිසිදු ආයතනයක් 1960 ගණන්වල සිට මේ දක්වා ගෑස් නියාමනයක් කර නැතැයිද ප්‍රකාශ කළේය.
ගෑස් නිෂ්පාදනයේදී පාරිභෝගිකයාගේ ආරක්ෂාවට ක්‍රියාමාර්ග රැසක් ගත යුතුව ඇති බවත් එම නිෂ්පාදන ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රශ්න ගණනාවක් නිරීක්ෂණයවී ඇති බවත් අලගියවන්න මහතා කීවේය.
මේ තත්වය නිරාකරණය කරගැනීමට ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇතැයි පැවසූ රාජ්‍ය ඇමැතිවරයා ගෑස් සිලින්ඩර නැවේදීම පරික්ෂා කිරීම එම එක් ක්‍රියාමාර්ගයක් බවද ප්‍රකාශ කළේය.
ගෑස්වල පීඩනය මනින කිසිදු උපකරණයක් මෙම සමාගම් දෙක සතුව නොතිබූ බවත් ගෑස් සිලින්ඩර දැන් වෙළෙඳපොළට නිකුත් කරන්නේ පීඩනය මැන බවත් ඔහු කීවේය.
සීල් කඩා නැති ගෑස් සිලින්ඩර ආපසු ලබාගැනීමට කටයුතු කරගෙන යන බවද අලගියවන්න මහතා පැවැසීය.
ගෑස් සිද්ධි රටපුරා හාරසිය ගණනක් සිදුවී ඇති හෙයින් එම පාඩු ගණනය කරගෙන යන බවද ඔහු පැවසුවේය.
ගෑස් ගැටලුව සියයට සීයක් නිරාකරණය කරගැනීම අපේක්ෂා බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ සිද්ධි ඇතිවුණදා සිට ප්‍රශ්නය විසඳීමට තමා සහ තම නිලධාරීන් පැය 24 පුරා වැඩ කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ගෑස්වලට තවම සහතිකයක් දෙන්න බෑ‘‘
de silva Wednesday, 08 December 2021 04:17 PM
මුලින්ම කිව්වේ රෙගියුලේටරයේ ප්‍රශ්නයක් කියලා නේද?