IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


'ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ'

(යොහාන් භාසුර)

එල්.පී. ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව ඇතැම් පාර්ශවයන් කරන සියලුම ප්‍රකාශ සාව්‍ය මෙන්ම ජනතාව බියගැන්වීමට, ලිට්‍රෝ ගෑස් ආයතනය සහ රජය අපහසුතාවට පත්කිරීමේ උත්සාහයක් බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ වෙළෙඳ හා අළෙවි අධ්‍යක්‍ෂ ජනක පතිරත්න මහතා අද (24) පැවසීය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලියන 6 කට ආසන්න ප්‍රමාණයක් ජනතාව අතර මේ වන විට තිබෙන බව කී ජනක පතිරත්න මහතා එම සියලුම ගෑස් සිලින්ඩර ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිකුත් කර ඇති බව ද සඳහන් කළේය. 

ලංකා ගෑස් සමාගම සහ ෂෙල් ගැස් සමාගම යන සමාගම් ලෙස වර්තමාන ලිට්‍රෝ ගෑස් සමාගම පැවැති කාලයේ සිට වසර 150 කට ආසන්න කාලයක් ජනතා විශ්වාසය තබාගෙන වෙළෙඳපොළට ගෑස් නිකුත් කරන බවත් සඳහන් කළ වෙළෙඳ හා අළෙවි අධ්‍යක්‍ෂවරයා කිසිඳු බියක් නොමැතිව ගෑස් පරිභෝජනය කරන ලෙස වගකීමෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීය.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සුරක්‍ෂිතා අධ්‍යක්‍ෂ, රසායනික හා ක්‍රියාදාම ඉංජිනේරු ජයන්ත බස්නායක මහතා මාධ්‍ය හමුවේදී පැවසුවේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ගෘහස්ථ යන දෙකටම එකම වායු සංයුතිය භාවිතා කරන්න බවත් ගෑස් සිලින්ඩරය සමඟ සම්බන්ධ කරන සෙසු උපාංගවල දෝෂයක් නිසා ගෑස් කාන්දු වීමෙන් ගෑස් වාතයේ බරට වඩා ඝනත්වයෙන් වැඩි නිසා කාන්දුවීමකදී පොළව මට්ටමේ දීර්ඝකාලයක් එකතු වුණහොත් ගිනිගන්නා සු`ඵ ප්‍රභවයක්  එකතු වීමෙන් ගිනිගැනීමක් හෝ පිපිරීමක් වියහැකි බවයි.

ගෑස්වල පීඩනය මෙන් හය ගුණයක් දරාගැනීමේ හැකියාව සිලින්ඩරය සතුව තිබීම නිසා සිලින්ඩරයේ පිපිරීමත් ඉතාමත් කළාතුරකින් සිදුවිය හැකි බව කී සුරක්‍ෂිතා අධ්‍යක්‍ෂවරයා සිලින්ඩරයට පීඩනය දරාගැනීමට නොහැකිවුණොත් සිලින්ඩරයේ තිබෙන ආරක්‍ෂිත වෑලයයෙන් වැඩිවෙන හෝ වෙනස් වන පීඩනය ඉවත් කරන අතරම ගෘහස්ථ සිලින්ඩරයේ පීඩනය රෙගියුලේටරයක් සමගින් අඩු කරන බවත්ය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ එස්.එල්.එස්. 712 ප්‍රමිතයට අනුව ප්‍රෙපේන් සහ බියුටේන්වල අනුපාතය ශ්‍රී ලංකාවේ දේශගුණය පිළිබඳව සළකා තීරණය කරන බවත් එම අනුපාතය රටින් රටට වෙනස් වන අතරම වර්තමානයේ ශ්‍රී ලංකාවේ එහි කිසිම වෙනස් කර නොමැති බවත් ඔහු වැඩි දුරටත් කීය.

කොළඹ පැරණි තුරඟ තරග පිටිය පරිශ්‍රයේ පිහිටි ප්‍රධාන පෙළේ ආපනශාලාවක පසුගියදා සිදුවූ පිපිරීම සහ ගිනිගැනීමේ සිද්ධියත් සමඟ ගෑස්වල ප්‍රමිතිය ගැන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම කොළඹදී අද (24) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එසේ පැවසීය.



අදහස් (7)

'ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ'

sanath Wednesday, 24 November 2021 03:19 PM

එතුමන්ලා එහෙම කිව්වට කලින් බියුටේන් 80% ප්‍රොපේන් 20% තිබ්බ ප්‍රතිශතයට වඩා දැන් ප්‍රතිශතය බියුටේන් 50% ප්‍රොපේන් 50% විදියට ප්‍රොපේන් වැඩි කරලා තියෙනවා කියන කතාව නිවැරදියි. ඒ වගේම ප්‍රොපේන් වල වාශ්පීකරණය බියුටේන් වලට වඩා වැඩි නිසා සහ ප්‍රොපේන් වාශ්ප වීමේදි තියෙන අධික පීඩනය නිසාත් මේ ප්‍රතිශත වෙනස් වීම ටැංකි වල අභ්‍යන්තර පීඩනය වැඩිවී ඒවා පිට වීම නොවෙනවා කියා අපට කියන්නට බැහැ. මොකද අධික පීඩනය නිසා ලීක් වුනොත් ගෙවල් ඇතුලේ ගෑස් එකතු වී ලොකු අනතුරක් වෙන්න පුලුවන්. මේ චෝදනාව එල්ල වූ පසු අන්තර්ජාලය ඔස්සේ බියුටේන් හා ප්‍රොපේන් ගැන ඉදිරිපත් කර ඇති තොරතුරු කියවන විට ඒ කර ඇති අනතුරු ඇඟවීම සනාත වෙනවා. අනිත් එක බියුටේන් වලට වඩා ප්‍රොපේන් ලෝක වෙලඳපොලේ පසු ගිය කාලයේ ගනන් අඩු නිසා (දැන් තත්වය වෙනස් විය හැකි ) අර ප්‍රතිශත වෙනසෙන් ලොකු ලාබයක් මේ කොම්පැනි වලට උපයා ගත හැකිවන බව නම් සහතිකයි. මිනිස්සු රවට්ටන්න මාධ්‍ය සාකච්ඡා තියන එක කොහොමත් කම්පැනි කරන වැඩක් නිසා අපේ ආරක්ෂාව අපිම බලා ගත්තම හොඳයි කියලා හිතෙනවා.

:       0       0

Desappremiya Wednesday, 24 November 2021 04:22 PM

ප්‍රෙපේන් සහ බියුටේන්වල අනුපාතය සඳහන් වී නැත. ලංකාවේ අනුපාතය කුමක්ද?

:       0       2

සිල්වා Wednesday, 24 November 2021 04:25 PM

මෑත කාලයේ වඩාත්ම කථාබහට ලක්වන මාතෘකාව ගෑස් සහ එහි ප්‍රමිතියයි. ජනතාවගේ සැක දුරු කිරීමට නම් ස්වාධීන ආනයනයක් මගින් ප්‍රමිතිය තහවුරු කළයුතුයි...

:       0       3

ravin Wednesday, 24 November 2021 04:28 PM

මේ ගොල්ලෝ ගොත ගොතා බොරු කිව්වත්, පහුගිය දවස්වල මොරටුව විශ්ව විද්‍යාලයේ කරන ලද පරීක්ෂණයකදී අලුතින් නිකුත් කරන ලද ගෑස් සිලින්ඩරවල සඳහන් කළ 80%-20% ප්‍රමිතිය නොමැති බව තහවුරු කර ප්‍රවෘත්ති පත්‍රවල පලවුණා. එතකොට කිතුල් ඇට ගිලපු උගුඩුවෝ වගේ හිටියේ ඇයි?

:       1       2

පැරකුම් Wednesday, 24 November 2021 05:12 PM

චෝදනා බොරු නම් ඇයි නඩු දාලා වන්දි නොගන්නේ...?

:       1       4

saman Wednesday, 24 November 2021 05:29 PM

වෙන රටවල ගෑස් සිලින්ඩර වල පීඩනයට ඔරොත්තු දීමේ හැකියාව කාලසීමාවේ සීමාවට පරීක්ෂා කර ඊළඟට පරීක්ෂා කළ යුතු දිනය මුද්‍රාවක් තබනවා... පාරිභෝගික ආරක්ෂාවට... ලංකාවේ එහෙම දෙයක් වෙන්නේ නැහැ.

:       0       4

Lalith M Thursday, 25 November 2021 08:22 PM

මෙතෙක් කල් රජයට විරුද්ධව ගෙන ආපු චෝදනා කොච්චර ප්‍රතික්ෂේප කළත් පසුව ඒවා පිළිගන්න වුණා. මේකත් එහෙම්ම වේවි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 259 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 441 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 1130 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 791 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 1091 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26934 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1869 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site