IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ගෑස් අනතුරුවලින් වළකින්න විදුලි පරිපථ ආරක්ෂිතදැයි බලන්න

(යොහාන් භාසුර)
ගෑස්වලින් අනතුරු වී තිබූ කිසිඳු ස්ථානයක ගෑස් සිලින්ඩර පුපුරා නොතිබුණු බවත් ගෑස් අනතුරු වළක්වා ගැනීම සඳහා නිවසේ විදුලි පරිපථ පරීක්‍ෂා කර ආරක්‍ෂිත බව තහවුරු කරගත යුතු බවත් රසපරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේදී ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්‍ෂක රොෂාන් ප්‍රනාන්දු මහතා අද (25) පැවසීය.
එම ස්ථානවල ද්‍රව පෙට්‍රෝලියම් වායුව නිදහස් වී වාතයේ වායු සමඟ මිශ්‍ර වීම නිසා පුරා ගොස් තිබූ බව කී ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්‍ෂකවරයා වායු මිශ්‍රණය දෝලනය වීම විදුලි පුළිගුවක් මගින් විය හැකි බව ද සඳහන් කළේය.
උදෑසන අවදිවීමේදී නිවසේ වායු ගන්දයක් දැනේ නම් විදුලි බුබුළු නොදල්වා දොර, ජනේල් විවෘත කර ගන්දය පහව යන තෙක් සිට ගෑස් පාවිච්චි කරන ලෙස ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්‍ෂකවරයා ජනතාවට උපදෙස් දුන්නේය.



අදහස් (23)

ගෑස් අනතුරුවලින් වළකින්න විදුලි පරිපථ ආරක්ෂිතදැයි බලන්න

Siri Thursday, 25 November 2021 08:49 PM

'ජනෙල් දොරවල් විවෘත නොකර' ? මේ කොටස නිවැරැදිද?

:       0       0

Nuwa Thursday, 25 November 2021 09:14 PM

දොර ජනෙල් විවෘත නොකර ඉන්න කියලද කිවුවෙ...

:       0       0

Viki Thursday, 25 November 2021 09:35 PM

දොර ජනෙල් විවෘත නොකර කොහොමද ලීක් වුන ගෑස් 1ක් එලියට යන්නේ

:       0       0

ajith Thursday, 25 November 2021 09:56 PM

මෙච්චර කාලයක් හොඳින් තිබුන විදුලි පරිපථ හිටි හැටියේ අනාරක්ෂිත වන්නේ කෙසේද?

:       0       0

thilina Thursday, 25 November 2021 11:29 PM

අතීසාරෙට අමුඩ ගහන්න කියනවා වගේ කථාවක්නේ මේ කියලා තියෙන්නේ. ටැංකියේ ප්‍රශ්නේ විසඳන්නේ නැතිව අපිට සර්කිට් චෙක් කරන්න කියන්නේ. හරි චෙක් කරා කියමු.. පහුවදාට ස්පාර්ක් එකක් නොවෙයි කියලා කාටද සහතික කරන්න පුළුවන්..?

:       0       0

Kasun Thursday, 25 November 2021 11:38 PM

මරු රස පරීක්ෂකලා. පොල් පිත්තෙන් කපලා ගන්න පුළුවන් මීට වැඩිය හොඳ එකෙක්..

:       0       0

Ratne Thursday, 25 November 2021 11:58 PM

නිල් පැහැති ගෑස් සිලින්ඩර භාවිතයේදී, එයට රෙගියුලේටරය සවිකළ විට එයින් ගෑස් අඩුවැඩි වශයෙන් ලීක් වීමක් අවස්ථා කීපයකදීම සිදුවිය. පළමු අවස්ථාවේ දී රෙගියුලේටරය මාරු කළද නිවැරැදි නොවුණු බැවින්, වෙළෙඳ මහතාගේ උපදෙස් අනුව සිලින්ඩර කටේ ඇතුළත ඇති වොෂරය ඉවත්කර අලුත් එකක් දැමූ පසු ලීක්වීම නැවතිණි. මා අවසන් වරට ගෑස්මිලදී ගන්නා ලද අවස්ථා 3/5 කදීම ඉතා සුළු වශයෙන් හෝ ලීක් වීමක් පැවති බැවින් ඉහත පරිදිම නිවැරදි කර ගැනීමට සිදුවිය. එබැවින් රෙගියුලේටරය සවිකළ පසු අනිවාර්යයෙන්ම එයට කන ලංකර ලීක්වීමක් ඇත්දැයි පරීක්ෂා කළ යුතුයි. මෑතක සිදුවූ පිපිරීම්වලදී ගෑස් සිලින්ඩර පුපුරා ගොස් නොතිබුනේ නම්, ඉහත පරිදිම ගෑස් කාන්දු වීම් ඒවාට හේතු වූවා විය හැක. පාරිභෝගික සේවා අධිකාරිය මඟින් අහඹු ලෙස වෙළෙඳපල ගෑස් සිලින්ඩර කීපයකට රෙගියුලේටර සවිකරමින් පරීක්ෂා කලහොත් දෝෂය හදුනාගත හැකි වනු ඇත. ලිට්රෝ සමාගම ද මීට වඩා පාරිභෝගික ආරක්ෂාව පිළිබඳව සැලකිය යුතුයි...

:       0       1

Kapati_coat Friday, 26 November 2021 01:15 AM

ගන්දය පහව යන තෙක් තමයි බලන් ඉන්නේ.

:       0       0

sathyapala Friday, 26 November 2021 04:13 AM

මේක මහා නින්දිත ප්‍රකාශයක්... වංචනික ගෑස් සමාගම් සහ ඒ ගෑස් සමාගම්වලට හොර වැඩ කිරීමට ඉඩදුන් දේශපාලකයන් බේරාගැනීමට කරන ප්‍රකාශයක්... විදුලි පරිපථ පරීක්‍ෂා කිරීමෙන් ගෑස් කාන්දුවීමට බලපෑමක් නැතිව පමණක් නොව ගෑස් කාන්දුවක් සිදුවුණාට පසු කොතරම් හොඳ විදුලි පරිපථයකින් වුවද අනතුරක් විය හැක. අනෙක් කරුණ අප වැනි රටවල අවට පරිසරයේ විවිධ ගන්ධයන් නිතර පවතිනවා. අපිරිසිදු කාණු, සතියකට වරක් කුණු ගෙනියන නිසා එකතුකරන කුණු, අබලන් වැසිකිළි... එවැනි පරිසරවල ජීවත්වන පුද්ගලයින්ට ගඳක වෙනස හඳුනා ගැනීමට අපහසුයි. ගඳ එන්නේ මොකද බලන්නෙත් කුප්පි ලාම්පුව හෝ විදුලි බල්බය දල්වලා... අවසානයේ ලංකාවේ පිහිටි විදෙස් කර්මාන්ත ශාලාවක හෝ හෝටලයක මහා විනාශයක් සිදු වුණාට පසු මිලියන ගණනක් ඩොලර්වලින් විදේශ සමාගමකට වන්දි ගෙවන රටක්...

:       0       0

මානවසිංහ Friday, 26 November 2021 07:24 AM

ගෑස් බට පරිපථ පිළිබඳ රටේ ඇත්තේ ඉතා සුළු දැනීමක් හා ආකල්පයක්. රෙගුයලේටරයේ ආයූකාලය, බට සම්බන්ධ වලදී යෙදුම් හා ශිල්පීය දැනුම ප්‍රමාණවත් ප්‍රමිතිකරණය පිළිබඳ යහපත් සංවාදයක් මේ සමගම ඇතිකිරීම.

:       0       0

මානවසිංහ Friday, 26 November 2021 07:42 AM

ගෑස් පරිපථ නිසි පරිදි යොදා ගනිමු. ජලනල සම්බන්ධතා කාන්දු ඇසට පෙනේ. වායු කාන්දු ඇසට නොපෙනෙන මාරයෙක්. ටැංකිය ස්ථාන ගත කිරීම රෙගුයුලේටර ආයුකාලය නිවැරදි සීල් කිරීමේ ශිල්පීය ක්‍රම ගැන මාධ්‍ය කතිකාවක් මේ මොහොතේ හෝ ඇතිවුවහොත් යහපත්. ප්‍රථමයෙන් ගෑස් පරිපථය ආරක්ෂිත කරගමු. විදුලි පරිපථ මෙවන් වැසි සමයක පුලිගු ඇතිකරමින් විසංදිගතවීම නවත්වා ගැනීම තරමක් අපහසු වනු ඇත.

:       0       0

tt Friday, 26 November 2021 07:45 AM

ගන්දය පහව යන තෙක් සිට ගෑස් පාවිච්චි "නොකරන" ලෙස...

:       0       0

lankaputha Friday, 26 November 2021 08:48 AM

එබැවින්, පැරණි කපාට සහිත නව මිශ්‍රණය කාන්දු වීම "නිර්මාණය කර ඇති පරිදි" වන අතර කාන්දුවක් හැසිරවීමට තරම් නිවාස ආරක්ෂිත බව සහතික නොකිරීම මිනිසුන්ගේ වරදක්ද?

:       0       0

rajendra kumar Friday, 26 November 2021 08:55 AM

" දොර ජනෙල් විවෘත කර" විය යුතු යි නේද ?

:       0       0

latha Friday, 26 November 2021 09:05 AM

ගඳ පහ උනාම ගෑස් පාවිච්චි කරන්න යන්න බැහැ. සිලින්ඩරේ ලීක් වෙන හින්දානේ ගෑස් පිට ගිහින් තියෙන්නේ.

:       0       0

sharm warn Friday, 26 November 2021 09:25 AM

එතකොට ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර ප්‍රමිතිගත කරන්න පියවරක් ගන්නේ නැද්ද.?

:       0       0

ana Friday, 26 November 2021 09:26 AM

ද්‍රව වායු මිශ්‍රණය “දෝලනය“ වීම නොවේ “ජ්වලනය“ වීම විය යුතු ය. සිලිංඩරය පුපුරන්න විදිහක් නැහ. ඒක ඇතුලේ ජ්වලනය වන්න (ගිනි ගන්න) ඔක්සිජන් නැහැනේ. ගිනි ගන්නවානම් වෑල්වය හරහා වායු කාන්දුවක් විය යුතු ය.

:       0       0

ලංකා Friday, 26 November 2021 09:29 AM

බෝම්බ පුපුරනවට බයේ ලොක්කට දුන්න.. දැන් ගෙදර ගෑස් සිලින්ඩරේ පුපුරනවට බයේ ඉන්න වෙලා...

:       0       0

chandana Friday, 26 November 2021 09:35 AM

ජනෙල් විවෘත නොකර ගන්ධය පහව යනතෙක් සිට ගෑස් පාවිච්චි කරන ලෙස ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්‍ෂකවරයා ජනතාවට උපදෙස් දුන්නේය. මේ කියලා තියෙන දේ හරිද?

:       0       0

රට වැසියා Friday, 26 November 2021 09:41 AM

අයියෝ අයියෝ රටට වෙච්චි විපතක මහත, එකක් කඩතොලු වසා ගන්නට ගොස්, හතක් කඩතොලු හදා ගත් ඉඳුරුවේ ආචාරියා..!

:       0       0

සෙනෙවිරත්න Friday, 26 November 2021 10:33 AM

මේක කොච්චර ප්‍රායෝගිකද ? ඕනම ස්විචයක් දානකොට ස්පාක් වෙනව . නරකද ගෑස්වල ප්‍රමිතිය බලනව නම්. රබර් වෑල් වලින් ලීක් වෙනව. රෙගියුලේටර් වලින් ලීක් වෙනව. දැන් ඔය බියුටේන් ප්‍රොපේන් අනුපාතය 50:50 කියනව නේද? එහෙම නම් ගෑස් වල රශ්මිය අඩුවීමෙන් පාරිභෝගිකයාට අවාසියි. ඒවත් බලන්න. මිනිස්සුන්ට ගෙවල්වල ගිනි පෙට්ටි දල්වන එක නනතරකරන්න බැහැනෙ.

:       0       0

Namal Paksa Tuesday, 30 November 2021 04:26 AM

ඔහු ජ්‍යෙෂ්ඨ ආණ්ඩුකාර තනතුරට සුදුසු නැහැ.

:       0       0

janahitha Tuesday, 30 November 2021 09:12 AM

අතීසාරෙට අමුඩ ගහන්න කියනවා ප්‍රමිතියෙන් තොර ගෑස් ගෙන්නපු අය පළමුව එලවා දැමිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 507 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 497 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 390 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 584 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 2421 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 354 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27192 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 18943 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 652 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site