IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගස් කඩාවැටී කොළඹ බදුල්ල මාර්ගය අවහිර වෙයි

(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මල්)

පවතින ධාරාණිපාත වර්ෂාව සහ අධික  සුළං සහිත අයහපත් කාලගුණය නිසා කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ  දියතලාව අතර ප්‍රදේශයට දැවැන්ත කරපන්ටයින්  ගස් ස්ථාන හතරකදී අද (24) අලුයම කඩාවැටීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව දියතලාව  පොලිසිය පැවසීය. 

තවද මෙම මාර්ග කොටසේ කරපන්ටයින් ගස්මෙන්ම කණ්ඩි උඩ දැවැන්ත පයිනස්ගස්ද පිහිටා තිබෙන බවත් ඒවාද කොයි මොහොතක හෝ කඩා වැටීමේ අවදානමක් ඇති බවද   රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මෙම මාර්ගය භාවිතා කරන්නන්ට විකල්ප මාර්ග නම් කර ඇති බවත්  විකල්ප මාර්ගය ලෙස දියතලාව උඩපාර කහගොල්ල හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කරන ලෙසත් දියතලාව පොලිස ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාගර දයාරත්න මහතා පැවසීය. 

මෙම  මාර්ගයට වැටී ඇති සියලු ගස් කපා කඩිනමින් ඉවත් කිරීම සඳහා දියතලාව යුද හමුදාව දියතලාව පොලිසිය හපුතලේ  විශේෂ කාර්ය බළකාය,   හපුතලේ ප්‍රාදේශීය සභාව,  හපුතලේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  සහන කණ්ඩායම් එක්ව කටයුතු කරන බව බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.  



අදහස් (0)

ගස් කඩාවැටී කොළඹ බදුල්ල මාර්ගය අවහිර වෙයි

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 410 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 4 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 442 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 729 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 562 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 396 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site