IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ගෑස් කාන්දුවක් දැයි සොයන්න උපදෙස්

 

(ඩයනා උදයංගනී)

ගෑස් සිලින්ඩරයක් මිලදී ගත් පසු එය නිවස තුළට ගැනීමට පෙර කාන්දුවක් සිදුවන්නේ දැයි පරීක්‍ෂා කර බැලීම සුදුසු බව ස්වභාවික වායු සහ ඛනිජ තෙල් ගවේෂන ඉංජිනේරු නිමල් ද සිල්වා මහතා පවසයි.

සිලින්ඩරයෙන්ම ගෑස් කාන්දු සිදුවන්නේ නම් වරද ඇත්තේ වෑල්වයේ බවත්, වෑල්වයෙන් ගෑස් කාන්දුවීමය හේතුව සිලින්ඩරයේ අභ්‍යන්තර පීඩනය බවත් කී ඉංජිනේරුවරයා පීඩනය වෙනස් වන්නේ සංයුතිය වෙනස් වුවහොත් පමණක් යැයි ද සඳහන් කළේය.

ගෑස් සිලින්ඩරයේ වෑල්වය මතට සබන් පෙන ස්වල්පයක් යෙදීමෙන් කාන්දුවක් වන්නේ ද යන්න නිරීක්‍ෂණය කළ හැකි බව කී නිමල් ද සිල්වා මහතා, රෙගියුලේටරය කලකින් මාරු කර නැත්නම් මාරු කරගැනීම මෙන්ම නිසි ප්‍රමිතියකින් යුත් රෙගියුලේටරයක් යෙදීමත්, ගෑස් සිලින්ඩරය සම්බන්ධ කරන නලය හොඳින් පරීක්‍ෂා කර භාවිතා කිරීමත් වැදගත් බව සඳහන් කළේය.

මෙම කරුණු නොසලකා හැරියොත් ජීවිත හානියක් පවා විය හැකි බව හෙතෙම කීවේය.

මෑත කාලයේදී දිගින් දිගටම සිදුවූ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසීය.

“ගෑස් සිලින්ඩරය බොහෝ ශක්තිමත්. නමුත් සිලින්ඩරයට සවිකර ඇති වෑල්වය හා ඉහළින් ඇති රෙගියුලේටරය කුමන ආකාරයෙන් සකස් වී ඇත්දැයි යන්න පරීක්‍ෂා කර බැලිය යුතුයි. වෑල්වය සැලසුම් කර ඇත්තේ ප්‍රොපේන් සියයට 30ක් සහ බියුටේන් සියයට 70 යන සංයුතියට ගැළපෙන ආකාරයට නම් ප්‍රොපේන් සියයට 30ට වැඩියෙන් අන්තර්ගත වුණොත් වෑල්වයට ඔරොත්තු නොදෙන්න පුළුවන්. බියුටේන්වලින් ලැබෙන්නේ සාමාන්‍යයෙන් අඩු පීඩනයක් ප්‍රොපේන්වලින් ලැබෙන පීඩනය එමෙන් සිවුගුණයක් වෙනවා. ඒ පීඩනයට වෑල්වය ඔරොත්තු දෙනවාද යන්න බැලිය යුතුයි.

රෙගියුලේටරය සම්බන්ධයෙන් ප්‍රමිතියක් ඇති බව කීවත් ඒවා ක්‍රියාත්මක වෙනවාද යන්න බැලිය යුතුයි. මෑතක සිට මහජනතාව සිලින්ඩරයෙන්ම ගෑස් කාන්දුවීම් සිදුවන බව වීඩියෝ කර සමාජ මාධ්‍ය ආදියේ පළ කරනවා. එතැන වරද තිබෙන්නේ වෑල්වයේයි. වෑල්වයෙන් ගෑස් කාන්දු වෙනවා නම් ගැටලුව තිබෙන්නේ පීඩනයේයි. පීඩනය වෙන්නේ සංයුතිය වෙනස් වුණොත් විතරයි.

පාරිභෝගිකයාට මේ ගැන සැකයක් තිබෙනවා නම් ගෑස් සිලින්ඩරය ගෙනා විට එහි සබන් පෙන ටිකක් ගා පරීක්‍ෂා කළ හැකියි. කාන්දුවක් තිබෙනවා නම් නිවස තුළට නොගෙන ලබා ගත් තැනටම භාරදෙන්න. නැතිනම් ගෑස් සමාගමට හෝ පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන්න.” යැයි ද ඔහු පැවසීය.

 



අදහස් (12)

ගෑස් කාන්දුවක් දැයි සොයන්න උපදෙස්

Roshan Sunday, 28 November 2021 09:31 PM

පාරිභෝගික අධිකාරියට...? ඊට වැඩිය හොඳයි පාරෙ ඉන්න බල්ලන්ට කියන්න. ඌ නකුට හරි වනාවි..

:       0       14

Anura Sunday, 28 November 2021 10:02 PM

හුඟක් සමාජ මාද්‍ය තුල වීඩියෝ තියනව ගෑස් වැල්වය තුලින් ලීක් වෙනවා පෙන්වන , ඒ කියන්නේ එයට හේතුව සිලින්ඩරයේ ගෑස් සංයුතිය වෙනස් වීම නම් , මුල ඉඳලම ඒය පිළිනොගෙන මිනිස්සුන්ගේ ජිවිත අනතුරේ දැමු ඇමැති දේපලට සහ සමාගමේ ලොක්කට විරුද්දව නිතිය ක්‍රියාත්මක විය යුතුයි.

:       0       12

nimal Sunday, 28 November 2021 10:43 PM

ස්වභාවික වායු සහ ඛනිජතෙල් ගවේෂණ ඉංජිනේරු නිමල් ද සිල්වා මහතා සමග සාකච්ඡාවක් පවත්වා ජනතාව දැනුවත් කිරීම වැදගත්...

:       0       9

siri Monday, 29 November 2021 12:02 AM

ඊට වැඩිය හොඳ නැද්ද බෙදා හරින්නට කලින් ගෑස් කාන්දු වෙන ඒවා අයින් කරන එක.

:       0       19

මෝ Monday, 29 November 2021 04:49 AM

ඕක හොයන්න ගෑස් සිලින්ඩරේ ගෙදරට, ගේනකං ඉන්නෙ ඇයි? ඕව පුරවන කොම්පැනියටම ගිහින් පරික්ශාකරන්න බැරි ඇයි? කෝ අර අලගිය මුලගිය ,?

:       0       13

කල්පනා Monday, 29 November 2021 05:59 AM

දැනුවත් කලාට ඔබතුමාට බොහොම ස්තුතියි

:       0       5

ranjith Monday, 29 November 2021 06:53 AM

මහත්තයෝ ගෑස් කාන්දුවක් නැති බවට තහවුරු කරලා පාරිබෝගිකයන්ට දුන්නොත් නේද හොඳ.

:       1       12

බී.එම්.ආර්. බස්නායක Monday, 29 November 2021 07:39 AM

පිළිගතහැකි සාධාරන පිළිතුරක් ලබාදී ඇත්තේ මෙතුමාය. මැති ඇමතිලා, කොම්පැනිකාරයෝ, ප්‍රමිතිකාර්‍යාංශය, පාරිභෝගික අධිකාරිය, බයිල ගහනවා. ප්‍රශ්නය තේරුම් ගන්නේ නැතුව හෝ උවමනාවෙන්ම ප්‍රශ්නය අමතක කරල වෙන වෙන කථා කියනවා. රටකට ගිය කලක්. .

:       0       11

සමිත සේනක අලුත්ගමගේ. Monday, 29 November 2021 09:20 AM

අත්දැකීම් නොමැති දේශපාලනඥයින්, විශ්‍රාම ගිය අසාර්ථක හමුදා නිලධාරීන් වැනි අය රටකට, ආයතන වලට අරක්ගෙන සිටිනා විට, මෙවන් දේ සිදුනොවුණොත් තමයි පුදුමේ.. වැඩේ කියන්නේ, මේ ගෑස් ටැංකි වල හා ඒවා පිරවීමේදී නිසි ක්‍රමවේදයක් නොතිබීම තමයි තිබෙන ලොකුම පුදුමේ. ටැංකි පිපිරුවේ නැතිනම්, තාමත් වැඩේ ගැන හෙවිල්ලක් ඇත්තේම නැහැ. අපූරු රටක්.. අපූරු පාලනයක්.. කෙසේ වෙතත්, රටේ කොයි කවුරුත් දැන්දැන් ගෑස් ටැංකිවලට තියෙන්නේ මාර බයක්... බෝම්බය ගෙයි ඇතුලේ. කොයි වෙලාවේ පුපුරයිද දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් මේ අනිසි සංයුතියකින් ගෑස් පිරවූ ගෑස් සමාගම්වලට නඩු පවරා දේපළ හා ජීවිත හානිත්, තුවාල වූ අයටත් වන්දි ගෙවීමට කටයුතු කිරීම වැදගත්...

:       0       22

prabashWednesday, 01 December 2021 05:05 PM

ඇමැතිතුමා වැඩ පටන් ගන්නේ ටැංකියක් පිපුරුණාට පස්සෙලු...

:       0       1

minissu Tuesday, 30 November 2021 08:37 AM

දැන් ඉතින් රේගියුලේටරය පිටින් දානවා

:       0       0

ජන හඩ Tuesday, 30 November 2021 10:08 AM

විද්‍යාත්මකව මෙතුමාගෙ දැනුම ජනතාවට දීම ගැන අප ගරු කළ යුතුයි. හැබැයි අවිද්‍යාව රජ යන මේ රටේ තමා නොදන්න දෙයක් චැම්පියන්ලා වගේ කථිකත්වය මවා පා කියන අය තමා දැන් පහළ වෙලා තියෙන්නෙ. මේ අය තම මෝඩකම වසා ගැනීමට බුද්ධිමතුන් රැකියාවලිනුත් අස් කරනවා කියල ප්‍රකාශ කරන්නෙ මහත් උද්යෝගයෙන්. ඒ කෙසේ වෙතත් ජනතාව හැටියට දැනුවත් භාවයෙන් ජීවත්වීම තමයි මේ වෙලාවෙ කළයුතු හොදම දේ. තමන්ට හැකි අයුරින් ජනතාවගෙ ජීවිත ගැන හිතලා ඉදිරිපත්වෙන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට ආචාරය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1509 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 295 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 548 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 788 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 153 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 557 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 726 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site