ගාසා තීරයට දිගට හරහට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට බවත්, ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ නොවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබේ.
හමාස් සටන්කාමීන් අඩපණ කරමින්, ඔවුන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන් 230 දෙනා බේරා ගැනීම ඊශ්‍රායල හමුදාවේ ප්‍රධාන අරමුණ බවත්, ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය අපේක්ෂා කරන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් පැහැදිලි කළේය.
කිසිදු කොන්දේසියක් නොමැතිව, හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපයේ රඳවන් සිටින ඊශ්‍රායල වැසියන් වහා නිදහස් කළ යුතු බව ද නෙදන්යාහු පැහැදිලි කර තිබේ. හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන්ගෙන් 33 දෙනකු කුඩා දරුවන් බව ද පැවැසෙයි.
‘සටන් විරාමයකට යන්නැයි රටවල් බොහොමයක් අපට කියනවා. ඒත් සටන් විරාමයකට යෑම යනු ඊශ්‍රායලය හමාස් සටන්කාමීන්ට යටත් වීමක්. එය කිසිසේත් කළ නොහැකියි. හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමන තුරු, යුද්ධය ජයගන්නා තුරු, අප සටන් නවත්වන්නේ නැහැ’ යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
(අල් ජසීරා)
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගාසා තීරයේ සටන් විරාමයක් නෑ
sam Tuesday, 31 October 2023 04:51 AM
ගාසා තීරයට දිගට හරහට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට වුවත් මෙම යුද්ධය මැදපෙරදිග කලාපය පුරා පැතිරීම වැළැක්විය නොහැක. මිතුරන් සතුරන්වන සහ සතුරන් මිතුරන් වෙමින් පවතින ගෝලීය දේශපාලනයේ අවස්ථාවකට ලෝකය මුහුණ දෙමින් සිටී. මෙම දේශපාලන සහ යුදමය වාතාවරණය නිසා ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දීමට සමස්ත ලෝකවාසීන්ටම සිදුවනු ඇත. ඉක්මන්/ හදිසි සටන් විරාමයක් ඇති නොවුණ හොත් ගෝලීය දේශපාලනයේ ප්‍රබල වෙනස්කම් සිදුවනු ඇත...
Jegan Tuesday, 31 October 2023 11:50 AM
ඉස්ලාම් අන්තවාදය විසින් බලගන්වන ත්‍රස්තවාදය අවසන් කරන්න. ඔබට දෙවි පිහිට ලැබේවා!