IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගස් නැග එගොඩ මෙගොඩ යන දිඹුල්දෙන වැසියෝ

(ප්‍රසන්න පත්මසිරි)

බිබිල මැතිවරණ කොට්ඨාසයේ මැදගම දිඹුල්දෙන ගමේ ගැමියන් දහමල් ඔයේ ගස් උඩ අතු අතර දැව කොටන් දමා සකසා ගෙන තිබෙන මාර්ගයක් ඔස්සේ වසර 5 ක් පුරා එගොඩ මෙගොඩ යන බව ඔවුහු පවසති.

මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දිඹුල්දෙන ගමේ පාරම්පරිකව හේන් වගා කරමින් පදිංචිව සිටින පවුල් 48ක ගැමියන් මෙම අනාරක්ෂිත දැව පාලම හරහා එගොඩ මෙගොඩ යති.

ඔය දෙපැත්තේ අඩි 60ක් උසැති කුඹුක් හා අක්ටික්කා ගස් අතු අතර පිටපලු ලෑලි කළවැල්,මදු වැල් හා කොහු ලණු වලින් බැද මෙම පාලම ඉදිකර තිබේ.

කුඹුක් හා අක්ටික්කා ගස් යොදාගෙන  අඩි 70ක පමණ දිගක් පුරා පාලම ඉදිකර ඇත.

දිඹුල්දෙන ගමේ පාසල් දරුවන් 15 දෙනෙකු සහ ගැමියන් 100 ක් පමණ දෙනා මෙම පාලම භාවිතා කරති.

දහමල් ඔයේ වැලි කැනීම හේතුවෙන් දිනෙන් දින ගැඹුරු වළවල් බිහිවන ඔය මතින් ගමන් කිරිමට සතෙකුට පවා නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි ගැමියෝ කියති.

මේ සම්බන්ධයෙන් මැදගම ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් පියදිගම මහතාගෙන් විමසු විට මෙසේ පැවසීය.

‘කතාව ඇත්ත. නමුත් මේ ගමේ ජනතාවට කිලෝමීටර් තුන හතරක දුරකින් එගොඩ වෙන්න පාලමක් තියෙනවා. ජනතාවට ළග නිසයි මෙතනින් එන්නේ. කොහොම හරි අපි මේ අයට පාලමක් හදලා දෙන්න ඉක්මණටම කටයුතු කරනවා. ලොකුවට පාලම් හැදුවොත් එගොඩ තියෙන වනාන්තරය විනාශ වෙන්නපුළුවන් ඒ නිසා ජනතාවට අවශ්‍ය පාලම අපි රජයෙන් හදලා දෙනවා’ යැයිද කීය.

 



අදහස් (18)

ගස් නැග එගොඩ මෙගොඩ යන දිඹුල්දෙන වැසියෝ

Raveendra Friday, 17 January 2020 07:22 AM

ඔන්න පාලම්, බෝක්කු ,පාරවල් හදල මහජන මුදල් අධික ලෙස වියදම් කරලා මුල්ගල් තැබීමට, විවෘත කිරීම්වලට යහමින් මුදල් නාස්ති කරපු සහ එසේ කිරීමට කටවල් ඇරගෙන ඉන්න සහ දැනට බලයේ ඉන්න දියවන්නා ඔයේ මිහරකුන්ට මෙම පුවත කියවීමට හැකි වේවා !!! රටේ මුල් පුරවැසියාට අපගේ මෙම අදහස් කියවීමට හැකිවේවා !

:       1       356

ranilFriday, 17 January 2020 07:46 PM

සජිත් ඒ දණ්ඩේ ගියාට කීයක් දෙනවා කිව්වත් මේ දණ්ඩේ නම් යන්නේ නැහැ. ඒක ෂුවර්...

:       0       15

Not a slave Friday, 17 January 2020 08:08 AM

මම දැකලා තියෙනවා ඔය වගේ ලස්සනට හදපු පාලම... අපිට ඕක තව ටිකක් ලස්සනට හැදුවොත් සංචාරකයන් ටිකක් ගෙන්න ගන්න පුළුවන්...

:       71       43

eresh S kumara Friday, 17 January 2020 08:20 AM

ජනපතිතුමනි ඔබගේ අවධානය පිණිසයි.

:       0       17

JAYATH Friday, 17 January 2020 09:32 AM

ඕක මොනම ලස්සනකටවත් හදන්න ඕනෑ නැහැ ඔහොම තිබුණාවේ. මේ කොන්ක්‍රීට් වනාන්තරේ ට්‍රැෆික් එකේ හිරවෙලා, ත්‍රීවීල් කාරයින්ගේ, බයික් පදින උදවිය වගේම ප්‍රයිවෙට් බස් මල්ලිලාගෙන් ඔලුව බේරගෙන ගෙදර එන මට ඔය වගේ ගමක, ඔය වගේ පාලමක යන්න වාසනාව නැති හැටි...

:       4       40

සමන්Sunday, 19 January 2020 08:09 PM

කොළොඹ ඉන්න මිනිස්සුන්ට මේ අයගේ දුක තේරෙන්නේ නෑ. ඔයා එක දවසක් දෙකක් මේකේ යයි ආශාවට, නමුත් නිතර දෙවේලේ යනකොට එපාවෙයි. අනික මේකේ ළමයි, කාන්තාවන් පවා යනවා. එහෙම කෙනෙක් වැටිලා තුවාල උනොත් ඒකට වගකියන්නේ කවුද? පාලම් හදන්න පුලුවන් වාහන යන්න බැරි විදියට. නමුත් වාහනයක් ගියත් ප්‍රශ්ණයක් නෑ මොකද ඒවල යන්නෙත් මිනිස්සු. බර වාහන යන එක තමයි තියෙන එකම ප්‍රශ්ණය. ඒකට පාලම සෑහැල්ලුවට පටුවට හදනවා එතකොට බර වාහන වලට යන්න බෑ. තව එකක් කිලෝමීටර් 3 ක් එහායි තියෙන නිසා ඒකෙන් එන්න පුලුවන් බර වාහන වලට.

:       0       13

sampath Friday, 17 January 2020 11:58 AM

මේ රටේ කොයිතරම් මුදල් නාස්ති කරනවද? සංවර්ධනය කියන්නේ මේවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන එකයි. වඳුරන් පැටවුන් රැගෙන ගස්වල යන්නා වගේ මේ මිනිස්සු තමන්ගේ කිරි සප්පයින් අරන් මේ යන ගමන කොයිතරම් අනතුරු දායකයිද? මේවා ඉතා පහසුවෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්න... පරණ යකඩ වලින් හෝ කුඩා පාලමක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ට කිව්වා නම් ගහලා දෙයි.

:       0       8

sampath Friday, 17 January 2020 12:02 PM

මේකේ අදහස් දාන අය මේ මිනිස්සුන්ගේ දුක සමච්චලයකට ලක් කරනවා. මෙහෙම යන්නේ ආසාවට නෙවෙයි. කරන්න දෙයක් නැතිකමට... හැමෝගේම කැමැත්ත මේ මිනිස්සු දියුණු වුණොත් කියලා බයයි... මොකද සැබෑ දක්ෂයින් ඉන්නේ ගම්වල කොළඹ අම්මා කෙනෙක්ට මෙහෙම ළමයෙක් වඩාගෙන යන්න පුළුවන්ද පාලමක් උඩින් ළමයෙකුට මේ වගේ පාසල් යන්න පුළුවන්ද? මේ මිනිස්සුන්ට කවුරු හරි මැදිහත් වෙලා ගමනාගමන පහසුකම් ලබාදෙන්න.

:       0       51

NuwanSaturday, 18 January 2020 06:48 AM

"ගමේ ජනතාවට කිලෝමීටර් තුන හතරක දුරකින් එගොඩ වෙන්න පාලමක් තියෙනවා. ජනතාවට ළග නිසයි මෙතනින් එන්නේ. " මේක කියෙව්වේ නැද්ද, අපිත් පොඩිකාලේ අපේ ගමේ පොඩි එ් දණ්ඩකින් එගොඩ වුණා ටවුමට ළඟ නිසා... නමුත් හොඳපාරක් ඊට ටිකක් ඈතින් තිබුණා. ඒ නිසා හැමතැනම පාලම් හදලා බැහැ.

:       1       10

සමන්Sunday, 19 January 2020 08:14 PM

Nuwan ඇයි බැරි? පරිසර හිතකාමි විදියට පාලම් හදන්න පුලුවන්. කිලෝමීටර් 3, 4 කියන්නේ ලොකු දුරක්. ඒ තරම් දුර පොඩි ළමයෙක්ට, වයසක කෙනෙක්ට, ලෙඩෙක්ට, ගර්බණි මාතාවකට යන්න බෑ. අනෙක් මිනිස්සු ගියත් විශාල කාලයක් වැයවෙනවා. හැම තැනම පාලම් හදන්න ඕනේ නෑ, පාලම් හදන්න ඕනේ, මාර්ග හදන්න ඕනේ මිනිස්සුන්ට ලේසි වෙන විදියට. ඒකයි සංවර්ධනය කියන්නේ.

:       0       11

chandima Saturday, 18 January 2020 01:17 AM

මේ ගොල්ලොත් ඉතින් පසුගිය අවුරුදු හතර හමාරේම ටැබ් දෙනකල්, ෆ්‍රී වයි ෆයි දෙනකල්, කට අැරගෙන උන්නා මිසක් ඔව්වා ගැන කිව්වේවත් නැහැනේ...

:       1       1

kapila Saturday, 18 January 2020 05:23 AM

අම්මෝ... අපේ රට තාම මෙච්චර දුප්පත්ද කියලා හිතුණා. අපිට තව කොච්චර දේවල් කරන්න තියෙනවද? මේ රටේ දූෂණය, වංචාව නැති කරගත්තොත් මේ ඔක්කොම කරන්න අපිට සල්ලි හොයාගන්න පුළුවන්...

:       32       0

විජිත් Saturday, 18 January 2020 12:06 PM

මේ සටහනේ තැනක තියෙනවා ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා කියනවා ..."...ලොකුවට පාලම් හැදුවොත් එගොඩ තියෙන වනාන්තරය විනාශ වෙන්න පුළුවන් ඒ නිසා ජනතා...." කියලා. එය නම් සම්පූර්ණ ඇත්තක් වෙන්න පුළුවනි. ලොකු පාලමක් හැදුවාම කැලෑපාලුවෝ දේශපාලුවොත් එක්ක එකතුවෙලා කැලය කපනවා. ඒ නිසා මහජනතාවට යන්න, බයිසිකලයක් යන්න පුළුවන් ශක්තිමත් කුඩා පාලමක් හදා දුන්නොත් ගමේ මිනිසුන් ඒ බව හැමදාම අගේ කරාවි...

:       0       4

lanka Saturday, 18 January 2020 01:27 PM

මං කල්පනා කරේ හදිසි ලෙඩෙක් මේ වගේ තැනකින් රෝහලකට ගෙන යන්නේ කෙසේද කියායි. රටේ සමහර මිනිසුන් මෙලෙස ජීවත්වෙද්දී, ලංකාව අද මැදි අාදායම් හෝ ඉහළ අදායම් ලබන රටක් යයි පාරම් බෑමේ අර්ථයක් නැහැ...

:       10       3

nihal Sunday, 19 January 2020 02:56 AM

අපේ යුo හමුදාවට කිව්වනම් එක දවසයි ...දෙකයි ...පාලම හැදිලා .

:       0       3

rUCHIRA Monday, 20 January 2020 05:42 AM

මං හිතන්නේ මේ පාලම හදාඇත්තේ ගමට එන්නට තියෙන පාර දුර බැවින්... එමනිසා පාලමක් තනා ගමේ ඇති සුන්දර බව විනාශ නොකර ගමට අවශ්‍ය ගමනාගමනය සඳහා අඩුමගානේ පැයකට සැරයක් ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් වර්ධනය කරන්නේ නම් මේම අනතුරුදායක ගමනට තිත තැබිය හැකිය.

:       2       0

P. de. silva- North America Monday, 20 January 2020 12:31 PM

ඈත එපිට ගම්වල අමුඩ ගසාගෙන කුඹුරු කොටපු තාත්තලාගේ දරුවෝ රජ කරන වකවානුවල පිටිසර ගම්වල අසරණ ජනතාව විඳින දුක් ගැහැට අපමණයි. එසේ තිබියදී මේ කොලොම්පුර සහ එම දිස්ත්‍රික්කය අවට පමණක් අලංකාරකොට දියුණු කිරීම විහිළුවකි. විදේශිකයින්ගේ ආකර්ෂණය උදෙසා සහ නාගරික පැලැන්තිය සඳහා ඇවිදින මංතීරු ආදරවන්තයින්ට හැසිරෙන වැනි දේට වඩා මේ අසරණ ජනතාව ගැන සොයා වැඩි උනන්දුවක් දක්වා ඒ වෙනුවෙන් කැප වී වැඩ කිරීම ඉමහත් පිනක් සේ සිතමි.

:       0       1

Nimal Tuesday, 21 January 2020 02:30 PM

මේගොල්ලෝ මේකෙන් නැගලා බැහැලාද නොවැම්බර් මාසේ ඡන්දෙ දෙන්න ගියෙත්?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 178 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1334 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1254 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1265 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1344 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1176 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24071 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23242 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site