IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


'ගෑස් පිපිරීම් ගැන කතා කරන්න උපදේශක කාරක සභාව කැඳවන්න'

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ගෑස් සිද්ධි ගැන  අදාල පාර්ශව කැඳවා  සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාව  අද (30) දිනයේ  කැඳවන්නැයි  අදාළ  රාජ්‍ය ඇමැතිවරයාට දැනුම් දෙන බව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය.

සියලුම පාර්ශව ඒ සඳහා කැඳවන්නැයිද කතානායකවරයා දැනුම් දුන්නේය.

ඔහු මෙසේ පැවසූවේ  ගෑස් අනතුරු සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසූවේ  සාමාජික සහ සාමාජික නොවන මන්ත්‍රීවරුන්ටද  මේ කමිටුව සඳහා ආරාධනා කරන බවයි.

මෙයට අමතරව අදාල ආයතනද මෙම කමිටුවට කැඳවන බව පැවසූ හෙතෙම මෙම ගැටලුව විසඳීමට තමා සූදානම් බවද ප්‍රකාශ කළේය.

ගෑස්  සාම්පල සම්බන්ධයෙන් තමාට වාර්තා කිහිපයක් අද හෙටම ලැබීමට නියමිත බවත් එම සියලුම වාර්තා මොරටුව විශ්ව විශ්වවිද්‍යාලයට යොමු කර ඔවුන්ගේ මතය විමසීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

විපක්ෂය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇසීම තමා අගය කරන බව පැවසූ ඒ මහතා එවිට තමන්ට  මේ සම්බන්ධයෙන් සූදානම් වීමට හැකියාව ලැබෙන බවද  සඳහන් කළේය.

එම පරීක්ෂණ වාර්තා සියල්ල හෙට හෝ අනිද්දා මේ සභාවට ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.

මේ අතර රටේ කිසිම ප්‍රදේශයක ගෑස් සිලින්ඩර පිපිරීමක් සිදුවී නැති බව  තොරතුරු වාර්තාවී ඇතැයිද  අලගියවන්න මහතා මෙහිදී පැවැසීය.



අදහස් (3)

'ගෑස් පිපිරීම් ගැන කතා කරන්න උපදේශක කාරක සභාව කැඳවන්න'

Hafeel Tuesday, 30 November 2021 11:14 AM

විපක්ෂය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇසීමෙන් මෙයා මේ සම්බන්ධයෙන් සූදානම් වෙනවාලු... නැත්නම් සූදානම් නැහැ. අපිට කියන්න තියන්නේ මෝඩ කමේ උපරිම. ඊළඟ ඡන්දයේදී හෝ බුද්ධිමත්ව ඡන්දය ප්‍රකාශ කළා නම් හොඳයි. අනිවාර්යයෙන්ම ඊළඟ පාර හලන්න ඕන එකක්...

:       0       0

sharm warn Tuesday, 30 November 2021 11:22 AM

උපදේශක කාරක සභාවක් .වෙන රටක මෙහෙම දෙයක් වෙනෙකොට මොනවද ගනන පියවර මම කියන්නේ ප්‍රතිපත්ති තියෙන රටක්

:       0       0

කිරි පුතා Tuesday, 30 November 2021 01:03 PM

අතගගා ඉන්න. තව විනාශ වෙලා ජනතාවට දරාගන්න බැරිවුණාම පාරට බහියි ....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 14 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 67 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 318 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 877 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 519 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2300 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 661 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site