IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ගෑස් පිපිරීම් ගැන පාර්ලිමේන්තු උපදේශක සභාවේදී තීරණ රැසක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී  විශේෂ  තීන්දු ගණනාවකට එළඹුණු බව  පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

මේ අනුව ගෑස් සිලින්ඩර  ගඳ සුවඳ පරික්ෂා කිරීමෙන් පසුව  වෙළෙඳපොළට අද (1) සිට නිකුත් කිරීමටද   තීරණය කෙරිණ.

එසේම ගෑස් සිලින්ඩර මෙරටට රැගෙන ඒමට පෙර නැව්වලදීම  ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී එකඟත්වයක් ඇති විය.

වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  අද (1) පෙරවරුවේ රැස් විය.

හදිසියේ සිදුවන ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීමට සහ ඊට විසදුම් විමසීමට  මෙම උපදේශක කාරක සභාව රැස් වූයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුවය.

පාරිභෝගික කටයුතු  රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද මෙම සාකච්ඡාවට සහභාගී විය.

පාර්ලිමේන්තුවේදී  විපක්ෂය ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයක් පිළිබඳවද  අදාල පාර්ශව සම්බන්ධ කරගෙන මෙහිදී දීර්ඝව සාකච්ඡා  කෙරිණ.

ගෑස් සංයුතියේ වෙනස් කිරීම වත්මන් පුපුරායෑම් වලට බලපෑමක් කළේද යන්න ගැනද, උසස් ප්‍රමිතියෙන් යුතු උපාංග භාවිතයේ ඇති වැදගත්කමද, , ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලබාගෙන එම නිර්දේශ ඉක්මනින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද,යම් යම් එකඟතාවයන්ට  මෙහිදී  එළඹුණු බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

පැමිණ සිටි සියලු පාර්ශව වලින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් මෙහිදී අදහස් ලබා ගැනිණ.

විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රශ්න කිහිපයක් මතු කරමින් ඒවාට හැකි ඉක්මනින් ලිඛිතව හෝ පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය.

මෙම සාකච්ඡාවට  වෙළෙඳ අමාත්‍යාංශය, සමූපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, නිපුනතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නිමයුම් රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, මිණුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව, ලිට්රෝ ගෑස් සමාගම, ලාෆ්ස් ගෑස් සමාගම, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන ආයතනය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, බලශක්ති අමාත්‍යාංශය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන වල නිලධාරීහුද   ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හිටපු මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක සහ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොලගේ  සහ ඛනිජ තෙල් පිළිබඳ විශේෂඥ නිමල්ද සිල්වා යන මහත්වරුද සහභාගි වූහ.

මීට අමතරව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක  ලක්ෂ්මන් කිරිඇල්ල,  වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිළ, නිමල් සිරිපාලද සිල්වා, මහින්දානන්ද අලුත්ගමගේ   යන ඇමැතිවරුන්ද රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද  මෙයට  සහභාගි වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි. 



අදහස් (2)

ගෑස් පිපිරීම් ගැන පාර්ලිමේන්තු උපදේශක සභාවේදී තීරණ රැසක්

සිල්වා Wednesday, 01 December 2021 07:57 PM

වෙළෙඳ පලේ තිබෙන සියළු ගෑස් සිලින්ඩර් වහාම ක්‍රියාත්මක වන පරිදි ගෑස් සමාගම වෙත ආපසු ලබා ගැනීම තුළින් මහජනතාව පලමුවෙන් ආරක්ෂා කලයුතුය. නිසි පරිදි ප්‍රමිතියෙන් යුතු ගෑස් සිලින්ඩර් නැවත නිකුත් කලයුතුය.

:       0       18

SISIL Wednesday, 01 December 2021 08:10 PM

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රශ්න කිහිපයක් මතු කරමින් ඒවාට හැකි ඉක්මනින් ලිඛිතව හෝ පිළිතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය. ප්‍රශ්නයට විසඳුම ලිඛිතව හෝ පිළිතුරු ඉල්ලා සිටීම නොවේ. ලිඛිත පිළිතුරු මගින් සෑහීමකට පවතින විපක්ෂයක්...

:       6       4

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 496 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 892 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 464 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1248 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 700 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3056 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1889 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site