IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


’’ගෑස් මිල වැඩි කරන්නෑ’’

(යොහාන් භාසුර)

 

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නොදමන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පැවසීය.

ගෑස් මිල සූත්‍රයට අනුව රුපියල් 470 ක පමණ මිල ඉහළ යෑමත් මේ අවස්ථාවේ කළයුතු වුවද මිලියන හයක් පමණ වන ලිට්‍රෝ පාරිභෝගික ජනතාවට සහනක් දෙමින් ගෘහස්ථ ගෑස් මිල ඉහළ නොදමන බවත් මෙවැනි ආකාරයට මිල වැඩි නොකිරීමට හේතුව කාර්යක්‍ෂම තොග කළමනාකරණය සහ ලෝක වෙළෙඳපොලේ ගෑස් මිලේ වෙනස්වීම් සහ මිල දර්ශකය පිළිබඳව නිරන්තර අවදානයෙන් සිටීම බවත් මුදිත පීරිස් මහතා කීය.

මෙම වසරේ අඩුම ගෑස් මිල ලෙස පසුගිය මස ඩොලර් 380 ක් වැනි පහළ අගයකට පත්වූ බව නිරීක්‍ෂණය කිරීමෙන් පසුව ගෑස් මෙටි්‍රක්ටොන් 8,000 කට අධික ප්‍රමාණක් ඇනවුම් කර පසුගිය මස ද රුපියල් 204 ක සහනයක් දුන් බව කී ඒ මහතා මේ වන විට ඩොලර් 85 කට වැඩි අගයකින් මිල වැඩි වුවද ගෑස් සමාගමකට වැඩි සමාජ වගකීමක් ලෙස සළකා මිල වෙනස් නොකිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.  

ලෝක වෙළෙඳපලේ ගෑස් මිල කොපමණ වැඩි වුවත් මූල්‍ය අර්බුදයට පත්ව සිටින ශ්‍රී ලංකාකියන්ට අඩු මිලට ගෑස් දීමේ හැකියා ලිට්‍රෝ සමාගම සතුව පවතින බව කී සභාපතිවරයා පැවසුවේ ලිට්‍රෝ ආයතනය ද ශක්තිමත්ව තබාගෙන මීට සති දෙකකට පෙර භාණ්ඩාරයට කෝටි 150 ක් ලාභාංශ ගෙවීමට හැකි වූ බවත්ය.

කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 2982 ක ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1198 ක ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 561 ක ද, තව දුරටත් පවතින බව ද මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කොළඹ 2 පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ මූලස්ථානයේදී අද (4) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.



අදහස් (2)

’’ගෑස් මිල වැඩි කරන්නෑ’’

චිරන්ත Friday, 04 August 2023 01:52 PM

සභාපතිතුමාට බෙහෙවින් ස්තුතියි කියන්න පුළුවන්... මොකද අද මට ගෑස් අවශ්‍ය වෙලා කඩවල් දහයකින් පමණ විමසුවා... සමහරක් මුදළාලිලා ගෑස් තියෙන පැත්තේ දොරවල් වසාගෙන හිටියා. තවත් සමහරක් අය ගෑස් සිලින්ඩර නොපෙනෙන ආකාරයට සඟවා තිබුණා... කියන්නේ හිස් සිලින්ඩරවත් දකින්නට නොලැබුණු නිසා තමයි...

:       0       6

Dharmapala Friday, 04 August 2023 07:50 PM

නියමයි මුදිත, විශිෂ්ඨයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට
2024 ඔක්තෝබර් මස 15 1 0

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා


උදුල් ප්‍රේමරත්නට-බිරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග
2024 ඔක්තෝබර් මස 15 50 0

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන


නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා
2024 ඔක්තෝබර් මස 15 115 0

අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්


උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 15 44 0

නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය


කැකනදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 197 0

මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.


ජෛව සම්පත් රැස් කළ රුසියානු සිසුන් දෙන්නාට කෝටි 11 ක දඩයක්
2024 ඔක්තෝබර් මස 15 307 0

සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන්


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 487 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1460 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site