ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල රජය අතරේ නව සටන් විරාමයක් ලබන සඳුදා (4) ආරම්භ වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
බයිඩන් මෙසේ පැවැසුවේ, නිව්යෝක් නුවර සිය මැතිවරණ කටයුතුවල යෙදෙමින්, අයිස් ක්‍රීම් අවන්හලකට ගොස්, අයිස් ක්‍රීම් රස බලමින් සිටියදී, අවන්හල ඉදිරිපස සිටි මාධ්‍යවේදියකු කෑ ගසමින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මධ්‍යවේදියා බයිඩන්ගෙන් ඇසුවේ, ඊශ්‍රායල හමාස් යුද්ධය අවසන් වන්නේ කවදාද යන්නය.
‘දීර්ඝ විස්තරයක් කරන්න මට පුළුවන් කමක් නැහැ. තවමත් හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ සාකච්ඡා පැවැත්වෙනවා. ඒත් මට කියන්න පුළුවන් ලබන සඳුදා වෙද්දී, සටන් විරාමයක් ආරම්භ වේවි.’ යැයි බයිඩන් පැවැසුවේ, අයිස් ක්‍රීම් තොල ගාමිනි.
ඇමෙරිකන් ජනාධිපතිවරණය, මෙම 2024 වසරේ නොවැම්බරයේ පැවැත්වීමට නියමිත අතර, ඩිමොක්‍රටික් පක්ෂයෙන් බයිඩන් ඊට ඉදිරිපත් වෙයි. ඊට පෙර, ජනපද මට්ටමින් ඡන්ද පැවැත්වෙයි. ඒ, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයා වීමට ඇති ජනප්‍රියත්වය උරගා බලමිණි.
ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී, බයිඩන් පරිපාලනයේ සහාය හිමිවන්නේ ඊශ්‍රායලයටය. ඊශ්‍රායලය දිගින් දිගටම, ගාසා තීරයට පහර දෙද්දී, පලස්තීන සිවිල් වැසියන් මියයෑම, පලස්තීන වැසියන් සමූල ඝාතනයක් යැයි ඇමෙරිකන් තරුණ ප්‍රජාවගේ අදහසය. ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී බයිඩන්ගේ සහාය ඊශ්‍රායල රජයට හිමිවීම එලැඹෙන ජනාධිපතිවරණයේ දී අවාසියක් වනු ඇතැයි ද පැවැසෙයි.
නිව්යෝක් නුවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කර, ධවල මන්දිරයට යෑමෙන් පසු, බයිඩන් සිය ආරක්ෂක අංශ උපදේශකයන් ද හමුවී සාකච්ඡා පවත්වා මාධ්‍ය හමුවක් කැදවීය.
එහිදී ඇමෙරිකන් ජනාධිපතිවරයා ඊශ්‍රායල හමාස් සටන් විරාමය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අනාවරණය කළේය. රාමදාන් මාසය නිමිත්තෙන්, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමෙන් වැළැකී සිටීමට ඊශ්‍රායල රජය එඟත්වය පළ කළ බව බයිඩන් එම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.
මේ අතර, ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව ඊශ්‍රායලය ‘ජනසංහාර’ සිදු කරන්නේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගෙන් කොළ එළියක් ලැබී ඇති නිසා බවත්, පලස්තීන වැසියන් කිසි දිනෙක බයිඩන්ට සමාව නොදෙනු ඇති බවත් හමාස් සංවිධානය කියයි. ජෝ බයිඩන් ඉතාමත් නින්දිත ජනාධිපතිවරයකු ලෙස ඇමෙරිකන් ඉතිහාසයට එක්වනු ඇතැයි ද හමාස් සංවිධානය වැඩි දුරටත් පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගාසා සටන් විරාමය ලබන සතියේ - බයිඩන්
චන්දන Tuesday, 27 February 2024 01:47 PM
දැන් පැහැදිළියිනේ ලොකයේ යුද්ධ පවත්වාගෙන යාම තීරණය කරන්නේ කවුද කියලා..!