(විනීතා එම් ගමගේ)
මෑතක දී වෙළදපොළට හඳුන්වා දුන් ලීටර් 18 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයේ රසායනික සංයුතිය වෙනස් කර වඩාත් කාර්යක්ෂම කර ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමෙන් පවසන නමුත් පැරණි සිිලින්ඩරයේත් නව සිලින්ඩරයේත් ඇත්තේ එකම සංයුතියක් බව පාරිභෝගික සේවා අධිකාරිය කරවන ලද රසායනාගාර පරික්ෂාවකින් හෙළි වූ බව එම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි.
කිලෝ ග්‍රෑ 12.5 ක බරින් යුතුව තිබු ගෑස් සිළින්ඩරයේ බියුටේන් සියයට 80 ක් ද ප්‍රොපේන් සියයට විස්සක් ද පැවැති බවත් ලීටර් 18 ක් ලෙසින් හඳුන්වා දුන් නව සිලින්ඩරයේ බියුටේන් සියයට පණහක් හා 60 ක් අතර ද ප්‍රොපේන් සියයට 40 හා 50 අතර ද පවතින බව එම සමාගම පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දුන් නමුත් මොරටුව විශ්ව විද්‍යාලය පර්යේෂණාගාරයක දී සිදුකළ පරික්ෂාවකින් හෙළි වූයේ පෙර සිලින්ඩරයේ මෙන්ම නව සිලින්ඩරයේ ද ගෑස්වල සංයුතිය පවතින්නේ බියුටේන් සියයට 50 හා ප්‍රොපේන් සියයට 50 වශයෙන් යැයි ද ගුණවර්ධන මහතා කීය
ඔවුන් දැන්වීම් හරහා ද මෙම තොරතුර ජනතාව අතරට යවා ඇති බවත් එයින් පාරිභොගිකයා රවට ඇති බවත් කී ගුණවර්ධන මහතා මේ සම්බන්ධව එම සමාගමට නඩු පැවරීමට පියවර ගන්නා බව ද පවසයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෑස් සමාගම් පාරිභෝගිකයා රවටලා
pradeepa Monday, 17 May 2021 02:38 PM
අපි දැන් බලාගෙන ඉන්නවා ඇමැතිතුමාගේ වැඩ මොනවද කරන්නේ කියලා. ඔය රිපෝට් එක එනකම්නේ හිටියේ.
Nimal Monday, 17 May 2021 03:39 PM
අපේ රටේ වැඩි දෙනෙක් මුදල් උපයන්නේ වංචා සහගතවය. ගමේ ඇති පුංචි කඩයේ සිට, මෙවැනි මහා ව්‍යාපාර දක්වා එය පැතිරී ඇත. කොතැන ගියත් අපි සිහි බුද්ධියෙන් සිටියේ නැතිනම් කුමක් සිදුවේ දැයි කිව නොහැකිය. අහෝ අපේ රටට ගිය කලක්.
Don perera Monday, 17 May 2021 07:34 PM
සර්ට කියන්න.