IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ගෘහස්ථ ගෑස් පිපිරීම් ගැන පොලිස් පරීක්‍ෂණ

(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

ගෘහස්ථ ගෑස් සිලින්ඩර කාන්දුවීම, ගිනි ගැනීම හෝ පුපුරායාමෙන් සිදුවන අනතුරු සම්බන්ධයෙන් පොලිසිය ආරම්භ කර ඇති විමර්ශනවලට අදාල තොරතුරු රැස්කිරීමේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබේ.

කිසියම් ප්‍රදේශයක ගෑස් සම්බන්ධ අනතුරක් සිදුවහොත් අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා අදාල ගෑස් සමාගම ද, අදාල කොට්ඨාස බාර නිලධාරියා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද, දැනුවත් කළ යුතුය.

පොලිස් විමර්ශනවලට සහාය වීම සඳහා ලිට්‍රෝ සහ ලාෆ් යන සමාගම්වලින් නියෝජිතයා බැගින් ද පත්කර තිබේ.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් මෙම උපදෙස් පත්‍රිකාව සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, කොට්ඨාස භාර නිලධාරීන්ට සහ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරුන්ට යොමුකර තිබේ. 



අදහස් (10)

ගෘහස්ථ ගෑස් පිපිරීම් ගැන පොලිස් පරීක්‍ෂණ

kapila Monday, 29 November 2021 08:57 PM

විමර්ශන වලට ගෑස් සමාගම් නියෝජිතයින් පත් කිරීම හොරාගෙන් පේන අහනවා වගේ වැඩක්. පත්කරන අයට මොලේ නැද්ද මන්දා ?

:       0       0

Soma dubayi Monday, 29 November 2021 10:17 PM

විශිෂ්ට තීරණයක් මැතිතුමනි

:       0       0

බද්රානි Monday, 29 November 2021 10:45 PM

අර පහුගිය දිනුම් කාලේ පත්තු කරපු රතිඥා වලට වඩා ගොඩක් සද්දෙයි මේ ගෑස් ටැංකි පුපුරලා එන සද්දේ ඒ වගේම හරිම අලංකාරයි නේද? ධර්මයට ලැදි ධාර්මික මිනිස්සු ඉල්ලන ඉල්ලීම් දෙවියන් කවදාවත් නොදී ඉන්නේ නැහැ. දෙනවා ආයේ නියමෙටම. අනික ඉතින් දේශීය අල බතල වලින් පෝෂණය වන අපට පාන් මිල වැඩිවීමත් ආශිර්වාදයක් වෙලා..

:       0       0

hesa Monday, 29 November 2021 10:51 PM

එහෙම හොඳයි. මෙහෙම ගෑස් සිලින්ඩර්ස් පිපිරීම් නම් සමාන්‍ය සිදුවීම් වෙන්නම බැරි දෙයක්. මේ ක්‍රියාවලි පිටුපස ඉන්නේ කවුද යන්න රහස් පොලිසියට සොයාගැනීම අපහසු දෙයකුත් නෙවේ. අනික මෙවැනි ක්‍රියා කරන්නෙත් පරන පුරුදු අයම වෙන්නත් පිලිවන..

:       0       0

hesa Tuesday, 30 November 2021 01:07 AM

මේකටවත් හරි විසඳුමක් දෙන්න

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 30 November 2021 07:08 AM

මොකක්ද මේ පොලිස්පතිතුමා කරලා තියෙන වැඩේ තේරුම.. ගෑස් ටැංකි පිපිරුවාම නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කරන්නලු. එතකොට පුපුරනතුරු පොලීසිය බලාගෙන ඉන්නවා. අපූරු පොලිසිය.. මේ කාලේ ගෑස් ටැංකි කියන්නේ බෝම්බ. බෝම්බ පුපුරායාමෙන් පසු පොලිසියට පැමිණිලි කරාම ඔක්කොම හරි. පිපිරීම සිදුවුණාම පැමිණිලි කරන්න මිනිසුන් යහතින් ඉඳියිද දන්නේ කොහොමද...?

:       0       0

mp Tuesday, 30 November 2021 07:40 AM

රජයේ වැරදි, ආයතනවල වැරදි නිසා සිදුවෙන මෙම ජීවිත හානි පොලිසියට වළක්වන්න පුළුවන්ද...?

:       0       0

චන්දන Tuesday, 30 November 2021 07:44 AM

මේ කිසිඳු තැනක ගෑස් ටැංකි පුුපුරලා නැහැ. රෙගියුලේටර වලින් තමා ප්‍රශ්නය මතු වෙලා තියෙන්නේ... ඒකට හේතු 2යි. එකක් රෙගියුලේටර නිසි පරිදි ක්‍රියා නොකිරීම... අනෙක ප්‍රොපේන් ප්‍රතිශතය වැඩිවීම... අධික පීඩනයට රෙගියුලේටර ඔරොත්තු නොදීම...

:       0       0

යෝගා Tuesday, 30 November 2021 07:54 AM

පැහැදිලිවම ගෑස් සංයුතියේ වෙනසක් වෙලා තියෙනවා. ඒකයි කලින් කාන්දු නොවිච්චි තැන්වලින් දැන් එහෙම වෙන්නේ. මේක පිළිගත්තොත් සමාගමට අදාල සියළු සිලින්ඩර මාරුකරලා දෙන්න වෙනවා..

:       0       0

Hafeel Tuesday, 30 November 2021 10:04 AM

ලිට්‍රෝ සහ ලාෆ් සමාගම්වලින් නියෝජිතයන් මේ විමර්ශනවලට සම්බන්ද කලොත්, ඔතන සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 14 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 68 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 318 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 877 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 519 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2302 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 661 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site