IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගිහි කල වැරදිවලට දඩුවම් ඉල්ලා හිමිනමක් පොලිසි ඇවිත්

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ගිහියකුව සිටියදී කරන ලද සොරකම් සම්බන්ධයෙන් පොලිසියට කොටු නොවූ බවත් එම සොරකම්වලට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබා දෙන තෙක් හිතට සහනයක් නොමැති බවත් කියමින් තරුණ භික්ෂූන් වහන්සේ නමක ගම්පහ, යක්කල පොලිස් ස්ථානය වෙත අද ( 4) පැමිණ ප්‍රකාශයක් කළේ යැයි  යක්කල පොලිසිය සඳහන් කරයි.

මෙම භික්ෂූන් වහන්සේ පොලිසියට පැමිණියේ සිය මව ද කැටිවය.

 භික්ෂූන් වහන්සේ පොලිසිය භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.

තමන් ගිහියකුව සිටියදී මීට වසර අටකට පමණ ඉහතදී කරන ලද මෙම සොරකම් වලට  අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදෙන තෙක්  බණ භාවනා කරමින් මහණදම් පිරීමට  තරම් හිතට සහනයක්  හෝ සැනසිල්ලක් හෝ නොමැති බව මෙම භික්ෂූන් වහන්සේ පවසන්නේ යැයි පොලිසිය කියයි.

ගිහියකුව සිටියදී තමන් කළ මෙම සොරකම් සම්බන්ධයෙන් නිතර හිතට වද දෙන බවත්  එම සොරකම්වලට දඬුවම් විඳ හිතට සහනයක් සැනසිල්ලක් ලබා ගත යුතු නිසා පොලිසියට බාර වීමට තීරණය කර මේ බව මවට ද පවසා ඇය ද සමග පොලිසියට පැමිණි බව මෙම භික්ෂූන් වහන්සේ වැඩිදුරටත් පොලිසියට පවසා ඇතැයි කියති.



අදහස් (16)

ගිහි කල වැරදිවලට දඩුවම් ඉල්ලා හිමිනමක් පොලිසි ඇවිත්

Prabha Thursday, 04 April 2024 11:07 PM

පසුතැවිල්ල තමා දඬුවම

:       2       30

James Friday, 05 April 2024 01:08 AM

ගෞරවය !!!. උන්වහන්සේට මේ ආයුකාලයේදීම නිවන් දකිත්වා!

:       0       47

KUMARA Friday, 05 April 2024 05:00 AM

බෞද්ධයෙකු ලෙස මේ පුවත දැකීමෙන් අතිශය සතුටට පත් වන අතර උන්වහන්සේට නිර්වාණය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවන් වෙනස්වීමකට පත් වීමට බලපෑ චින්තන පසුබිම, අත්දැකීම්, භාවනා ක්‍රම ආදිය වැරදි කළවුන් පුනරුත්ථාපනය, මානසික සැනසීම, ආතතියෙන් මිදීම වැනි දේ වලට උපයෝගී කර ගැනීමට මනෝ විද්‍යාව හෝ උපදේශනය පිළිබද පර්යේෂණ පවත්වන විද්‍යාර්ථීන්, පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට ඉතා වටිනා දැනුමක් උකහා ගත හැකි case study එකක් බව පෙනී යනවා.

:       0       62

චින්තක Friday, 05 April 2024 05:33 AM

කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ

:       16       11

Lal Friday, 05 April 2024 08:23 AM

බොරු සෝබන ...

:       57       10

w. g. navarathna Friday, 05 April 2024 09:43 AM

නියම දහම ට අනුගත වෙලා බලන්න. එවිට තෙරෙයි සොබනද කියලා.

:       3       50

M.Athukorala. Friday, 05 April 2024 08:27 AM

සියළු පරන දේ අමතක කර මහන දමි හරියට පුරන්න.

:       2       30

Rifan Friday, 05 April 2024 08:27 AM

මේ රට තුල සොරකම් කරන සහ සොරා කෑ සියළුදෙනා මෙහෙම හිතනවා නම්, මේ රට කොතරම් සුන්දර වේවිද?. මේ ක්‍රියාව රටට ම ආදර්ශයක්

:       0       44

පිටරටවැසියා Friday, 05 April 2024 08:30 AM

ඇත්තටම සිල්වත් භික්ෂුවක්. එකට සමහරක් භික්ෂුන් කරන තරමක් වැරදි කරන්නෙ, චීවරය දරාගෙන මහණදම් පුරමින් මුළු සාසනයම කනවා ....ඔය TV වල දේශපාලුවන්ට ආවඩමින් වොයිස් කට් දීගෙන ඉන්නෙ එහෙම කට්ටිය තමයි...

:       1       27

සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 April 2024 08:47 AM

අනේ මොනතරම් හිතට එකඟව කටයුතු කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්ද මේ.සාදු සාදු සාදු.නිර්මල බුදු දහම අපවිත්‍ර කරන ඇතැම් අය සිටිනා යුගයක ඔබවහන්සේ වැනි උතුම් සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් දැකීම විරලය.ඇත්තෙන්ම මේ පුවත දුටු මාගේ සිත කම්පාවට හා මවිතයට පත්වුණා.මා මෙන්ම සැබෑ සත්‍ය දහම අගයන අනෙකුත් අයගේද අදහස එයම යයි සිතමි. ඔබවහන්සේට සැබෑ දහමෙහි මිහිරි සත්‍ය සුවය තව තවත් අවබෝධ වේවා.

:       0       43

සජීව Friday, 05 April 2024 10:36 AM

අතීතං නානු සෝචෙන්ති නප්ප ජප්පන්ති නාගතං පච්චුප්ථන්නේන යාපෙන්ති තේන වණ්ණේ පසීදති “අතීතය ගැන සිතා ශෝක නොකරන්න. අනාගතය ගැන මෙනෙහි කරමින් ප්‍රාර්ථනා පොදි බැඳගෙන ශෝක නොකරන්න. වර්තමානයෙහි සතුටින් ජීවත් වන්න. ඔබ නීරෝගී වේවි, ඔබ ප්‍රසන්න අයෙක් බවට පත්වේවි.”

:       0       15

Sajeewa Sandaruwan Nugawela Friday, 05 April 2024 10:36 AM

අතීතං නානු සෝචෙන්ති නප්ප ජප්පන්ති නාගතං... පච්චුප්ථන්නේන යාපෙන්ති... තේන වණ්ණේ පසීදති “අතීතය ගැන සිතා ශෝක නොකරන්න. අනාගතය ගැන මෙනෙහි කරමින් ප්‍රාර්ථනා පොදි බැඳගෙන ශෝක නොකරන්න. වර්තමානයෙහි සතුටින් ජීවත්වන්න. ඔබ නීරෝගී වේවි, ඔබ ප්‍රසන්න අයෙක් බවට පත්වේවි.”

:       0       9

රංබොඩ Friday, 05 April 2024 11:32 AM

හදවතට එකඟව භාගයවතුන් වහන්සේ කියාදුන් මග යන්න පය තැබූ උත්තමයෙක්. ඒ ගැන අවබෝධයෙන් මෙහි කරුණු දැක්වූ සියලුදෙනා ගැනම සතුටු සිතෙයි.

:       2       8

Che Friday, 05 April 2024 01:01 PM

අතීතයත්, අනාගතයත් අතහැර වර්තමානයේ ජීවත් වන්න. බුදු බණ නිසි පරිදි වටහා ගෙන පිළිපදින්න...

:       0       5

බද්රානි Friday, 05 April 2024 01:27 PM

දැන් සිටින තත්වය කුමක් වුවත්, තමන් කළ වැරදි තමන් විසින්ම පිලිගන්නවා නම්, නීතියෙන් දඬුවම් ලබා දිය යුතුයි... නමුත් යම් කිසිවෙක් සමාජය නොමඟ යවා, "සමාජ පොරක්" වීමට උත්සහ කරනවා නම්, අනිවාර්යයෙන් සිරගත කළ යුතුයි... අනික, තක්කඩියන්ගේ සංදර්ශන මේ ලංකාවේ අඩුවකුත් නැහැනේ...විගඩම් වලට වශීවෙලා කුල්මත් වෙන මෝඩයෝනේ ලංකාවේ වැඩිපුරම ඉන්නේ... අපි නම් අහුවෙයි ඕවට..?

:       8       6

ගොබ්බ ගෑනී. Friday, 05 April 2024 09:33 PM

අනේ බද්‍රාණී, ඊරියක් අර මොනවදෝ දෙයක් කෑමට ප්‍රිය වුණාට කිරිබත් වලට ආසා නැතිලු.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 714 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 529 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 759 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 574 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 489 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 308 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site