IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක්:අයෙක් මරුට

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අයිස් ජාවාරමේ යෙදුණු බව කියන පුද්ගලයකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් කීපදෙනකු විසින්  කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ ජාවාරම්කරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා මාදම්පිටිය කනත්ත අසල ත්‍රිරෝද රථයක පිටුපස ආසනයේ සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

එම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 35 ක්  වන මිහිජය සෙවණ ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම සදහා සැකකරුවන් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත රක ඇති බව පොලිස් ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවට පොලිසිය සැකපළ කරයි.

සී.සී.ටී.වී දර්ශන ඔස්සේ විමර්ශන අරඹමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කොළඹ උතුර දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එස්.කේ. රූපසිංහ මහතාගේ උපදෙස් පරිදි ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එස්. හැරිසන් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 



අදහස් (0)

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක්:අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

දියත

H P V එන්නතින් පසු රෝගී වූ සිසුවියන් 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 16 1 0

ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන එච් පි වි එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල් ගත කර ඇතැයි අඟුරුවාතොට පොලිසි


ලංකා කෘෂිකර්මාන්තය විධිමත් කරනවා
2024 ඔක්තෝබර් මස 16 389 0

අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර ක


වතුර වළකට වැටී සිසුවෙක් මරුට
2024 ඔක්තෝබර් මස 16 252 0

සිය වැඩිමහල් සොහොයුරියගේ රැකවරණය යටතේ ඇති දැඩි වුණු පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද (16) කොටදෙනියාව මීරිගම මාර්ගයේ මල් පැළ තවානට නුදුරින් පිහිටි දි


මන්නාරම විනිසුරුට එරෙහි පෝස්ටර් මුද්‍රණය කළ හිමිකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 16 504 0

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයා ට එරෙහිව කොළඹ ප්‍රදේශයේ අලවා තිබූ මඩ පෝස්ටරය මුද්‍රණය කළේ යැයි කියන යක්කල ප්‍රදේශයේ මුද්‍රණාල හිමිකරුවා ලබන 18 දින දක්ව


ගෝලීය අවශ්‍යතා සලකා අධ්‍යාපනය සකස් විය යුතුයි
2024 ඔක්තෝබර් මස 16 1317 0

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා


ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක්:අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 16 1121 0

අයිස් ජාවාරමේ යෙදුණු බව කියන පුද්ගලයකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් කීපදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ ජාවාරම්කරු කොළඹ ජාතික රෝහ


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 555 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 479 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1505 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site